2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 56,422ක් වාර්තා වී ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කර තිබේ.Sri Lanka Latest News
ඒ අතරින්, ඩෙංගු මරණ 35 ක් වාර්තා වේ.
එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී ඇති බව ද ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තම අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසයි.










