• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුංචි තිරේ CID මීටරේ

January 1, 2020
in Heart
Reading Time: 2 mins read
A A
පුංචි තිරේ CID මීටරේ
Share on WhatsAppShare on Facebook

එදා සිට අද දක්වාම ජනප්‍රියත්වය නොනැසී රැක ගත් කලාකරුවන් අතර පාලිත සිල්වාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. පාලිත සිල්වාට ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී භූමිකාවක් හිමි වන්නේ ඔහු වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාව යන අංශ තුනේදීම එක සේ දස්කම් පෙන්වන නළුවෙක් වීම හින්දයි. කලාව සහ පාලිත සිල්වා අතර තියෙන සම්බන්ධය වගේම කලාවත් එක්ක ඔහු ගෙවපු ජීවිතයත් හරිම රසවත්. අපි පාලිත සිල්වා හොයාගෙන යන්න තීරණය කළේ ඒ රසවත් තොරතුරු ඔබ එක්කත් බෙදා ගන්න ඕනෙ හින්දයි.
මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල පොඩි වැඩ වගයක් කරනවා. රූපවාහිනී ටෙලි නාට්‍යයක් වගේම වේදිකා නාට්‍යයකුත් ලියන්න හිතා ගෙන ඉන්නේ. ඒකට වෙලාවක් එනකල් තමයි දැන් ඉන්නේ.
පාලිත සිල්වා කියන නම ඇහුව ගමන් අපට මතක් වෙන්නේ නළුවෙක්. එතකොට ලිවීම සහ පාලිත සිල්වා අතර තියෙන සම්බන්ධය මොන වගේද?
ඒක මට අලුත් දෙයක් නෙවෙයි. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 38ක් වෙනවා. ඒ ආව මුල ඉඳන්ම මම පිටපත් රචනයට සම්බන්ධ වෙලා තියෙනවා. මම අධ්‍යක්ෂණය කරපු බොහොමයක් වේදිකා නාට්‍ය රචනය කළෙත් මම. ඒ වගේම ‘අමුත්තෙක් ඇවිත්’ ටෙලි නාට්‍යයත් රචනා කළේ මම.
මේ දවස්වල ලංකාවේ තියෙන ටෙලි නාට්‍ය කලාව ගැන මොකද හිතෙන්නේ. ටෙලි නාට්‍යය කලාවේ අර්බුදයක් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. මේ ගැන මොනවද කියන්න තියෙන්නේ?
දැන් යන්නේ මෙගා නාට්‍යනේ. මෙගා නාට්‍ය නරකයි කියනවා නෙවෙයි ඒත් අපේ සිස්ටම් එකේ ලොකු අර්බුදයක් තියෙනවා තමයි. මේ මෙගා නාට්‍ය කලාව අපි බටහිරින් අනුකරණය කරපු දෙයක්නේ. ඒත් මට හිතෙන්නේ ඒක අපි හරියටම අල්ල ගත්තේ නැහැ. උදාහරණයක් කිව්වොත් බටහිර රටවල ීද්ච දචැර් විදියට පටන් ගත්ත කලාව තමයි අපි මෙගා නාට්‍ය විදියට අනුකරණය කළේ. ඒත් ඒ රටවල මේක එදිනෙදා රූගත කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් නාට්‍ය එක දිගටම රූගත කරනවා. මඟදි චරිත මාරු කරන්නේ නැහැ. තියෙන චරිතවලට අලුත් සිද්ධි එකතු කරන එක තමයි ඒ අය කරන්නේ. ඒ හින්දා ඒ නාට්‍ය ඉතාම සාර්ථකයි. ඒත් අපේ වෙන්නේ ඒක නෙවේනේ. අපේ නාට්‍යවලට හැමදාම අලුත් චරිත එනවා. ඉන්න චරිත මැරෙනවා. එතකොට කොහොමද නාට්‍යයක් සාර්ථක වෙන්නේ. ඇත්තටම මේ මෙගා කලාව ජීවිතේ වගේ දෙයක්නේ. එතකොට ජීවිතේට ප්‍රශ්න ආවම අපිට අපිව මරලා දාන්න පුළුවන්ද? බැහැනේ. ඒවට උත්තර හොයා හොයා යන එක තමයි කරන්න ඕනේ. ඒත් අපේ නාට්‍යවල වෙන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒකයි මම කියන්නේ අපි අල්ල ගත්තේ ඒ කලාවේ ලාභදායී දෙය විතරයි. ප්‍රධාන නළුවගේ ගාන වැඩි වුණාට ඔහුව මරලා ගාන අඩු වෙනත් නළුවෙක් ගේනවා. මෙගා නාට්‍යය රැල්ල අපි අල්ල ගත්තට ඒකේ තියෙන ක්‍රමානුකූල බව අපි අල්ල ගත්තේ නැහැ.
අපි බටහිරට වැඩිය ඉන්දියාව ආදර්ශයට ගන්න එක මේ තත්ත්වයට හේතු වුණා කියලා චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒකෙත් ඇත්තක් තියෙනවා. ගොඩක් ඉන්දියානු නාට්‍යවලත් ඒ තත්ත්වය පේන්න තියෙනවා. හැබැයි ඉන්දියාව ගොඩක් දුරට ඇමෙරිකාව කොපි කරන්න හදනවා. ඒ වගේම මට පේන තව දෙයක් තියෙනවා. මට තේරෙන විදියට ඉන්දියාව අපි වගේ රටවල් සඳහා වෙනම නාට්‍ය නිර්මාණය කරනවා. ඒ සමහර නාට්‍ය බලද්දී මට එහෙම හිතෙනවා. මොකද ඒ නාට්‍යවල පෙන්වන දේවල්වලින් ඉන්දියානුවන්ට ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා වෙලාවකට හිතෙනවා.
ඔබ මෙගා නාට්‍ය ගැන කලකිරීමෙන් වගෙයි කතා කරන්නේ?
නැහැ. නැහැ. මට කිසිම කලකිරීමක්වත් තරහක්වත් නැහැ. එහෙම කලකිරිලා මේ ක්ෂේත්‍රයේ ඉන්නත් බැහැ. මොකද අපේ රටේ කලාවට සම්බන්ධ පිරිස හරිම සීමිතයි. ඒ පිරිස හරි ඉන්න හින්දා තමයි අපිට මෙහෙම හරි කතා කරන්න දෙයක්වත් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒ නිර්මාණවල ගුණාත්මකභාවය වැඩි කරන්න අපිට කරන්න පුළුවන් හැම බලපෑමක්ම කරනවා. හැබැයි ඒ බලපෑම බාර ගන්න එක නිර්මාණකරුවගෙත් වගකීමක්. රඟපෑම අධ්‍යයනය කරලා ආව මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විදියට ඒක අපේ වගකීමක් කියලයි මම හිතන්නේ.
මෙච්චර කල් ආව දීර්ඝ ගමන ගැන මොකද දැන් හිතෙන්නේ?
හරිම සතුටුයි. ඒක බොහොම අමාරු ගමනක්.
මං හිතන්නේ ඒ අතීතය කොච්චර කතා කළත් එපා වෙන එකක් නෙවෙයි. ඒ හින්දා මතක් කරමු ඒ අතීතය. පාලිත සිල්වා කොහොමද කලාවට සම්බන්ධ වුණේ?
මම මුලින්ම පාසල් වේදිකාවෙන් තමයි කලාවට සම්බන්ධ වුණේ. ඊට පස්සේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමේ අවස්ථාව මට හම්බ වුණා. හැබැයි එහෙම වැඩ කර ගෙන යද්දී මට එක දෙයක් තේරුණා. ඒ තමයි රඟපෑමෙන් ඉස්සරහට යන්න නම් ඒක අධ්‍යයනය කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ මම රඟපෑම අධ්‍යයනය කෙරුවා. ලංකාවේ ඒ දවස්වල හිටිය ප්‍රවීණයන් යටතේ රඟපෑම හදාරන්න මට අවස්ථාව ලැබුණා. හැබැයි තාමත් මම ඒක සම්පූර්ණයෙන්ම හදාරලා නැහැ කියලයි මම හිතන්නේ. මහා සාගරයක් වූ ඒ අධ්‍යයනයේ ගැඹුර මම තාම හොයනවා. මැරෙන්න කලින් හරි ඒකේ පතුල හොයා ගන්න තමයි මම උත්සාහ කරන්නේ.
එතකොට පාලිත සිල්වාව මුලින්ම මිනිස්සු අඳුර ගන්නේ වේදිකා නළුවෙක් විදියට. මොනවද ඒ දවස්වල සම්බන්ධ වුණු නාට්‍ය?
නිහාල් සිල්වා මහත්තයාගේ පුංතිලා නාට්‍යයේ තමයි මම ඉස්සෙල්ලාම වැඩ කළේ. එතැනින් පස්සේ එතුමාගේ කතරගම රූමතිය, නෙයිනගේ සූදුව වගේ නාට්‍යවල මම වැඩ කළා. නිහාල් සිල්වා මහත්තයාගේ ජනප්‍රියම නාට්‍යය වුණු සාජන් නල්ලතම්බි නාට්‍යයෙත් මට ප්‍රධාන චරිතයක් හම්බ වෙනවා. රඟපෑමෙන් විතරක් නෙවෙයි ඒ නාට්‍යය සංස්කරණය ඇතුළු වැඩ කටයුතු රාශියක් සඳහා ලොකු දායකත්වයක් දෙන්නත් මට අවස්ථාව ලැබුණා.
නිහාල් සිල්වා, පාලිත සිල්වාගේ නෑයෝ කියලා ගොඩක් අය කියනවා. ඒක ඇත්තද?
නැහැ. එහෙම නෑ කමක් නැහැ. ඒත් එතුමා මගේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේම අපි එකට වැඩ ගොඩක් කළා. ඒ හින්දා වෙන්න ඇති එහෙම කියන්නේ.
වේදිකාවෙන් කලාවට පිවිසුණු ඔබ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද?
ආර්.වී. විමල් මහත්තයා හරහා තමයි ඒ අවස්ථාව ලැබුණේ. ඒ හරහා තමයි මම ආටක නාටක වැඩසටහන් මාලාවට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ නත්තල් සීයා නමැති ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. ඊළඟට සුනිල් රත්නායක මහත්තයාගේ පහන් වැට ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඊළඟට එතුමාගේ සුසීමා ටෙලි නාට්‍යයේ තමයි මට ප්‍රධාන චරිතයක් හම්බ වෙන්නේ. එතැනින් තමයි මිනිස්සු මාව අඳුරගත්තේ.
මේ වෙද්දී ඔබ ටෙලි නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද?
ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 20කට වැඩියි. මං හිතන්නේ දැනට ටෙලි නාට්‍ය 250කට වැඩිය මම රඟපාලා තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Next Post

ලංකාවේ ලොකුම ලෙන් විහාරය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.