• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කෝටි ගණනක වස්තුව සමග හමුවූ සුගලා දේවිය

August 14, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කෝටි ගණනක වස්තුව සමග හමුවූ සුගලා දේවිය
Share on WhatsAppShare on Facebook

සුගලා දේවිය යනු හෙළ කිරුළට උරුමකම් කියන්නට අයිතියක් තිබූ රජ බිසවකි. එනිසා බොහෝ පිරිසක් ඇය හඳුන්වා ඇත්තේ සුගලා රැජින ලෙසිනි. එසේම ඇය සේනාධිනායිකාවකි. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව ඇය සටන් කිහිපයක් මෙහෙයවා තිබිණි. ඒ උතුම් වූ දළදා වහන්සේ හා ප්‍රාත්‍රා ධාතුන් වහන්සේ රැක ගැනීමේ කටයුත්ත වෙනුවෙනි. එනිසාම ඇය ඉතිහාසය උඩු යටිකුරු කළ වීර කාන්තාවක ලෙසද ප්‍රසිද්ධය.

විජයබාහු රජුගේ මිනිබිරියක වූ සුගලා දේවිය පසු කලෙක විජයබාහු රජුගේ සොයුරියක වූ මිත්තාගේ පුතකු වන ශ්‍රී වල්ලභයන් සමග විවාහ ගිවිස ගත්තාය. සුගලා දේවිය සමඟ විවාහයෙන් පසුව ශ්‍රී වල්ලභයන් හට රෝහණ දේශයේ කිරුළ හිමිවෙයි. ශ්‍රී වල්ලභයන්ගේ ඇවෑමෙන් පසු ඔවුන්ගේ පුත් මානාභරණට එම කිරුළ හිමිවිය. මේ කාලයේ පරාක්‍රමබාහු රෝහණ දේශයේ බලය අල්ලාගැනීමේ උත්සාහයක යෙදෙන අතර ඔහුගෙන් රෝහණ දේශයත්, දළදා වහන්සේත්, පාත්‍රා ධාතුවත් ආරක්ෂා කරගැනීම උදෙසා සුගලා දේවිය දැඩි කැපවීමකින් සහ උනන්දුවකින් යුතුව නිර්භීතව සේනා හසුරවමින් කටයුතු කර ඇත. එහෙයින් ඇය මෙරට වීරත්වයේ ලා සලකා කාන්තා චරිතක් බවට පත්වන්නීය.

දේහධාරී කාන්තාවක වූ සුගලා බිසව අඩි හතක් පමණ උසින් යුතු වූ බවත් ජනප්‍රවාදයේ පැවත එන කාරණාවකි. කෙසේ වුවද මෙරට ඉතිහාසය ගැන ලියැවුණු මහාවංශයේ ඇයට හිමිව ඇත්තේ සුළු ඉඩක් වීමද යම් මතභේදයකට තුඩුදුන් කාරණයක් ලෙස සඳහන් කළ හැකිය. එලෙස ඉතිහාසය තුළම සැඟවී ගිය සුගලා දේවිය සම්බන්ධ කතිකාව අලුත් කරමන් යළිත් ඇය ගැන කතාව කරළියට එන්නේ 2013 වසරේදීය.

ඒ, මහවැලි ‘සී’ කලාපයේ ගල් පර්වතයක මිහිදන් කර තිබූ සුගලා දේවියගේ සිරුර කිසියම් පිරිසක් විසින් සොයාගෙන කෝටි ගණනක වස්තුව පැහැරගෙන නිරුපද්‍රිතව තිබූ ඇගේ සිරුර විනාශ කර ඇති බවට පැතිරගිය කතාවත් සමගිනි. එහිදී වඩාත් වැදගත් කාරණය වනුයේ එලෙස යම් සිරුරක් බෙහෙත් ගැල්වීම මගින් නිරුපද්‍රිතව තබා ගැනීමේ හැකියාව තිබුණා නම් එවැන්නක් සනාථ කිරීමට මෙරටින් හමුවූ එකම සාක්ෂිය එයින් විනාශ වී යෑමය.
කතාව ප්‍රචලිතව ඇති ආකාරයට අදාළ ගල්කුල බෝර දමා පුපුරා හැරීමේදී විශාල ගල් දෝනාවක් හමුව තිබේ. එහි තිබී හමුවූ ගල් පෙට්ටියක් තුළ කාන්තා මළ සිරුරක් තිබී හමුවී ඇති අතර ගල් කොරියේ කටයුතු කළ පිරිස එම සිරුර සමග තිබූ වස්තුව රැගෙන සිරුර පිළිස්සීමට කටයුතු කර තිබේ. එහෙත් සිරුර පිළිස්සී නොයෑම නිසා අවසානයේ එය මහවැලි ගඟට දැමූ බවත් පැවසෙයි.
එහෙත් මේ සියල්ල දන්නා බොහෝ පිරිසක් අද පවසනුයේ සිද්ධියට සම්බන්ධ කිසිවකුත් අද ජීවත්ව නැති බවකි. ඔවුන් විවිධාකාර අනතුරු සහ උපද්‍රවවලට හසුව මියගොසිනි. තතු දන්නෝ පවසන ආකාරයට ඒ සුගලා දේවියට කළ අපහාසයත් ඉතිහාසයට කළ විනාශයත් නිසාවෙනි. එසේ බලද්දී ඒ හමුවූයේ සුගලා දේවියගේ සිරුර නොවේ යැයි කියා කිසිවකුටත් තර්ක කළ නොහැකිය.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

භික්ෂුන් වහන්සේලා දවල්ටත් පෙනී නොපෙනී යන ආරණ්‍යය

Next Post

ශිෂ්‍යත්වයේදී මතුවන බලගතු පැන්සලේ කතාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

රෝහණ විජේවීරගේ පවුලට රාජ්‍ය දරන වියදම මෙන්න.. - ලැජ්ජාවක් තියනවා නම් මේ වියදම ජවිපෙන් දරන්න...! සජබ පා.ම. ප්‍රසාද් සිරිවර්ධන Sri...

Read more
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.