• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවේ ලොකුම ලෙන් විහාරය

January 1, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකාවේ ලොකුම ලෙන් විහාරය
Share on WhatsAppShare on Facebook

දඹුල්ල රජමහා විහාරය අයිති වෙන්නේ මධ්‍යම පළාතට අයිති මාතලේ දිස්ත්‍රික්කයට. කොළඹට කිලෝමීටර් 148ක් දුරින් ඊසාන දෙසින් වගේම මහනුවරට කිලෝමීටර් 72ක් දුරින් උතුරු දෙසින් තමයි දඹුල්ල රජමහා විහාරය තියෙන්නේ. ඇත්තටම දඹුල්ල කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධම ඓතිහාසික ස්ථාන අතරින් එකක්. කියවන ඔබ නොදන්නවාට දඹුල්ල රජමහා විහාරය කියන්නේ අපේ ලංකාවේ විශාලතම වගේම දැනට හොඳින්ම සංරක්ෂණය වෙලා තියෙන ලෙන් විහාර සංකීර්ණය. දැන් දඹුල්ල පැත්තේ ගියොත් ඔන්න ඒ කතාව ඇත්තක්ද නැද්ද කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම අද ආසියාවේ තියෙන දිගම ලෙන් සංකීර්ණය තියෙන්නෙත් දඹුල්ල රජමහා විහාරයේ කියලයි කියන්නේ. ඒ වගේම අද ආසියාවේ තියෙන දිගම ලෙන් සංකීර්ණය තියෙන්නෙත් දඹුල්ල රජමහා විහාරයේ කියලයි කියන්නේ.

අපි හොයාගත්තු විදිහට දඹුල්ල අවට අපි දන්න ලෙන් කිහිපය ඇරුනම තවත් ලෙන් බොහෝමයක් තියෙනවා. හැබැයි අපි දන්න කියන ලෙන් තියෙන්නේ ටිකයි. ඇත්තටම අපි දන්න කියන ලෙන් කිහිපයේම ගොඩාක් තියෙන්නේ බුද්ධ චරිතයත් එක්ක යන පිළිම සහ සිතුවම්. ඒ අතරින් බුදු හාමුදුරුවන්ගේ ජීවිත කතාව එක්ක බැඳුණු පිළිම සහ සිතුවම් ගණනාවක්ම දකින්න පුළුවන්. ඉලක්කම් විදියට කිව්වොත් ඔන්න බුදු පිළිම එකසිය පනහකට වැඩිය තියෙනවා. ඒ වගේම අපේ රජවරුන්ගේ පිළිම වගේම දෙවි දේවතාවන්ගේ පිළිමත් කීපයක් තියෙනවා. හැබැයි දඹුල්ල විහාරය අද ගොඩාක් ප්‍රසිද්ධ සිතුවම්වලට කිව්වොත් හරි. අපි නම් දන්න විදියට දඹුල්ල කියන්නේ ලෙන් සංකීර්ණයක් තියෙන අපූරු ප්‍රදේශයක්. ඒ හින්දම අපට මේ ප්‍රදේශය සෑහෙන දිගු ඉතිහාසයක් තියෙන ප්‍රදේශයක් කියලා කියන්නත් පුළුවන්. ඉබ්බන්කටුව ප්‍රදේශයත් තියෙන්නේ දඹුල්ල ලෙන් සංකීර්ණය ළඟමයි. ඉතින් මතකනේ කාලෙකට කලින් ඉබ්බන්කටුවෙන් වසර 2700ක් විතර පැරණි මානව ඇටසැකිලි සහිත සුසාන භූමියක් හොයාගත්තු එක. එහෙම බැලුවම දඹුල්ලේ ඉතිහාසයේ දිග පළල හිතාගන්න පුළුවන්නේ.

ඒ අනුව දඹුල්ල කියන්නේ ක්‍රි.පූ. 7 වැනි සියවස තරම් ඈත අතීතයකට හිමිකම් කියන ඓතිහාසික අතින් වැදගත් ස්ථානයක්. ඊළඟට අපි හෙව්වේ මේ ස්වභාවික ලෙන් සමූහය ලෙන් විහාරයක් කෙරුවේ කවුද කියන එක. ඒකට උත්තරේ අලුත් නෑ. ලංකාවේ කොහේ හරි ලෙන් විහාරයක් තියෙයි නම් කොතැනත් කියවෙන්නේ වළගම්බා රජතුමාගේ නම තමයි. ඔන්න ඒ නම දඹුල්ලටත් පොදුයි. ඇත්තටම වළගම්බා නැත්නම් වට්ඨගාමිණී රජතුමා ක්‍රි.ව. 1 වැනි සියවසේ තමයි මේ ලෙන් සමූහය රජමහා විහාරයක් කෙරුවයි කියලා කියන්නේ. ඒ වගේම අපේ වළගම්බා රජතුමා දකුණු ඉන්දීය ආක්‍රමණවලින් ගැලවුණේ දඹුල්ල ලෙන් සංකීර්ණයට පින්සිද්ධ වෙන්න කියලත් කියනවා. ඒක හින්දම ඊට කළගුණ සැලකීමක් විදියටයි මේ රජතුමා මෙහෙම ලෙන් විහාරයක් කළා කියන්නේ. කොහොම හරි කාලයත් එක්ක දඹුල්ල ලෙන් සංකීර්ණය රජමහා විහාරයක් වෙනකල්ම දුරක් ඇවිත්. ඇත්තටම ඒ කතා හරි රසවත් වගේම හරිම අපූරුයි.
ආසියාවේ ඇති දිගින් වැඩිම ලෙන් සංකීර්ණය විදියටයි දඹුල්ල ලෙන් සංකීර්ණය හැඳින්වෙන්නේ. ඒ වගේම මෙහි ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වෙලා තියෙනවා කියලත් වර්තමානය වෙද්දි පුරාවිද්‍යා පර්යේෂණවලින් හොඳින්ම තහවුරු වෙලා තියෙනවා. ඒත් එක්කම පැරණි මූල බ්‍රාහ්මී සෙල් ලිපි කිහිපයකුත් දඹුල්ල රජමහා විහාරයෙන් කාලයකට උඩදි හොයාගත්තා. පස්සේ කාලෙක මේ දඹුලු ලෙන් සංකීර්ණය භික්ෂුන් වහන්සේලා පරිහරණය කළාය කියලත් කියනවා. ඒ වගේම පැරණි ශිලා බුදු පිළිම කිහිපයක් මේ ලෙන් තුළින් හොයාගෙන තියෙනවා. ඒ වගේම දඹුල්ලේ ලෙන්වල තියෙන පැරණි සිතුවම්වල වැදගත්කම අපට මෙහෙම වචනවලින් නම් කියන්න බෑ. ඒ වැදගත්කම කොච්චරක්ද කිව්වොත් යුනෙස්කෝ ලෝක උරුම සංවිධානය 1991 අවුරුද්දේ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය ලෝක උරුමයක් විදියට නම් කරලත් තියෙනවා.

දඹුලු ගලට නගිනවා නම් ඒකට හොඳම කාලය තමයි උදේ කාලය. ඒ වෙලාවට අවට පරිසරයත් හරිම නිස්කලංකයි. ඉර අව්වත් ලොකුවට නෑ. කිසි මහන්සියක් නැතුව දඹුලු ගල ඉහළට යන්න පුළුවන්. පඩිපෙළ දෙපැත්තේ තියෙන අරලිය ගස් නිසා පරිසරය තවත් ලස්සනයි. ඒ වගේම වඳුරන්ගේ සහ රිළවුන්ගේ වැඩත් දඹුලු ගල උඩදි බලාගන්න පුළුවන්. කොහොමින් හරි ඔන්න ගල උඩට නැග්ගයි කියමුකෝ. දැන් අපි ඉස්සරහ තියෙන්නේ දඹුලු ලෙන් සංකීර්ණය. මං හිතන්නේ ලංකාවේ වෙන කොහෙවත් මෙහෙම අපූරුවට නියම ස්වභාවික විදියට පිහිටලා තියෙන ලෙන් සංකීර්ණයක් නෑ. එතැන ලෙන් පහක්ම තියෙනවා. ඔය ලෙන් පහ ඇතුළේ වියළිව තියාගන්න මතුපිට ගලේ ඉහළින්ම කොටපු කටාරම් අදත් පැහැදිලියි. ඇත්තටම ඒවා මාර වැඩ. හිතන්නත් බැරි වැඩ. මිනිසුන්ට කරන්න අමාරු වැඩ. අපට ඒවා දකිද්දි හිතෙන්නේ එහෙමයි. තාක්ෂණයක් පවා නැති කාලේ ඔහොම වැඩ කළාය කියන එකත් පුදුමයක්. ඒ කොහොමින් හරි පස්සේ කාලේ මේ දඹුල්ලේ අපූර්ව ලෙන් සංකීර්ණයට එක එක අලුත් අලුත් අංග එකතු වෙලා. නමුත් එහෙමයි කියලා ලෙන් සංකීර්ණයට නම් කිසිම හානියක් වෙලා නෑ.

දඹුල්ල රජමහා විහාරයේ භාරකාරත්වය පන්සල් හතරකට හිමිවෙලා තියෙනවා. එකක් දඹුල්ල පළමු උයන්වත්ත පන්සල. අනෙක් පන්සල දඹුල්ල දෙවැනි උයන්වත්ත පන්සල. තුන්වැනි එක සහ අන්තිම එක වෙන්නේ දඹුල්ල මැද පන්සල සහ ඔය දඹුල්ල ඉහළ පන්සල. ඔන්න ඔය පන්සල් හතරටයි දඹුල්ල රජමහා විහාරයේ භාරකාරිත්වය තියෙනවයි කියන්නේ. ඉතින් ඊළඟට අපි හෙව්වේ දඹුලු ගල උඩ තියෙන ලෙන් සංකීර්ණයේ ඇතුළත කතාව ගැන. සමහර ලෙන්වල තියෙන්නේ ඉතාම තෙත ගතියක්. සමහර ඒවා ටිකක් වියළියි. හැබැයි ඒක නම් ලෙන්වල තියෙන පිළිමවලට සහ සිතුවම්වලට කොහොම බලපානවද කියලා අපි දන්නේ නෑ. ඒත් මීට ටික කාලෙකට උඩදි ලෙන්වල තියෙන පිළිම සහ සිතුවම්වලට යම්කිසි දිලීර හෝ බැක්ටීරියා ප්‍රශ්නයක් බලපෑවා. ඒක දැන් හොඳ මට්ටමින් විසඳිලා කියලා අපි හිතනවා.

දඹුල්ල රජමහා විහාරය ගැන කතාකරලා දඹුලු ලෙන් සංකීර්ණයේ තියෙන අර ලෙන් පහ ගැන වෙන වෙනම කතා නොකළොත් ඒක ලොකු අඩුවක්. මොකද දඹුල්ල රජමහා විහාරයේ අපි දන්න ඓතිහාසික බව සහ අපූර්වත්වය තියෙන්නේ එතැන. ඒ වගේම චමත්කාරය තියෙන්නේ එතැන. ඒ හින්දම අපි ඊළඟට කතාකරන්න යන්නේ ඒ සුප්‍රසිද්ධ ලෙන් පහ ගැන. කියවන ඔබ නොදන්නවාට ඔය ලෙන්වල වෙන වෙනම කියන්න තරම් හරි අපූරු රස කතා හැංගිලා තියෙනවා. හැබැයි අපි කියන්නේ පළමුවැනි ලෙන් තුන ගැන විතරයි. මොකද අන්තිම ලෙන් දෙකේ කියන්න තරම් දෙයක් නෑ.

දේවරාජ ලෙන
දඹුලු ලෙන් සංකීර්ණයේ තියෙන ප්‍රසිද්ධම වගේම පළමුවැනි ලෙන වෙන්නේ දේවරාජ ලෙන. මේ ලෙනටම “දිව්‍යමය රජුගේ ලෙන” කියලත් අතීතයේ කියලා තියෙනවා. ඒත් ඒ නම දැන් නම් වැඩිය කියන්නේ නෑ. මේ ලෙනට ඇතුළුවෙන තැනම පළමුවැනි සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර උපයෝගී කරගෙන ලියපු දඹුලු සංඝාවාසය ස්ථාපනය කිරීම ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒ වගේම ඇස් අදහාගන්න බැරි විදියට පිහිටි ගලේම කරපු අපූරු බුද්ධ ප්‍රතිමාවකුත් තියෙනවා. එතැනම ධර්ම භාණ්ඩාගාරික වෙලා හිටපු ආනන්ද හාමුදුරුවන්ගේ අපූරු සිතුවමක් වගේම විෂ්ණු දෙවියන්ගේ සිතුවමකුත් තියෙනවා. ඉතින් සමහර විට මේ ලෙනට “දිව්‍යමය රජුගේ ලෙන” කීවේ විෂ්ණු දෙවියන්ගේ සිතුවම නිසා වෙන්නත් බැරිකමක් නෑ.

මහා රජුන්ගේ ලෙන
දඹුලු ලෙන් සංකීර්ණයේ ලෙන් පහ අතරින් ඊළඟ ලෙන වෙන්නේ මහා රාජ ලෙන. මේ ලෙන තමයි ලෙන් පහෙන් විශාලම ලෙනත්. එතකොට මේ ලෙනේ හිටි බුද්ධ ප්‍රතිමා දාසයක් තියෙනවා. ඒ වගේම හිඳි බුද්ධ ප්‍රතිමා හතළිහක් තියෙනවා. ඒත් එක්කම ලෙනේ සමන් දෙවියන්ගේ වගේම විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමා දෙකක් දකින්නත් පුළුවන්. එතැනින් ගියාම වළගම්බා වගේම නිශ්ශංකමල්ල රජතුමාගේ ප්‍රතිමා දෙකකුත් තියෙනවා. ඔන්න ඔය හේතුව උඩයි මේ ලෙනට මහා රාජ ලෙන කියන්නේ. ඒ වගේම ලෙන තුළ මෛත්‍රී බෝසතුන්ගේ ප්‍රතිමාවක් දකින්නත් පුළුවන්. තව කුඩා චෛත්‍යයක් එහෙමත් ලෙන ඇතුළේ හදලා තියෙනවා. ඒ එක්කම ඉහළින් ජල බිංදු වැටිලා පිරිලා යන තඹ කළය තියෙන්නෙත් මේ අපූරු ලෙන ඇතුළේ. එතැනින් ගියාම සෑහෙන සිතුවම් ගණනක් මේ ලෙන ඇතුළෙදි දකින්න බැරිවෙන්නේ නෑ.

මහා අලුත් විහාර ලෙන
තුන්වැනි ලෙන වෙන්නේ මහා අලුත් විහාරය කියලා හඳුන්වන ලෙන. මේ අපූරු ලෙනේ ගොඩාක් තියෙන්නේ මහනුවර යුගයට අයත් සිතුවම්. ඒ වගේම මේ ලෙන ඇතුළෙදි බුද්ධ ප්‍රතිමා පනහක් විතර දකින්නත් පුළුවන්. ඒත් එක්කම රජ කෙනෙක්ගේ ප්‍රතිමාවකුත් තියෙනවා. ලෙන් පහෙන් ඔය ලෙන් තුන හැරුණම අනෙක් ලෙන් දෙක පොඩියි. ඒ වගේම ඒ ලෙන් එච්චර ප්‍රසිද්ධත් නෑ. අනෙක් ලෙන්වල වගේ බලන්න දෙයකුත් නෑ. ඒක හින්දම දඹුලු ලෙන් සංකීර්ණය බලන්න යන අය ඒ ලෙන් දෙකට නොයන වෙලාවලුත් තියෙනවා.
චමිලා ප්‍රියදර්ශනී

SendShareShare
Previous Post

පුංචි තිරේ CID මීටරේ

Next Post

ෆිගෝ හොලිඬේස් ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.