කොළඹ කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ සිය කාර්යාලය පවත්වාගෙන යමින් මහා පරිමාණයේ මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට හසුවූ රුපියල් කෝටි 75ක් අහිමි කරගත් ව්‍යාපාරිකයකු ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ආචාර්ය උපාධිධාරියෙක් වන එම ව්‍යාපාරිකයාට මලයාසියාව සමඟ ව්‍යාපාරික ගනුදෙනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ ව්‍යාපාරිකයා වැදගත් තොරතුරු රැසක් හෙළි කරන බවත් ඒ ඔස්සේ ඉදිරි විමර්ශන පවත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.
මෙරට ජනප්‍රිය නිළියක් යොදා මේ ව්‍යාපාරිකයාව ‘බ්ලැක්මේල්‘ කිරීමට පවා තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බවද සඳහන්ය.
ඒ අනුව ඉදිරියේදී තිළිණි ප්‍රියමාලිගේ කොන්ත්රාත්වලට අනුව ව්‍යාපාරිකයන් බ්ලැක්මේල් කළ නිළියන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට ද සූදානම් වන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ වංචාව ඇය විසින් තනිවම කර නැති බවත් ඇය සමඟ මේ වංචාවට සම්බන්ධ වූ තවත් අයකු ගැන පැහැදිලි තොරතුරු දැනට ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2015ට පෙර පැවති ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරයකුගේ සමීපයේ සිටි එම පුද්ගලයාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඇගේ සැමියා ලෙසද පෙනී සිටි මේ පුද්ගලයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ගෙන ඇති බවද සඳහන්ය.