• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශගුණික විපර්යාස රජය සහ විපක්ෂය අතර වෙනසක් හඳුනන්නේ නෑ! දේශපාලන පක්ෂ අනුව ගංවතුර වෙනස් වෙන්නෙ නෑ! නියඟය සෑම ගොවියෙකුටම බලපානවා! උෂ්ණත්ව තරංග සෑම පවුලකටම බලපානවා! ව්‍යසනයකදී ජනතාව ආරක්ෂා කිරීම සියල්ලන් හවුල් වී කළ යුතු පොදු ජාතික වගකීමක්! අනුරගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විපක්ෂනායක සජිත්ගෙන් කවුරුත් නොහිතපු කතාවක්! මූලික පණිවුඩ 3ක්! අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර 8ක්! I Sri Lanka Latest News

July 2, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය ප්‍රකාශය

ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිය උපායමාර්ගික දේශගුණික සූදානම්කාරිත්ව යෝජනාව එළිදැක්වීමට පියවර ගත්තේය.Sri Lanka Latest News

එය පහත දැක්වේ.

කොළඹ | 2026 ජූනි 30

ගරු  ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූනි 30 වන දින පැවැති ජාතික ආපදා කළමනාකරණ සභාව (NCDM) අමතමින්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළේ දේශගුණික ආරක්ෂාව යනු දේශපාලන භේදයන්ගෙන් ඔබ්බට ගිය ජාතික ප්‍රමුඛතාවක් වී ඇති බැවින්, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ආපදා සූදානම්කාරිත්වය සඳහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආවරණය වන, විද්‍යාව පදනම් කරගත් ප්‍රවේශයක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු බවයි.

මෙම රැස්වීමේදී, විපක්ෂ නායකවරයා විසින් ශ්‍රී ලංකාව මුහුණ දෙන්නාවූ, වර්ධනය වෙමින් පවතින දේශගුණික අවදානම් පිළිබඳව සිය අදහස් දැක්වූ අතර, 2026-2027 ENSO (එල් නිනෝ-දක්ෂිණ දෝලනය) චක්‍රයේ අපේක්ෂිත බලපෑම් සඳහා ජාතික සූදානම්කාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති නිර්දේශ මාලාවක් ගෙනහැර දක්වන ලදී. දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ආපදා සූදානම්කාරිත්වය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සාකච්ඡාවලට සහාය වීම සඳහා සකස් කරන ලද උපායමාර්ගික ප්‍රතිපත්ති යෝජනාවක අඩංගු ප්‍රධාන නිර්දේශයන් ඔහුගේ නිරීක්ෂණවලින් පිළිබිඹු විය.

රටට තීරණාත්මක මොහොතක ජාතික ආපදා කළමනාකරණ සභාව කැඳවීම පිළිබඳව ගරු  ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාව පළ කරමින් ප්‍රේමදාස මහතා සිය අදහස් දැක්වීම ආරම්භ කළේය. ආපදා සූදානම්කාරිත්වය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව යනු දේශපාලන භේදයන්ගෙන් ඔබ්බට ගිය සහ සාමූහික ජාතික ප්‍රතිචාරයක් අවශ්‍ය වන ජාතික වගකීම් බව ඔහු අවධාරණය කළේය.

“අපගේ ජනතාවගේ ජීවිත, ජීවනෝපායන් සහ ආරක්ෂාව අවදානමට ලක්ව ඇති විට, තිබිය යුත්තේ එකම එක පාර්ශ්වයක් පමණි, එය ශ්‍රී ලංකාවයි.”

දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන වර්ධනය වන අවදානම් සඳහා ශ්‍රී ලංකාවේ සූදානම්කාරිත්වයට දායක වීමේ ඒකායන අරමුණින් යුක්තව, ඔහුගේ නිරීක්ෂණ ජාතික සමගිය සහ නිර්මාණාත්මක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ සද්භාවයෙන් ඉදිරිපත් කරන ලද බව ඔහු සඳහන් කළේය.

නවතම ගෝලීය විද්‍යාත්මක තක්සේරු කිරීම් පිළිබඳව සඳහන් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ වර්ධනය වෙමින් පවතින 2026-2027 එල් නිනෝ තත්ත්වය මෑත දශක කිහිපය තුළ ඇතිවූ ප්‍රබලම තත්ත්වයක් බවට පත්විය හැකි බවයි. එමඟින් දීර්ඝකාලීන නියඟයක් සහ ඉන් පසුව දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ නංවන අතර, දේශගුණ විද්‍යාඥයින් විසින් මෙය “දේශගුණික කස පහරක්” (climate whiplash) ලෙස වඩ වඩාත් විස්තර කරනු ලබයි. මෙම බලපෑම් ඇති වීමට පෙර ජාතික සූදානම්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇත්තේ සීමිත කාල පරිච්ඡේදයක් පමණක් බව ඔහු අවධාරණය කළේය.

‘දිත්වා’ සුළි කුණාටුව (Cyclone Ditwah) සහ අනෙකුත් මෑතකාලීන ආපදාවලින් උගත් පාඩම් පිළිබඳව ආවර්ජනය කරමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ආපදා සිදු වූ පසු ඒවාට ප්‍රතිචාර දැක්වීමේ පිළිවෙතක් මත පමණක් ශ්‍රී ලංකාවට තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බවයි. ඒ වෙනුවට, විද්‍යාත්මක පුරෝකථන, අවදානම් තක්සේරු කිරීම් සහ පූර්ව සූදානම මඟින් ජාතික තීරණ ගැනීම මෙහෙයවනු ලබන ‘පෙරහුරු පාලනයක්’ හෙවත් අවදානම් අපේක්ෂා කරන්නාවූ පාලනයක් (anticipatory governance) කරා ක්‍රමයෙන් පරිවර්තනය වීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

තමාගේ මෙම අදහස් දැක්වීම් රජය විවේචනය කිරීමක් හෝ රාජ්‍ය ආයතන විසින් දැනටමත් සිදු කරනු ලබන වටිනා කාර්යයන් අනු පිටපත් කිරීමට (duplicate) ගත් උත්සාහයක් නොවන බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. ඒ වෙනුවට, අනාගත දේශගුණික ආපදාවලට ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා රජයට සහ සියලුම අදාළ ආයතනවලට සහාය විය හැකි පරිදි ජාත්‍යන්තර සාක්ෂි, විද්‍යාත්මක තක්සේරු කිරීම් සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති නිර්දේශයන් එකඟතා සහිත උපායමාර්ගික රාමුවකට ගෙන එමින් ජාතික ප්‍රතිපත්ති සාකච්ඡාවලට නිර්මාණාත්මකව දායක වීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.

විපක්ෂ නායකවරයා මූලික පණිවිඩ තුනක් ඉස්මතු කළේය:

  • පළමුවෙන්ම, ආපදා සිදු වීමට පෙර කරනු ලබන ආයෝජන මඟින් ජීවිත බේරා ගන්නා බවත්, ජීවනෝපායන් ආරක්ෂා කරන බවත්, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරන බවත් සඳහන් කරමින්, පෙරහුරු පාලනය ජාතික ආපදා කළමනාකරණයේ මූලික පදනම විය යුතු බව ඔහු අවධාරණය කළේය.
  • දෙවනුව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සමස්ත රජයේම වගකීමක් විය යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම, ජල සම්පත්, බලශක්ති, සෞඛ්‍ය, මුදල්, ආරක්ෂක, පළාත් පාලන සහ පළාත් සභා යන ක්ෂේත්‍රවලට වගකිව යුතු ආයතන අතර සමීප සම්බන්ධීකරණයක් අවශ්‍ය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
  • තෙවනුව, ආහාර සුරක්ෂිතතාව, ජල ආරක්ෂණය, බලශක්ති සුරක්ෂිතතාව, මහජන සෞඛ්‍යය, යටිතල පහසුකම්, ජෛව විවිධත්වය සහ මූල්‍ය ස්ථාවරත්වය එකිනෙකට සමීපව සම්බන්ධ වී ඇති බැවින්, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවෙන් වෙන් කළ නොහැකි බවත්, එබැවින් ඒවාට ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්ති රාමුවක් හරහා ආමන්ත්‍රණය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ප්‍රේමදාස මහතා විසින් ඉස්මතු කරන ලද ප්‍රමුඛතා ක්ෂේත්‍ර අතර පහත ක්ෂේත්‍ර අන්තර්ගත විය:

  • ජාතික දේශගුණික සූදානම්කාරිත්වය සහ පෙරහුරු හෙවත් ආපදා අපේක්ෂිත පාලනය ශක්තිමත් කිරීම,
  • ඒකාබද්ධ ජලාශ කළමනාකරණය තුළින් ජල ආරක්ෂණය වැඩි දියුණු කිරීම,
  • ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණිකව-සුහුරු කෘෂිකර්මාන්තය නංවාලීම,
  • බලපෑම් පාදක කරගත් පුරෝකථනයන් (impact-based forecasting) මඟින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නවීකරණය කිරීම,
  • ආපදා අවදානම් මූල්‍යකරණය ශක්තිමත් කිරීම,
  • උෂ්ණත්ව තරංග හෙවත් තාප තරංග (heatwaves) සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි හදිසි අවස්ථා සඳහා සූදානම වැඩි දියුණු කිරීම,
  • තීරණාත්මක යටිතල පහසුකම්වල ඔරොත්තු දීමේ හැකියාව නංවාලීම, සහ
  • රජය පුරා සාක්ෂි පදනම් කරගත් තීරණ ගැනීමට සහාය වීම සඳහා ජාතික දේශගුණික අවදානම් සහ ආපදා බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයක් (National Climate Risk and Disaster Intelligence Centre) පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කිරීම.

දේශගුණික අවදානම්වලට වැඩි වශයෙන් නිරාවරණය වන රටවල් පෙරහුරු පාලනය, ඒකාබද්ධ දේශගුණික බුද්ධි තොරතුරු සහ විද්‍යාව පදනම් කරගත් සැලසුම්කරණය සඳහා ආයෝජනය කරමින් සිටින බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට තමන්ගේම ජාතික තත්ත්වයන්ට ගැළපෙන විසඳුම් සංවර්ධනය කිරීමේදී වටිනා පාඩම් උගත හැකි උදාහරණ ලෙස, ඉන්දියාවේ ශක්තිමත් කරන ලද දේශගුණික පුරෝකථන සහ කෘෂිකාර්මික හදිසි සැලසුම්කරණය මෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රියාත්මක කරන ලද පුළුල් ඔරොත්තු දීමේ මුලපිරීම් පිළිබඳව ඔහු මෙහිදී සඳහන් කළේය.

දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව රජයට පමණක් තනිවම ළඟා කර ගත නොහැකි බව ද ඔහු අවධාරණය කළේය. ඒ සඳහා පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන, විද්‍යාත්මක හා ශාස්ත්‍රීය ප්‍රජාව, විශ්වවිද්‍යාල, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ දේශීය ප්‍රජාවන් අතර සමීප සහයෝගීතාවයක් අවශ්‍ය වේ.

2026-2027 එල් නිනෝ-දක්ෂිණ දෝලන චක්‍රයෙන් එල්ල වන ක්ෂණික අභියෝගවලින් ඔබ්බට බලමින්, ජාතික දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ආපදා සූදානම්කාරිත්වය පිළිබඳ විස්තීර්ණ ජනාධිපති ධවල පත්‍රිකාවක් සකස් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු කළ හැකි බව ප්‍රේමදාස මහතා නිරීක්ෂණය කළේය. එවැනි ලේඛනයකට, තනි පාලන තන්ත්‍රයන්ගෙන් ඔබ්බට යන සහ අනාගත පරපුර උදෙසා පැහැදිලි ජාතික මඟ පෙන්වීමක් ස්ථාපිත කරන දිගුකාලීන, සමස්ත රාජ්‍යය අන්තර්ගත ප්‍රතිපත්ති රාමුවක් සැපයිය හැකි බව ඔහු පැවසීය.

දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ආරක්ෂිත, වඩාත් ඔරොත්තු දෙන සහ වඩාත් සන්නද්ධ ශ්‍රී ලංකාවක් උදෙසා රජය, පාර්ලිමේන්තුව, විද්‍යාත්මක ප්‍රජාව, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය එක්සත් කළ හැකි ජාතික න්‍යාය පත්‍රයක් බවට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සිය අදහස් දැක්වීම අවසන් කරමින් ප්‍රේමදාස මහතා නැවතත් අවධාරණය කළේ දේශගුණික විපර්යාසයන් රජය සහ විපක්ෂය අතර වෙනසක් නොදකින බවත්, ගංවතුර, නියඟ හෝ උෂ්ණත්ව තරංග දේශපාලන අනුබද්ධතාවන් මත වෙනස් නොවන බවත්ය.

“දේශගුණික විපර්යාස රජය සහ විපක්ෂය අතර වෙනසක් හඳුනා නොගනී. ගංවතුර දේශපාලන පක්ෂ අනුව වෙනස් නොවේ. නියඟය සෑම ගොවියෙකුටම බලපායි. උෂ්ණත්ව තරංග සෑම පවුලකටම බලපායි. එබැවින් අපගේ ජනතාව ආරක්ෂා කිරීම සියල්ලන් හවුල් වී සිදුකළ යුතු පොදු ජාතික වගකීමකි.”

සාකච්ඡාව අතරතුර ගෙනහැර දැක්වූ අදහස් සහ නිර්දේශ ජාතික ආපදා කළමනාකරණ සභාවේ සාකච්ඡා සඳහා නිර්මාණාත්මකව දායක වනු ඇති බවටත්, ශ්‍රී ලංකාවේ සූදානම්කාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට දැනට පවතින ජාතික උත්සාහයන්ට සහාය වනු ඇති බවටත් ප්‍රේමදාස මහතා සිය අදහස් දැක්වීම අවසන් කරමින් බලාපොරොත්තු පළ කළේය.

ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත, ජීවනෝපායන් සහ අනාගත සමෘද්ධිය ආරක්ෂා කරන සෑම මුලපිරීමකටම සහාය වීමට තමන් සූදානම් බව ඔහු නැවතත් ස්ථිර කළ අතර, දේශගුණික විපර්යාස සඳහා රටේ ප්‍රතිචාරය විද්‍යාව මඟින් මෙහෙයවිය යුතු බවත්, ජාතික සමගිය තුළින් ශක්තිමත් කළ යුතු බවත්, දිගුකාලීන උපායමාර්ගික සැලසුම්කරණය මඟින් තිරසරව පවත්වා ගත යුතු බවත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

තවත් ඩෙංගු මරණ 3ක්! දැන් 35යි! I Sri Lanka Latest News

Next Post

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම ගැනීමේ ලියුම බාරදෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Exclusive

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි !
Exclusive

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම ගැනීමේ ලියුම බාරදෙයි! I Sri Lanka Latest News

Load More
දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් දයාසිරි ජයසේකර මහතා මීට පෙර කර තිබූ ප්‍රකාශයක් පිළිබදව ප්‍රශ්න කරද්දී රාජිත සේනාරත්න, ජී.ඇල්....

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.