ජයග්‍රාහකයන්ට රු. 500,000/-ක් වටිනා මුදල් ත්‍යාග
10 වැනි වරටත්, ඔක්තෝබර් 01 දිනය යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් මාසයක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධාන කිරීමට, මෙරට ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි පියවර ගෙන තිබේ.
මෙම කාලසීමාව තුළ, එනම් 2022 ඔක්තෝබර් 01 දින සිට 2022 ඔක්තෝබර් 31 දින දක්වා, අලුතින් විවෘත කරන ලද සෙලාන් ටිකිරි ගිණුම් ඇතුළුව සියලු සෙලාන් ටිකිරි ගිණුම්වල මුදල් තැන්පත් කිරීමේදී විශේෂ ත්‍යාග හිමිවනු ඇත.
රටේ පවතින උද්ධමනය හමුවේ වියදම් අවම කරගැනීමේ පියවරක් ලෙස බොහෝ පවුල් මේ වනවිට ගෙවතු වගාවට යොමුවී සිටිති. මෙම තත්ත්වය මැනැවින් අවබෝධ කරගනිමින්, රටේ දරුදැරියන්ටද ගෙවතු වගාවෙහි වැදගත්කම පෙන්වා දීම සඳහා මෙම ලෝක ළමා දින සැමරුම්වලදී ගෙවතු වගාවට මුල්තැන දීමට සෙලාන් ටිකිරි කටයුතු කළේය.
ඒ අනුව, සෙලාන් ටිකිරි ගිණුමක රු. 25,000ක් තැන්පත් කිරීමේදී ගෙවතු වගාවට අත්‍යාවශ්‍ය උපාංග සහ බීජ ඇතුළත් තෑගි කට්ටලයක් හිමිවන අතර, සෙලාන් ටිකිරි ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමටද අවස්ථාව හිමි වේ.
මෙම වැඩසටහන තුළදී වයස අවුරුදු 12 දක්වා දරුවන්ට රු. 500,000ක් දක්වා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
රු. 100,000ක මූලික තැන්පතුවකින් නව සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කරන අවස්ථාවකදී ගිණුම් හිමියාට ඉහත සඳහන් ගෙවතු වගා කට්ටලයට අමතරව තෑගි වවුචර් 7ක් සහ තවත් අතිරේක ත්‍යාග 3ක්ද හිමි වේ. අලුත් හෝ දැනට පවතින සෙලාන් ටිකිරි ගිණුමක රු. 5,000ක් තැන්පත් කළ විට ගිණුම් හිමියාට ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමේ අවස්ථාව පමණක් හිමිවනු ඇත.
මීට අමතරව ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් පිරිනැමීම සඳහා සෙලාන් ටිකිරි මේ වනවිට ඇට්ලස්, ක්‍ෂඊ, බාටා සහ ලුමාලා වැනි සමාගම් සමගද අත්වැල් බැඳගෙන සිටී.











