AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) සමඟින් නොබෝදා සහයෝගිතාවයකට එළෙඹෙන ලදී.
මේ ඔස්සේ WCIC මගින් සංවිධාන කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබාදෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ WCIC හි ක්‍රමෝපායික වැඩසටහන් වෙනුවෙන් සහය ලබාදීමට AIA ඉදිරිපත්ව සිටියි.
දශක ගණනාවක් පුරාවට කාන්තා සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය සහ කාන්තාව ආර්ථිකයට ඇතුළත් කරගැනීම් පෝෂණය කළ සමාගමක් වශයෙන් AIA ඉන්ෂුවරන්ස් සමාගමට, කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයෙහි අරමුණු හා සමගින් ඇත්තේ එකිනෙකට සමාන වූ ඉදිරි දැක්මකි.
එනම් කාන්තා සවිබලගැන්වීමේ සහ මූල්‍ය වශයෙන් ඔවුන් ඇතුළත් කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික තලයේ වැඩසටහනක් වන AIA ඉන්ෂුවරන්ස් හිි ‘AYA SURAKINA AIA’ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ප්‍රගතිය මෙහෙයවන අතර එය කාර්යමණ්ඩල සාමාජිකාවන් හට, අලෙවි නියෝජිතවරියන් හට, කාන්තා සේවාලාභීන් හට මෙන්ම මුළු මහත් සමාජයේම සිටින කානතාවන්හට අදාළ වේ.
මෙසේ එක්ව සිදුකරන්නා වූ සහයෝගිතාවන් ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, රක්ෂණය සහ කාන්තාව පිළිබඳ ගැඹුරු ලෙස පර්යේෂණ පවත්වනු ලබන අතර ශ්‍රී ලාංකික කාන්තාවන් හට රක්ෂණ විසදුම් ලබාදෙමින්, මූල්‍ය දැනුම සඳහා පුහුණු සැසි පවත්වමින් තොරතුරු ලබාගැනීමට මං පාදා දෙමින් වඩාත් අර්ථවත් වූ ධනාත්මක බලපෑමක් ඔවුනගේ ජීවිතවලට ඇතිකරලීමට සහාය ලබාදෙයි.