• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ අම්මලාට අක්කලාට නංගිලාට ඕමාන්වල වෙලා තියෙන දේ ඇහුවම අනේ දෙවියනේ දුක හිතෙනවා…

November 27, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
අපේ අම්මලාට අක්කලාට නංගිලාට ඕමාන්වල වෙලා තියෙන දේ ඇහුවම අනේ දෙවියනේ දුක හිතෙනවා…
Share on WhatsAppShare on Facebook

‘මම රූම් එකේදි ලිංගික අතවරයකට ලක්වුණා. මම කියන්න බය නැහැ. මම විදේශ සේවා ආයතනයට කිව්වා සීඅයි.ඩී. එකට කිව්වා මගේ මවුපියන් යන්න ඕනේ හැම තැනකටම ගියා. ඒත් මට කිසිම සාධාරණයක් වුණේ නැහැ. ඒ ගෙදර ගෑනු කෙනාට මම කිව්වා මෙහෙමයි අක්කේ මගේ අතින් අල්ලනවා මම කාමරේ අස් කර කර ඉන්නැද්දි රෙදි නැතුව කාමරේට එනවා. පස්සේ මට කිව්වා ඒක සාමාන්‍ය දෙයක් කියලා. ඔයා ඕවා ගණන් ගන්න එපා. මෙහේ ජොබ්වලට එනවා නම් එහෙම දේවල්වලට මුහුණදෙන්න බලාගෙන එන්න කියලා කිව්වා. තව එකක් කියනවා එයත් එක්ක ඉන්න එන්න ඒකට මම සල්ලි දෙන්නම් කියලා. මම එම්බසි එකට ගිහිල්ලා කිව්වා මට මෙහෙම දෙයක් වෙලා තියෙනවා කොහොමද ලංකාවට යන්නේ කියලා. විසිට් වීසා ආව අය භාරගන්නේ නැහැ කිව්වා. අපි මේ රටට ආවේ පළවෙනි පාර. මට අවුරුදු 21යි. අපි ආවේ කිසියම් අසරණකමක් හින්දා. නමුත් එයලා කිව්වා අපිව භරගන්නේ නැහැ කියලා…’

මේ පසුගියදා ඕමානයේදී ලිංගික අතවරයකට ලක්වූ තරුණියක් හැඬූ කඳුළින් පැවසූ කතාවකි. අද ඕමානයේ අසරණ වී සිටින්නේ අපේ රටේ අහිංසක තරුණ කාන්තාවන්ය. ඔවුන් විදේශගත වන්නේ ඔවුන්ට මේ රටේ හරිහමන් රැකියාවක් කර ජීවත් වීමට අසීරු තත්ත්වයක් උදාවී තිබීම නිසයි.
මේ ජාවාරම ගැන පසුගියදා හෙළිකරනු ලැබුවේ ඕමානයේ සේවය කරන ලබන ඩුබායි සුද්දා නොහොත් නිශ්ශංක ප්‍රියදර්ශන නමැති තරුණයෙක්.

‘අපේ සමහර ඒජන්සිකාරයෝ වයස අඩු ගැහැනු ළමයි වැඩියෙන් වයස දාලා ඕමානයට ගෙනියනවා. ඕමාන් රට තුළ ඒජන්සිවල තියාගෙන ඒ රටවල්වල ඉන්න හාම්පුතාලාට එන්න කියලා ලස්සන ගෑනු ළමයි මුදලට අලෙවි කරනවා. ඒක ජාවාරමක් හැටියට තමයි කරගෙන යන්නේ. මේ සම්බන්ධව කිසිම බලධාරියෙක් තීරණයක් අරන් නැහැ. මම ඉල්ලන්නේ ලංකාවේ අම්මලාගෙන් තමන්ගේ දරුවන්ව හොර ඒජන්සිකාරයන්ට අහුවෙලා රට යවලා තමන්ගේ දරුවන්ව නිකරුණේ අසරණ කරන්න එපා කියලා…’ යනුවෙන් ඔහු අයැද සිටියා. ඔහු මේ කරුණු හෙළිකිරීම නිසා ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පවතින බවද ඔහු හෙළිකර තිබුණා.

ඕමානයේදී අපේ රටේ කාන්තාවන්ට සිදුවූ අසාධාරණයන් ගැන පසුගිය දින කිහිපයේම මාධ්‍ය හෙළිකළා. එහිදී එම කාන්තාවන්ව ඕමාන් ජාතික ධනවතුන් විසින් මිලට ගත් බවද හෙළිවුණා.
මේ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතා මෙලෙස පවසා සිටියා.

‘මේ රටේ කාන්තාවන් රැකියාවක් තෝරාගෙන නොගිය විට මෙවැනි ලන්සුවලට විකුණන්න ලංකාවේ ඒජන්සි ආයතන ක්‍රියාකරනවා. ඕමාන කාර්යාලයට ගෙනිහින් මේ කාන්තාවන් පෝලිමට තබා අරාබි ජාතිකයන්ගේ රුචි අරුචිකම් අනුව තෝරාගන්නට අවස්ථාව ලබාදී තිබුණා. මෙම ජාවාරම්කරුවන් ඉතා සුක්ෂ්ම ලෙස ක්‍රියා කර ඇති බව අනාවරණ වුණා.’

අද අපේ රට පත්ව ඇති කනගාටුදායක තත්ත්වයට ප්‍රධාන හේතුව වංචාව සහ දූෂණය. මෙලෙස පීඩාවට පත්වූ අහිංසක කාන්තාවන්ට සිදුව ඇත්තේ වෙනත් රටක බැලමෙහෙවර කිරීමට වීම කනගාටුවට කරුණකි.

විදේශ විනිමය උපයන්නට කාන්තාවන් යැවීම පිටුපස ඇත්තේ මිනිස් ජාවාරමකි. පසුගිය 18 වැනිදා ඕමානයේ සිට පැමිණි ලාංකිකයකු අත්අඩංගුවට ගැනුණා. ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්. විදේශ සේවා කාර්යාංශය පවසා තිබුණේ මොහු මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා කාර්යාලයක් පවත්වාගෙන ගිය බවයි. කාන්තාවන් 19 දෙනකු මෙලෙස රවටාගෙන ගොස් නැවත ලංකාවට පැමිණ තිබුණේ මොහු සමගයි. කාන්තාවන් මේ පුද්ගලයාගේ කපටිකම්වලට හසුව මීගමුව අධිකරණය ඉදිරියටද පැමිණ තිබුණේ අපේ සර් නිර්දෝෂයි සර්ව බේරාදෙන ලෙස ඉල්ලමින්. නමුත් දැනට ඔහු අත්අඩංගුවේ පසුවෙයි. පසුගිය 21 වැනිදා මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණේ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේදීයි. ඔහුව දෙසැම්බර් පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ ජාවාරමට හසුවූ තරුණ මවක් සහ දියණියක් ඔවුන්ගේ ඒ කටුක අත්දැකීම ගැන පවසා සිටියේ මෙලෙසයි.

‘මම විදෙස්ගත වුණේ 2021.10.03 වැනිදා. ඩුබායි සිට ඕමාන් රටට ගියේ. ගෙදරක මාස 4ක් සේවය කළා. මම එම්බසියේ කුෂාන් කියලා මහත්තයෙක්ට කතා කරලා කිව්වා මගේ දරුවෝ දෙන්නා ලංකාවේ මට යන්න ඕනේ කියලා. ඒයා මට කතා කරලා ලොකේෂන් එක එව්වා. ටැක්සියක් බුක්කරලා එන්න කිව්වා. මාව සර්ගේ ගෙදර එක්කන් ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා. මොනවද ඔයාට තියෙන ප්‍රශ්න කියලා ඇහුවා. හරි ඔයාව යවන්න බලන්නම් කියලා එකපාරටම කරට අත දැම්මා. අත දාලා බලෙන් ඇදලා ඇදලා ගන්නවා. මම තල්ලු කරා. මම කිව්වා මම කතා කරන්නයි ආවේ කියලා. එහෙම කියන්න එපා කිව්වා. මම කෑගහලා ඇඬුවා. එතකොට මට කිව්වා ඔයාව මම එම්බසියටම ගිහිල්ලා බස්සවන්නම් කියලා. 2022.08.31 රෑ 8.30ට මාව එම්බසියේ සුරක්ෂා නිවාසයට ගිහින් දැම්මා.’
අනෙක් තරුණිය පවසා සිටියේ, ‘කුෂාන් සර් ගණිකා නිවාස පවත්වාගෙන යන අයත් එක්ක ගිහිල්ලා වැඩකරන්න කියලා බලකළා…’ යනුවෙනි.

අපේ රටේ තරුණියන් ලිංගික සූරාකෑමට යොදාගැනුණු ඕමාන් තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරියකුද සම්බන්ධ බව අනාවරණ වී තිබුණත් තවමත් ඔහුව අත්අඩංගුවට ගෙන නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කළ විමසමකදී ඔවුන් පැවැසුවේ අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කොට ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවයි. වැඩ තහනමට ලක් කිරීමට නියමිත ඕමානයේ හිටපු තෙවැනි ලේකම්වරයා ඊ. කුෂාන් නැමති පුද්ගලයෙකි. ඔහු මාධ්‍යයට පවසා තිබුණේ මෙවැන්නකි.

‘ලියැවිල්ලක් නැතුව තැරැව්කරුවන්ට විකුණනවා. අවුරුදු 20ට අඩු දරුවන් පවා දූෂණය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මම නීතිය දැඩිව ක්‍රියාත්මක කළා. ඒ නිසා විසිට් වීසා මාෆියාව මාත් සමග උරණ වුණා. 2022 දී 44 දෙනෙක් විසිට් වීසා මත ආවා. ඔවුන්ගෙන් බහුතරයක් දූෂණය වෙලා. මේ කාන්තාවන්ට යන්න ඕන කිව්ව ගමන් ලංකාවට යවන්න අපි ළඟ පාස්පෝට් නැහැ. මෙයාලාව ගණිකා නිවාසවලට රියාල් 1200ට විකුණලා තිබුණා. මම ඒක අල්ලලා දුන්නා. ඕමාන් පොලිසියෙන් එක්කෙනකුට රියාල් 1000 ගානේ දඩ වැදුණා. මේ දඩ ගහපු නිසා එයාලා මාත් එක්ක ඉන්නේ වෛරයෙන්. ලංකාවෙන් මට එන්න කිව්ව පලියට මට එන්න බැහැ. මම වගකිවයුතු නිලධාරියෙක්. මම එනවා නම් එන්නේ මිනිස් ජාවාරම ගැන තොරතුරත් අරගෙනයි…’

කාන්තාවන් විශාල පිරිසක් මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. එසේම ඔහු තමන්ව දූෂණය කළ බවද කාන්තාවන් කිහිප දෙනකු චෝදනා කළා.

ලිංගික වහල්භාවයට යොදාගත් කාන්තාවක් ඕමානයේදී පසුගියදා බේරාගෙන ඇවිත් තිබුණේ අපේ රටේ ගායන ශිල්පියකු වන දුෂ්මන්ත් වීරමන් සහ ඔහුගේ බිරිඳ වන ස්ටෙෆනි සිරිවර්ධනයි. මේ සිදුවීම පිළිබඳ දුෂ්මන්ත් පවසා සිටියේ මෙවැන්නකි.

මෙහෙම කාන්තාවන් මුදාගැනීමට කටයුතු කරනකොට එම්බසිවලින් ලැබෙන ප්‍රතිචාර ඍණාත්මකයි. මගේ ෆෝන් එකේ වොයිස් කට් විස්තර තියනවා කිව්වට පස්සේ එගොල්ලෝ අද වෙනකල් ෆෝන් එකවත් ආන්සර් කරලා නැහැ…’

අසරණ වූ අපේම කාන්තාවන් වෙනුවෙන් ඔවුන් කළ ඒ මෙහෙවරට අප ස්තුතිවන්ත විය යුතුය. එම කාන්තාව තමන් මුහුණ දුන් තත්ත්වය ගැන පවසා තිබුණේ මෙවැන්නකි.

‘අපි ඕමානයේ එයාපෝට් එකට ගියාම ඒජන්සියෙන් ඇවිත් අපිව කාමරයකට ගෙනියනවා. ඒක ඇතුළේ විවිධ රටවල අය ගොඩක් හිටියා. අපිව අසරණ කරන්න ඇයි මේ ආවේ කියලා ඒජන්සියේ අයිතිකරුවන් අහනවා.’

අපේ රටේ දුප්පත් අසරණ කාන්තාවන් රට යන්නේ එදා වේලවත් පිරිමහගන්න බැරුව දරු පැටව් හාමතේ ඉන්නවා බලාගෙන ඉන්න බැරිකමටයි. ඇතැම් කාන්තාවන් විදේශගත වන්නේ ගෙවල් කණකර බඩු උකස් කරලා දහසක් බලාපොරොත්තු සිහින ඇතිවයි. එලෙස විදෙස්ගත වුණු විට එම රටවලදී ඔවුන්ට අත්වන්නේ මෙවැනි ඉරණමක් නම් ඔවුන්ගේ ජීවිත ප්‍රශ්න විසඳාගන්නේ කෙසේද?
ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පසුගිය 21 වැනිදා අත්අඩංගුවට පත්වුණා. මේ අපරාධවලට කාන්තාවක්ද සම්බන්ධ වී තිබූ බව අනාවරණ වුණා. ඇය ඕමානයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කර තිබුණු බවද සඳහන් කෙරුණා.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මෙලෙස අදහස් දැක්වූවා.

විදේශ රැකියා නියෝජිත ආයතන මගින් විදේශ ගමන් බලපත්‍ර සකසලා, සංචාරක වීසා ලබාදීලා විදේශ ගතකරලා තියෙන බව විමර්ශනවලදී හෙළිවුණා. මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකාවෙත් ඕමානයේත් තැරැව්කරුවන් සහභාගි වී ඇති බවත් තහවුරු වුණා. අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් මිනිස් ජාවාරමක් සිදුවෙලා තියෙනවාද, එවැනි ජාවාරම් තුළ වෙනත් අපරාධ සිදුවෙලා තියෙනවාද කියලා අපි විමර්ශන කරමින් සිටින්නේ…’

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී ඊ.ඩී.බී. සේනානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ මෙවැන්නක්.

‘ඕමාන රාජ්‍යය ගැන මාධ්‍යවල විවිධ දේවල් පළවෙනවා. ඕමානය කියන්නේ නීත්‍යනුකූල ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවට රැකියා 19,000ක් දීලා තියෙන රටක්. මේ ආන්දෝලනාත්මක සිදුවීමෙදි අතවරයට ලක්වූ කාන්තාවන් ගැන වගේම 2022 රැකියා ලබාදුන් අවස්ථා ගැනත් මතක් කළ යුතුයි. සංචාරක වීසා මත කෙනෙක් විදෙස්ගත වන විට ඒවා අපට වළක්වන්න බැහැ…’

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණි සෙනරත් යාපා පැවසුවේ, ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන්ගේ නිර්දේශ සහ නිගමනවලට ඉදිරිපත් කරලා තියෙන යම් කරුණු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඕමානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ අවතැන් වූ කාන්තාවන් 90කට වැඩි පිරිසක් සිටිනවා. ඒ 90 දෙනා අතර මේ ජාවාරමට හසුවූ කාන්තාවන්ද සිටිනවා…’ යනුවෙනි.
‘ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසමින් ඇතැම් විදේශිය රැකියා නියෝජිත ආයතන තරුණියන් සහ කාන්තාවන් රවටා එරටට රැගෙන ගොස් තිබෙනවා. බොහෝ දෙනෙක් රැගෙන ගොස් ඇත්තේ සංචාරක වීසා භාවිත කරමින්. අනතුරුව එරට රැකියා ඒජන්සි ආයතන තරුණියන් සහ කාන්තාවන්ව පෙළට තබා වයස හා පෙනුම අනුව ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇතැයි පොලිස් පරික්ෂණවලදී හෙළිවුණා.

යම් කිසිවකු ඒජන්සියක් මාර්ගයෙන් විදේශීය රැකියාවක් සොයා විදෙස්ගත වන්නේ නම් මේ දේවල් ගැන සැලකිලිමත් වියයුතුයි.’‍

  1. ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි බලපත්‍රයක් ලබාගෙන තිබේද?
  2. එම බලපත්‍රය වලංගුද?
  3. ඒජන්තවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිසි අනුමැතිය ලබාගෙන ඇත්ද?
  4. රැකියාවට බඳවාගැනීමේ කාලය වලංගු වේද?

ඒජන්තවරයා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිසි අනුමැතිය ලබාගැනීමෙන් පසු මේ ලියකියවිලි විදෙස්ගත වන පුද්ගලයාට භාරදිය යුතුයි. විදෙස්ගත වන කෙනකු මේ ලියකියවිලි ගැන සැලකිලිමත් වී තමන් සතුව ඇත්දැයි පරීක්ෂා කළ යුතුයි.

  1. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල මුද්‍රාව සහිත විදේශ ගමන් බලපත්‍රය
  2. වලංගු වීසා බලපත්‍රය
  3. ගුවන් ටිකට්පත
  4. රැකියා ගිවිසුම
  5. බැංකු රිසිට්පතේ ගනුදෙනුකරුගේ පිටපත
  6. රක්ෂණ සහතිකය යනාදිය මෙවැනි ජාවාරම් සිදුවීම කනගාටුවට කරුණක්. මේ ජාවාරම්වල අවසානයක් දැකගන්නට නැහැ. කාන්තාවන් මැදපෙරදිග යන්නේ සැප සම්පත් විඳින්න නම් නෙවෙයි. තමන්ගේ පවුල රකින්නටයි. අපේ රටට විදේශ විනිමය උපයා දෙන්නටයි. අපේ රටේ අභිමානය අපේ ශ්‍රමිකයන් බව අමතක නොකළ යුතුයි. අපේ ගෞරවය තවත් කෙළෙසන්න ඉඩ දෙනවාද? අපේ රටේ බලධාරීන් මෙලෙස කටයුතු කරන්නේ ඔවුන්ට ආත්ම ගරුත්වයක් නැතිවද යන්න නැවත නැවතත් ඇසිය යුතුය. මෙවැනි නොමිනිසුන්ට නිසි දඬුවම් සහ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙවැනි දේවල් සිදුවීම ලැජ්ජාසහගතයි.



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මතකද වඳ ‌දොස්තර කියලා පොහොට්ටුවේ සෙට් එකයි මාධ්‍යයි විනාශ කරපු දොස්තර ෂාෆි සහබ්දීන්! මේ නිසා දොස්තරගෙ දරුවන්ට ඉස්කෝලෙ යන්නත් බැරි වුණා! දරුවන් ඉස්කෝලෙන් අස්කරගෙන මුලු පවුලම හැංගුණා! අන්න ඒ දොස්තරගෙ දියණිය ශාෆි පාතිමා මෙච්චර කරදර මැද්දෙත් A 9ක් අරන් ඉහළින්ම පාස් වෙලා!

Next Post

ආණ්ඩුව මොන නීති දැම්මත් මර්දනය කරන්න හැදුවත් ඒවට බය නෑ! ළඟදීම ලක්ෂ ගණනින් ජනතාව සමගින් අපි පාරට බහිනවා! සජිත් මීගමුවේදී කියයි! (VIDEO & PHOTOS)

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.