• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව පිළිගත් මුදල් හුවමාරු ක්‍රම හරහා මෙරටට මුදල් එවීම දිරිගැන්වීමට ‘ඇල්බට් අංකල්’ යළි කරළියට ගෙනෙයි…

November 21, 2022
in Business
Reading Time: 2 mins read
A A
සෙලාන් බැංකුව පිළිගත් මුදල් හුවමාරු ක්‍රම හරහා මෙරටට මුදල් එවීම දිරිගැන්වීමට ‘ඇල්බට් අංකල්’ යළි කරළියට ගෙනෙයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම වර්ගයේ පළමු ප්‍රවර්ධන වැඩසටහනින් ජයග්‍රාහකයන්ට සුවිශේෂ ඩිජිටල් තෑගි (NFT)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද, මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ වෙළෙඳ දැන්වීමක චරිතයක් වන ‘ඇල්බට් අංකල්’ චරිතය මෙහිදී නැවත කරළියට පැමිණෙනු ඇත.

දශක දෙකකට පෙර මුලින්ම විකාශය වූ මේ වෙළෙඳ දැන්වීම, ලන්ඩනයේ සිට මෙරටට මුදල් එවීමේ සිද්ධියක් පාදක කරගත් නිර්මාණයකි. විවාහ මංගලෝත්සවයකදී මුද්දක් නැතිවීම හේතුවෙන් අලුත් මුද්දක් මිලදී ගැනීම සඳහා ලන්ඩන් නුවර වෙසෙන ඇල්බට් අංකල්, ශ්‍රී ලංකාවේ සිටින සුරේෂ්ට එසැණින් රුපියල් පනස් දහසක මුදලක් වෙස්ටර්න් යූනියන් සේවාව හරහා එවයි. වෙළෙඳ දැන්වීම තුළ ඇල්බට් අංකල් කවුරුන්ද යන්න අනාවරණ නොවන නමුත් ඇල්බට් අංකල් යන නාමය එදා පටන් මෙරට තුළ විදේශ රටවලින් මුදල් එවීම හඟවන සුවිශේෂ සංකේතයක් බවට පත්වී තිබේ.

වෙස්ටර්න් යූනියන් වැනි සුරක්ෂිත සහ පිළිගත් මුදල් හුවමාරු සේවාවන් හරහා මුදල් එවීම සහ යැවීම දිරිගැන්වීම සඳහා මෙම ජනප්‍රිය චරිතයට නැවත ජීවය ලබාදීමට සෙලාන් බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් සමග ජයග්‍රාහකයන් 15 දෙනකුට සුවිශේෂ ඩිජිටල් ත්‍යාග එකතුවක්ද හිමිවනු ඇත.

‘Digital collectibles’ හෝ ‘Non-Fungible Tokens’ (NFT) යනු කලාකෘති හෝ ඉඩකඩම් වැනි සත්‍ය ලෝකයේ දේවල් නියෝජනය කරන, බ්ලොක්චේන් (blockchain) එකක ඇති ක්‍රිප්ටෝග්‍රැෆික් වත්කම් (Cryptographic assets) වර්ගයකි. සෑම NFT එකක්ම අනෙකුත් NFT වලින් වෙන්කර හඳුනාගත හැකි අනන්‍යතා කේතයක් සහ පාරදත්ත (Metadata) ඇත. සැබෑ ලෝකයේ භෞතික වත්කම් මේ ආකාරයට ‘ටෝකන්කරණය‘ කිරීම මගින් වංචා සිදුවීමේ සම්භාවිතාව අවම වන අතරම ඒවා මිලදී ගැනීම සහ විකිණීම වඩාත් කාර්යක්ෂම වේ.

SendShareShare
Previous Post

බුලත් කොළෙන් අමරවීර දොට්ට! තනතුර තිලංගට! ශාන්ට පුටුව බාර දෙයි!

Next Post

මෝඩයා වීරයා වෙලා වීරයා බලු වෙලා යන යුක්රේන යුද්ධය… ඉගෙන ගනිල්ලා පාඩමක් ලංකාවෙ එවුනුත්…

MORE NEWS

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News
Business

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News
Business

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

Load More
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය දේශිය ආර්ථිකයට ශක්තියක් මෙන්ම පෞරාණික ආහාර සංස්කෘතියට පණ පොවන ගෞරවාන්විත ගොවියාට නිරන්තරයෙන්ම අපහාස උපහාස කර ගොවියා හෑල්ලුවට...

Read more
ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.