• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද වඳ ‌දොස්තර කියලා පොහොට්ටුවේ සෙට් එකයි මාධ්‍යයි විනාශ කරපු දොස්තර ෂාෆි සහබ්දීන්! මේ නිසා දොස්තරගෙ දරුවන්ට ඉස්කෝලෙ යන්නත් බැරි වුණා! දරුවන් ඉස්කෝලෙන් අස්කරගෙන මුලු පවුලම හැංගුණා! අන්න ඒ දොස්තරගෙ දියණිය ශාෆි පාතිමා මෙච්චර කරදර මැද්දෙත් A 9ක් අරන් ඉහළින්ම පාස් වෙලා!

November 27, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
කාන්තාවන් වඳ කළා කියලා ජන්ද කාලයේ යකා නැටුවා! අන්න දැන් දොස්තර ෂාෆිට ගෙවිය යුතු සියලු වැටුප්-දීමනා-අතුරු දීමනා-ජීවන වියදම් දීමනා ඔක්කොම ජුලි 10ට කලින් ගෙවන්න උසාවියේදිම පොරොන්දු වෙලා! කෝ මේ රතන හාමුදුරුවො?
Share on WhatsAppShare on Facebook

වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ සම්මාන නමයක් සමග සමත් වී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නජිත් ඉන්දික මහතා ඔහුගේ නිල ෆේස් බුක් පිටුවේ තබා ඇති සටහන අපි මෙසේ උපුටා දක්වමු.

මොහොමඩ් ශාෆි ෆාතිමා, දියණියනි ඔබට සුබපැතුම්!❤️

ඊයෙ හවස, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා කියන ආරංචිය ඇවිත් වැඩිවෙලා යන්න කලින් whatsapp පණිවිඩයක් ආවා. ඒකෙ තිබුණෙ පහතින් තියෙන ප්‍රතිඵල සටහන!

එවල තිබුණේ ශාෆි අයියා.

කම්පනයක් එක්ක ආව දැඩි සතුටත් එක්ක මම කෝල් එකක් ගත්තා. එතන තිබුණු ප්‍රීතිමත් කලබලය නිසාම අපේ කතාබහ විනාඩි කීපයකට සීමා වුණා.

” පහුගිය අවුරුදු තුනේදි මේ කෙල්ල මූණ දීපු trauma එක (කම්පනය) එක්ක බැලුවම මේක මාර ලොකු දෙයක් මල්ලි” ඒ ඔහුගේ වචන.

අපි දෙන්නා කතාබහ කරන්න අරගෙන දැන් අවුරුද්දකට වැඩියි. මුළු මහත් සිංහල සමාජයම පාහේ, පටු ජාතිවාදයෙන් ඔද වැඩී ඔහුට ඉතා පහත් ලෙස වඳ සැත්කම් චෝදනා එල්ල කරන්නට හෝ නිහඬවම බහුතරයේ ජඩකම් අනුමත කරන්නට කටයුතු කළ නීච වකවානුවක, මෙවැනි චෝදනාවක් ඇස්පියාගෙන බැහැර කළ හැකි බවට කරුණු දන්නා වෛද්‍යවරු බහුතරය නිහඬව සිටියදී හෝ එයට තවත් පොහොර දාද්දී අපි කිහිපදෙනෙක් හැකි අයුරින්, අපි නොහඳුනන මේ මිනිසාට එරෙහිව සිදුකෙරෙන අසාධාරණ, පහත්, භයානක, ජඩ සෙල්ලමට අඛණ්ඩව විරුද්ධවීමෙන් ටික කාලයකට පස්සේ අපේ හිතවත්කම් ඇරඹුණා.

ඉතාම දීර්ඝ දුරකථන ඇමතුම් වලින් ඒ වේදනාකාරී අත්දැකීම් අපි බෙදාහදාගත්තා. මුළු මහත් ජාතියක් එක්ව තනි මිනිසෙක් සහ ඔහුගේ අසරණ පවුල ඉළක්ක කරමින් සිදුකළ අතිශයින් නින්දිත ජාතිවාදී ප්‍රහාරයේ අත්දැකීමට ඇහුම්කම් දෙනකොට, ඊට විරුද්ධව අඛණ්ඩව විරුද්ධ වුණ කෙනෙකුගේ වුණත් ඇඟකිළිපොලා යනවා.

නමුත් අද වෛද්‍ය ශාෆි ගැන නෙමෙයි, සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වුණ මේ කුඩා දියණියගෙ අත්දැකීම ගැන කතා කළ යුතුයි. අද ඇයගෙ දවස. වැඩිදෙනෙක් නොදන්නා ඇගේ කතාව ඔබ සියළුදෙනා දැනගත යුතුයි!

තමන්ගෙ පියාට මේ අභූත චෝදනාව එල්ල වන විට මේ දියණිය හිටියේ නවය වසරේ. ඉගෙනගත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ. ඒ වෙද්දි ඒ ප්‍රදේශයේ ස්ථාවර වෙච්ච යමක් කමක් තියෙන පවුලක දියණියක්. “බෞද්ධ පාසලක්” යටතට වැටෙන මෙම පාසැලේ මුස්ලිම් දැරියන් විශාල ප්‍රමාණයක් නැතත් ඒ වෙනකම් ඇයට වෙනස්කමක් දැනුනෙ නැහැ. ළමයින්ගෙ ලෝකයේ විෂ අඩුයි. කුණු අඩුයි. ඒක සුන්දරයි. ඒත් දෙමව්පියන්ගේ ලෝක එහෙම නැහැ.

ඇය ඉගෙන ගත්තෙ සිංහල මාධ්‍යයෙන්. ඒ වගේම පාසැලේ ආගම විෂයට ඉගෙන ගත්තෙ බුද්ධාගම!🙂

ඒ වගේම පන්තියේ ඉහළම දස්කම් පෑ ශිෂ්‍යාවක්ද වුණා.

වෛද්‍ය ශාෆිට බොරු වඳසැත්කම් චෝදනා එල්ල වීමත් එක්ක දින දෙකතුනක් ඇතුළත සියල්ල වෙනස් වෙනවා. පහුවදා පුරුදු විදියටම පාසැලට ඇවිත්, පුරුදු පන්තියේ, කුඩා කාලයේ ඉඳන්ම පුරුදු යෙහෙළියන් එක්ක එකට වාඩිවුණු ඇයට ලැබෙන්නෙ හිතාගන්න බැරි අත්දැකීමක්. අවුරුදු ගාණක් එකට හිටි යෙහෙළියන් ඇයට “වඳ දොස්තරගෙ දුව” කියල චෝදනා කරමින් ඇය ඉන්න තැනින් නැඟිටලා යනවා. ඇයව අමානුෂික විදියට කොන් කිරීමකට ලක්කරනවා. කම්පනයට පත්වෙන නවය වසරෙ කුඩා දැරිය අඬාගෙන පාසැලෙන් එළියට දුවගෙන යනවා.

ඒ තමයි කුඩාකාලෙ ඉඳන් දිනපතා ආසාවෙන් ගිය, ඉගෙන ගත්ත, “යාළුවො” සියළුදෙනා හිටිය ඒ පාසැලට ගිය අවසන් වතාව!

ඒ විතරක් නෙමෙයි, ඔබට ඇතැම් විට මතකත් ඇති, ශිෂ්‍යාවන් හට “වඳ සනීපාරක්ෂක තුවා” බෙදුවා කියලත් මේ කුඩා දැරියට චෝදනා එල්ල කළා. ඒ කාලේ ජාතික පුවත්පත් වල පවා එය පළවුණා. ඒකට හේතුව තමයි ඊට ටික කාලයකට කලින්, ඇයගෙ පන්තියෙ යෙහෙළියක් පන්ති කාමරය තුළදී ඔසප් වුණ අවස්ථාවක, ඒ දැරිය ළඟ සනීපාරක්ෂක තුවා නොමැතිවීම නිසා, මේ දියණිය තමන් ළඟ තිබුණු ඒවායින් එකක් ඇයට දීම!🙂

ඔය විදියට තත්වයන් වේගයෙන් වෙනස් වෙනව. පැය කීපයක් ඇතුළත ලංකාවේ “ලොකුම අපරාධකාරයාගේ” පවුලේ යමක් කමක් තේරෙන වැසිමහළු දරුවා ලෙස ඇයට ලෝකයට මුහුණ දෙන්න වෙනවා. වෛද්‍ය ශාෆි අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. අම්මාත් කුඩා සොයුරු සොයුරියන් දෙන්නාත් සමඟ ඇයට මේ සියල්ලට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

උපන් බිමේදිම විෂෙන් පිරුණු මිනිස්සු තමන්ව වටලෑවට පස්සෙ, එයින් බේරිලා මේ පවුල පුද්ගලික සම්බන්දතා කිහිපයක් හරහා අමාරුවෙන් කොළඹ ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසකට යනවා. ඒත් ඒ ස්ථානය පවා වටලන්න, “මේ අම්මාගෙන් සහ දරුවන් තිදෙනාගෙන් සිංහල ජාතිය බේරාගන්න, ජාතිමාමකත්වයෙන් ඔදවැටුණු” පිරිස් එකතුවෙනවා. අවසානයේ ඔවුන්ට ආරක්ෂාව පතා, සිංහලයන් නැති, මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන කල්මුණේට පලා යන්න සිද්ද වෙනවා.

නැවතත් කියනවා නම් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි!

කල්මුණේට යන නවය වසරේ දැරියට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය ඇයට දෙමළ භාෂාව බැහැ. ඇය උපන්දා සිට ඉගෙන ගෙන තියෙන්නෙ සිංහලෙන්. පාසැලේදී ඉගෙන ගත්තේ බුද්ධාගම. නමුත් සිංහල මිනිසුන් විසින් තමන් සහ තමන්ගේ අම්මා තාත්තා “භයානක සතුරන්” ලෙස සලකන තත්වයක ඊට උත්තර නැහැ. ඇය අවුරුදු එකහමාරක් දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබනවා. පාසැලේ ඉගෙන ගන්නා ආගම ලෙස ඉස්ලාම් ඉගෙන ගැනීමට පටන් ගන්නවා.

තමන්ගෙ පියා නිදහස් වෙලා ඇවිත්, තත්වය යම් තරමකට සමනය වුණාම, ඔවුන් නැවත නුවරට සංක්‍රමණය වෙනවා. නැවතත් පාසැල මාරු කරමින්, ප්‍රසිද්ධ නොවන ලෙස, පරිස්සමෙන් ජීවත්වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය දැරිය සියළු විෂයන්ට A සාමාර්ථ සහිතව අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙනවා!

මේ අතරතුර කාලයේ වෛද්‍ය ශාෆිට අහිමි කළ රැකියාවේ හිඟ වැටුප් හිමිවෙනවා.

බොරු චෝදනා යට යනවා.

ඒ බොරුචෝදනා, වඳසැත්කම් ආදියෙන් ජාතිවාදය අවුස්සමින් සෑදූ ආණ්ඩුව කඩා වැටෙනවා.

ජාතිය බේරාගන්න ආණ්ඩු පත්කළ රට නිළවශයෙන්ම බංකොලොත් භාවයට පත්වෙනවා.

ජාතිවාදය මතින් ආ ජනාධිපතිව රටිනුත් එළවා දැමෙනවා.

මේ දියණියගේ කඳුලු මතින් පාර්ලිමේන්තු ගිය පැලෝපීය නාල විශේෂඥ අතුරලියේ රතන, වඳ සැත්කම් පිළිබඳ මහාචාර්‍ය චන්න ජයසුමන, ගර්භාෂ යුද්ධ පිළිබඳ විශාරද විමල් වීරවංශ වැනි කපටි වර්ගවාදීන් ඒ කඳවුරෙන් ඉවත්වෙලා, මැරිලා ඉපදුනායින් පසුව දැන් අපිට අලුත් විසඳුම් යෝජනා කරමින් ඉන්නවා.🙂

ඔය ඔක්කොමත් අස්සෙ මීට අවුරුදු තුනකට කලින්, තමන්ගෙ කුඩා දරුවන් පවා තවත් එවැනිම දරුවෙක්ට එරෙහිව නරක විදියට උසිගන්වපු, කුරුණෑගල මලියදේව බාලිකාවෙ අම්මල තාත්තලා දැන් කොහොම ඒ ගැන හිතනව ඇතිද කියල දැනගන්නත් ආසාවක් තියෙනවා. ඒ ගුරුවරු, පාසැලේ බලධාරීන් එදා මේ දැරියට තමන්ගේ භූමිය තුළදී සිදුවුණු නොපනත්කම් ගැන කණගාටුව ප්‍රකාශ කිරීමක්වත් කළාදැයි දැනගන්න ආසාවකුත් තියෙනවා.

අවසාන වශයෙන් මේ ගැන මට දැනෙන හැඟීම මෙහෙම ලියල තියන්නම්.

මීට අවුරුදු 18 කට කලින් මේ වගේම A අකුරු පමණක්ම තියෙන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහනක් මටත් ලැබුණා. ඒක දැකපු මොහොතෙ ඇතිවෙච්ච සතුටට වඩා සතුටක් මට මේ දැරියගෙ ප්‍රතිඵල සටහන දකින වාරයක් පාසා ඇතිවෙනවා!

දුවේ,

අපිට අපි ගැන ආඩම්බර නැහැ. ඒත් අපිට ඔබ ගැන ආඩම්බරයි!❤️

– නජිත් ඉන්දික

SendShareShare
Previous Post

මහජන සම්පතට 5000යි…

Next Post

අපේ අම්මලාට අක්කලාට නංගිලාට ඕමාන්වල වෙලා තියෙන දේ ඇහුවම අනේ දෙවියනේ දුක හිතෙනවා…

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.