• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම ගැනීමේ ලියුම බාරදෙයි! I Sri Lanka Latest News

July 2, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි !
Share on WhatsAppShare on Facebook

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 75 විය සපිරූ වහාම තමන් විශ්‍රාම යන බවට වූ ලිපිය ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත යොමු කර ඇති බව කතෝලික සභාව අනාවරණය කරයි.Sri Lanka Latest News

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ සාධාරණය ඉටුකර දීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව දරන අවංක උත්සාහය වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සම්පූර්ණ සහාය පළ කරන බවට නිකුත් කළ නිල නිවේදනයේ මේ බව පළමු වතාවට හෙළිදරව් කොට ඇත.

අදාල නිවේදනයෙන් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකර ඇත.

ශාසන නීතිය (කැනන් නීතිය 401): කතෝලික සභාවේ නීතියට අනුව ඕනෑම රදගුරුතුමෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැනීමේ ලිපිය භාර දිය යුතුය.

විශ්‍රාම ගැනීම නිල වශයෙන් ක්‍රියාත්මක වන දිනය හෝ ධුර කාලය දිගු කිරීම තීරණය කිරීමේ පරම බලය පවතින්නේ අති උතුම් ශුද්ධෝත්තම පියතුමාට පමණි.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 75 විය සපිරූ වහාම ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇත. ඒ සඳහා ශුද්ධෝත්තම පියතුමාගේ අනුමතිය ලැබෙන තුරු සිය ධුරයේ වගකීම් ඉටු කිරීමට උන්වහන්සේ ශාසනිකව බැඳී සිටිති.

“කතෝලික සභාවේ නීති රීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සහ දේශපාලන ලෝකයේ පවතින බල අරගල කිසි විටක සංසන්දනය කළ නොහැකිය. සාමාන්‍ය සිවිල් නීතියේ බලය සැමවිටෙකම ආණ්ඩුකරණය සමග බැඳී ඇති අතර කතෝලික සභාවේ බලය පවතින්නේ ‘දේව සේවය’ තුළය.” යනුවෙන්ද සඳහන් වේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශීය මෙන්ම විශ්ව කතෝලික සභාවට සිදුකළ මෙහෙවර අගය කරන බවත්, ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් උන්වහන්සේ ආරම්භයේ සිටම පෙනී සිටින්නේ පිරිසිදු හා අවංක චේතනාවෙන් බවත් රදගුරු මණ්ඩලය පවසයි.

ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකේය කතෝලික ජනතාවගේ සහ රදගුරු මණ්ඩලයේ නොසැලෙන සහයෝගය උන්වහන්සේ වෙත හිමිවන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම නිල නිවේදනය ඊයේ (01) දින , ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති (කුරුණැගල කතෝලික රදගුරු) අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සහ එහි මහලේකම් (මඩකළපුව අපෝස්තලික පරිපාලක, කොළඹ සහයක රදගුරු) අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

කෙසේවෙතත් මේ බව අප පසුගිය කාලයේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කළේ මෙසේය.

රාජ්‍ය රහස් ජුනි 7 වැනිදා කළ හෙළිදරව්ව!

අලුත් අගරදගුරු පියතුමෙක් එනවා

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි ආකාරයත්, අවුරුදු 75 ඉක්මවීමෙන් පසු අගරදගුරු පදවියෙන් විශ්‍රාම යෑමේ සම්ප්‍රදාය පිළිබඳ දැනුම් දෙමින් පාප්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ ආකාරයත් මීට මාස ගණනාවකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අපි වාර්තා කළෙමු. එමෙන්ම එම හමුවේදී නව අගරදගුරුවරයා වශයෙන් පත්විය යුතු තැනැත්තා පිළිබඳ නම් තුනක් නම්කර එවන ලෙසද මැල්කම් රංජිත් හිමිපාණන්ට පාප්වහන්සේ විසින් දැනුම් දීමක් කර තිබිණි. අප ඒ බවද එකල රාජ්‍ය රහස් තීරයෙන් වාර්තා කිරීමට කටයුතු කළෙමු.
ඒ අනුව ලබන 26, 27 යන දෙදින ලොව පුරා සිටින කාදිනල් හිමිපාණන් වහන්සේලා වතිකානුවට කැඳවීමට ලියෝ පාප්වහන්සේ කටයුතු කොට තිබේ. ඒ අනුව ඊට කාදිනල් හිමිවරුන් 237ක් සහභාගි වීමට නියමිතව ඇති අතර, විශේෂ මාතෘකා කිහිපයක්ම එම හමුවේදී සාකච්ඡා වීමට නියමිතව ඇති බවක් දැනගන්නට ඇත.

එමෙන්ම අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද මෙවර වතිකානුවේ රැස්වීමට සහභාගි වීමට සූදානමින් සිටින බවත්, එහිදී ඊළඟ අගරදගුරු තනතුර සඳහා අලුත් නම් 3ක් පාප්වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවත්ය. ඒ අනුව නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ කොළඹ සහායක අගරදගුරු වන බිෂොප් ඇන්තනී, කොළඹ සහායක අගරදගුරු වන ඇන්ටන් රංජිත් සහ ගාල්ල බිෂොප්වරයා ලෙස කටයුතු කරන රෙජිනෝල්ඩ් වික්‍රමසිංහ යන පියතුමන්ලාගේ නම් එසේ කාදිනල් හිමියන් විසින් නව පාප්වහන්සේ වෙත භාරදීමට නියමිතව ඇති බවය.

එමෙන්ම අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම හමුව සඳහා පාප්වහන්සේ කාදිනල් හිමියන්ට විනාඩි 3ක කාලයක් පමණක් ලබාදී ඇති බවය. ලබන නොවැම්බර් 15 වැනිදා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පදවියේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊට මාස 2කට පෙරාතුව නව අගරදගුරුවරයා සම්බන්ධයෙන් වූ ඉඟිය පාප්වහන්සේ විසින් ලබාදීමට නියමිතය. ඒ අනුව 2027 වසර ආරම්භ වනු ඇත්තේ වසර ගණනාවකට පසු ලංකාවට අලුත් අගරදගුරුවරයකු පත්කරමිනි.

කෙසේ වෙතත් මෙම වතිකානු සංචාරයෙන් පසුව මැල්කම් රංජිත් හිමිපාණන් යළි ලංකාවට පැමිණෙන්නේ සුපුරුදු පරිදි යුරෝපා සංචාරයක නිරත වීමෙන් අනතුරුවය.

SendShareShare
Previous Post

දේශගුණික විපර්යාස රජය සහ විපක්ෂය අතර වෙනසක් හඳුනන්නේ නෑ! දේශපාලන පක්ෂ අනුව ගංවතුර වෙනස් වෙන්නෙ නෑ! නියඟය සෑම ගොවියෙකුටම බලපානවා! උෂ්ණත්ව තරංග සෑම පවුලකටම බලපානවා! ව්‍යසනයකදී ජනතාව ආරක්ෂා කිරීම සියල්ලන් හවුල් වී කළ යුතු පොදු ජාතික වගකීමක්! අනුරගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විපක්ෂනායක සජිත්ගෙන් කවුරුත් නොහිතපු කතාවක්! මූලික පණිවුඩ 3ක්! අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර 8ක්! I Sri Lanka Latest News

Next Post

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

MORE NEWS

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Exclusive

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස රජය සහ විපක්ෂය අතර වෙනසක් හඳුනන්නේ නෑ! දේශපාලන පක්ෂ අනුව ගංවතුර වෙනස් වෙන්නෙ නෑ! නියඟය සෑම ගොවියෙකුටම බලපානවා! උෂ්ණත්ව තරංග සෑම පවුලකටම බලපානවා! ව්‍යසනයකදී ජනතාව ආරක්ෂා කිරීම සියල්ලන් හවුල් වී කළ යුතු පොදු ජාතික වගකීමක්! අනුරගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විපක්ෂනායක සජිත්ගෙන් කවුරුත් නොහිතපු කතාවක්! මූලික පණිවුඩ 3ක්! අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර 8ක්! I Sri Lanka Latest News

Load More
දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් දයාසිරි ජයසේකර මහතා මීට පෙර කර තිබූ ප්‍රකාශයක් පිළිබදව ප්‍රශ්න කරද්දී රාජිත සේනාරත්න, ජී.ඇල්....

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.