ගෝලීය මූල්‍ය ප්‍රවණතා වර්ධනයන් කෙරෙහි අවධානයක් යොමු කරමින් එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත්වන ගෝලීය බැංකු හා මූල්‍ය (Global Banking & Finance) සඟරාව වෙතින් 2019දී හොඳම ක්ෂුද්‍ර රක්ෂණ ආයතනය ලෙස සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඞ් ආයතනය පිදුම් ලැබීය. 2010දී ඇරැඹූ ගෝලීය බැංකු හා මූල්‍ය පිළිබඳ සඟරාව ගෝලීය මූල්‍ය ප්‍රජාවට බැංකු හා මූල්‍ය පිළිබඳ ස්වාධීන හා විශ්වසනීය සම්බන්ධතාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් ප්‍රකාශයට පත්වී ඇති අතර එහි ගෝලීය බැංකු හා මූල්‍ය සම්මානයට පාත්‍ර වූවන් අතර ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෝ හා ප්‍රවීණයෝ වූහ.
ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කරන “ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන” උළෙලේ රක්ෂණ අංශයේ කුසලතා සම්මානයක් දිනා ගැනීමට 2019දී නැවතත් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඞ් ආයතනය සමත් විය.











