ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම වර්ගයේ පළමු ප්‍රවර්ධන වැඩසටහනින් ජයග්‍රාහකයන්ට සුවිශේෂ ඩිජිටල් තෑගි (NFT)
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද, මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ වෙළෙඳ දැන්වීමක චරිතයක් වන ‘ඇල්බට් අංකල්’ චරිතය මෙහිදී නැවත කරළියට පැමිණෙනු ඇත.
දශක දෙකකට පෙර මුලින්ම විකාශය වූ මේ වෙළෙඳ දැන්වීම, ලන්ඩනයේ සිට මෙරටට මුදල් එවීමේ සිද්ධියක් පාදක කරගත් නිර්මාණයකි. විවාහ මංගලෝත්සවයකදී මුද්දක් නැතිවීම හේතුවෙන් අලුත් මුද්දක් මිලදී ගැනීම සඳහා ලන්ඩන් නුවර වෙසෙන ඇල්බට් අංකල්, ශ්‍රී ලංකාවේ සිටින සුරේෂ්ට එසැණින් රුපියල් පනස් දහසක මුදලක් වෙස්ටර්න් යූනියන් සේවාව හරහා එවයි. වෙළෙඳ දැන්වීම තුළ ඇල්බට් අංකල් කවුරුන්ද යන්න අනාවරණ නොවන නමුත් ඇල්බට් අංකල් යන නාමය එදා පටන් මෙරට තුළ විදේශ රටවලින් මුදල් එවීම හඟවන සුවිශේෂ සංකේතයක් බවට පත්වී තිබේ.
වෙස්ටර්න් යූනියන් වැනි සුරක්ෂිත සහ පිළිගත් මුදල් හුවමාරු සේවාවන් හරහා මුදල් එවීම සහ යැවීම දිරිගැන්වීම සඳහා මෙම ජනප්‍රිය චරිතයට නැවත ජීවය ලබාදීමට සෙලාන් බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් සමග ජයග්‍රාහකයන් 15 දෙනකුට සුවිශේෂ ඩිජිටල් ත්‍යාග එකතුවක්ද හිමිවනු ඇත.
‘Digital collectibles’ හෝ ‘Non-Fungible Tokens’ (NFT) යනු කලාකෘති හෝ ඉඩකඩම් වැනි සත්‍ය ලෝකයේ දේවල් නියෝජනය කරන, බ්ලොක්චේන් (blockchain) එකක ඇති ක්‍රිප්ටෝග්‍රැෆික් වත්කම් (Cryptographic assets) වර්ගයකි. සෑම NFT එකක්ම අනෙකුත් NFT වලින් වෙන්කර හඳුනාගත හැකි අනන්‍යතා කේතයක් සහ පාරදත්ත (Metadata) ඇත. සැබෑ ලෝකයේ භෞතික වත්කම් මේ ආකාරයට ‘ටෝකන්කරණය‘ කිරීම මගින් වංචා සිදුවීමේ සම්භාවිතාව අවම වන අතරම ඒවා මිලදී ගැනීම සහ විකිණීම වඩාත් කාර්යක්ෂම වේ.