• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

August 14, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම
Share on WhatsAppShare on Facebook

පොල්තෙල් පහනක් දිෂ්ටි කර මිනීමරුවන් කොටුකරයි

“බණ්ඩො එළියට ගිහින් බලපන්. ගැහැනු කෙනෙක් වැළපෙනව වගේ ඇහෙනව” තමන් හමුවට පැමිණි ලෙඩකුට සෙත් ශාන්තියක් කරමින් සිටි කොණ්ඩදෙණිය හිමියෝ සිය අතවැසියා අමතා පැවැසූහ.
බණ්ඩා දේව මන්දිරයෙන් පිටතට පැමිණ පෝලිම්ගැසී සිටි පිරිස අතරට විත් බලන විට කඳුළු වගුරුවමින් හඬා වැළපෙන වයෝවෘද්ධ මවක් දුටුවේය.
වයෝවෘද්ධ මව හඬා වැළපෙන තැනට ගිය බණ්ඩා ඇගෙන් තොරතුරු විමසුවේය.
“අනේ පුතේ මට රන් කඳක් වගේ හිටපු එකම පුතා හතුරො කට්ටියක් අකාලයේ මරල දැම්මා. තාම ඒ අපරාධය කළ කවුරුවත් අල්ලගන්න පොලිසියට බැරිවුණා. මං මේ කාරණාව කොණ්ඩදෙණිය හිමියන් ලවා දෙවියන්ටවත් කියල දේව දඬුවමක්වත් ඒ අපරාධකරුවන්ට ලබාදෙන්න හිතාගෙනයි ආවේ. අනේ පුතේ මට කොණ්ඩදෙණියෙ හිමියන්ව මුණගස්වන්නකො” හැඬූ කඳුළු අතරින් කාන්තාව කී කතාව බණ්ඩාගේ පමණක් නොව ඒ අවට සිටි සැමගේම හදවත් කම්පා කළේය.
වහාම දේව මන්දිරයට ගිය බණ්ඩා සිදුවී ඇති කාරණාව සීලරතන හිමියන්ට සැල කළේය. එපවත් ඇසූ කොණ්ඩදෙණියේ හිමියන් තම පුතුගේ වියෝවෙන් තැවෙමින් සිටි කාන්තාව දේව මන්දිරය තුළට කැඳවා ගත්හ. වැළපෙමින් පැමිණි කත වත්තන් කරගෙන ඇගේ සැමියාද, ඥාතිවරියකද පැමිණ සිටියහ.
“දැන් කියමු බලන්ට මේ උපාසක අම්මට මොකද වුණේ කියල” සීලරතන හිමියෝ මුලපිරූහ.
“මතු බුදුවෙන්ට පින් කරන හාමුදුරුවනේ. මට සිදුවුණු පුවත කියාගන්ට බෑ දෙවියනේ. අපට හිටියේ එකම දරුවයි. ඒ දරුවට අපි ඉගැන්නුවෙ බොහොම දුක් මහන්සියෙන්. කෝම හරි දරුව ඉගෙනගෙන ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙටත් ගියා. ඒත් ගමේ යමක් කමක් තිබූ එවුන්ගෙ දරුවන්ට එච්චර දුරක් ඉගෙනගන්න බැරි වෙනකොට අපේ දරුවට වෛර කළා හාමුදුරුවනේ” යැයි කියත්ම මව ක්ලාන්ත වූවාය.
කොණ්ඩදෙණිය හිමියන් අසල තිබූ රත්‍රන් පැන් කෙණ්ඩිය අතට ගෙන එය තුළ තිබූ පිරිත් පැන් ටිකක් බුලත් කොළයකට ගෙන දේව මන්දිරය දෙස බලාගෙනම ස්තෝත්‍ර කිහිපයක් කීහ. ඒ අතර සෙමින් මන්ත්‍රයක් ජප කොට පිරිත් පැන් රැඳි බුලත් කොළයට තෙවරක් පිඹ කාන්තාවගේ හිස මුදුනට පිරිත් පැන් ටික දමා ඒ අසලින් හුන් සැමියාට ඇගේ හිස හෙමිහිට පිරිමදින ලෙස කීහ.
සැමියා එසේ හිස පිරිමදින විට කාන්තාව යළි ප්‍රකෘති තත්ත්වයට පත්වූවාය.
සිදුවූයේ කුමක්දැයි නොදත් කාන්තාව සීලරතන හිමියන් දෙසත් දේව මණ්ඩලය දෙසත් සිය සැමියා දෙසත් පුදුමයෙන් බලන්නට වූවාය.
“මොකද මේ උපාසක අම්මට වුණේ” යැයි සීලරතන හිමියන් විමසුවද ඇය පෙර කියාගෙන ආ කතාව ඇයට සිහිපත් නොවීය. ඇය පසුවූයේ දැඩි කම්පනයටක පත්වූ පරිද්දෙනි.
“අපේ හාමුදුරුවන්ට කිව්වම මොකද දැන් වසරක පමණ කාලයක් මෙයා පුතා ගැනම තමා කල්පනාව. කුසට අහරක් ගන්නේ නෑ. රෑට ටිකක් නින්ද යනව. ඒ හැර අවදිවෙලා ඉන්න හැම මොහොතකම පුතා ගැන සිහිකර කර අඬා වැළපෙනවා.”
“අපේ පුතා විශ්වවිද්‍යාලෙට ගියාට පස්සේ ගමේ යමක්කමක් තිබුණ අය පුතාට වෛර කළා. හැමදාම අපි ලවා උන්ගෙ බැලමෙහෙවර කරගන්ට තමයි උන්ගෙ කල්පනාව තිබුණේ. පුතා විශ්වවිද්‍යාලෙට ගියාට පස්සේ පුතා නැවතිල හිටපු තැන ඉඳගෙන පුතා උගත් දෙයින් තවත් දරුවන්ට ඉගැන්නුවා. පුතා එහෙම කළාම ලැබුණ මුදලින් ගෙදර අඩුපාඩුත් සපිරුවා. අපි කුලී වැඩට යන එකට පුතාගෙ කැමැත්තක් තිබුණෙ නෑ. පුතා ඉහළට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරල අපිවත් රැකගනීවි කියල අපටත් ලොකු හීනයක් තිබුණා. දරුවගෙ අම්මට තිබුණෙත් දරුව ඉහළට යන හීනෙ තමයි.”
“අනේ අපේ හාමුදුරුවනේ අපට තිබිච්ච ඒ ලස්සන හීනෙ ගමේ හිටපු යමක් කමක් තිබුණඋන් කඩාබිඳද දැමුවා” සැමියාගේ දෑසෙන්ද උණු කඳුළු වෑහෙනු සීලරතන හිමියෝ දුටුවහ.
“හොඳයි, මොකද අන්තිමට වුණේ” සීලරතන හිමියෝ යළිත් විමසූහ.
“මේකයි හාමුදුරුවනේ දවසක් පේ පුතා විශ්වවිද්‍යාලෙ නිවාඩුවකට ගෙදර ඇවිත් තිබුණා. ඒ එන විට තරමක් රැබෝ වෙලා මහා තදින් වැස්සකුත් තිබුණා. ගමට එන විට පාලමකින් මෙගොඩ වෙන්න තිබුණා. උදේ සිටම පැවැති වැස්ස නිසාවෙන් පාලම උඩින් වතුර ගලාගිහින් තිබුණා. පසුදා උදේ තරුණයකුගෙ මළ සිරුරක් ගඟේ ගහගෙන ඇවිත් පොලිසියෙන් ගොඩගත්ත කියා කතාවක් ගමේ පැතිරුණා. ගමේ හැමෝම ඒ සිද්ධිය බලන්න යනකොට මමත් ගියා. අනේ දෙවියනේ ඒ ගිහින් බලනකොට තමයි දැක්කෙ ඒ අපේ පුතා බව. අනේ අපිට මැණිකක් වගේ හිටපු අපේ පුතා ඒ වගේ අවාසනාවන්ත විදියට අපට නැති වුණා. හාමුදුරුවනේ අපි හිතන් හිටියෙ අපේ පුතාව එදා රාත්‍රියෙ එන විට පාලම උඩදි ඇළට වැටෙන්න ඇති කියල. ඒත් හාමුදුරුවනේ පුතාගෙ මරණය ගැන පරීක්ෂණයක් කළාම ඇඟ පුරාම තුවාලත් තිබුණා. අන්තිමේදී මරණ පරීක්ෂණයේදී තීරණය වුණේ පුතාගෙ බෙල්ල මිරිකා මරල කියල.
ඊට පස්සෙදි ගඟට දාන්න ඇති කියලයි ප්‍රකාශ වුණේ. ඇඟ පුරා තිබුණ තුවාල කිසියම් පිරිසකගෙන් බේරගන්න පොරබදල වෙච්ච තුවාල කියලයි පරීක්ෂණය කළ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ” එසේ කී පියාද එවර ඉකිබිඳ හඬන්නට විය.
මේ කතාව අසාගෙන සිටි මවද යළිත් සිහිසුන් වූවාය.
සීලරතන හිමියන් යළිත් පිරිත් පැන් ටිකක් මතුරා මුහුණට ඉස ඇය ප්‍රකෘති තත්ත්වයට ගත්හ.
පියා යළිත් කඳුළු අතරින් කතා කළේය.
“ඉතින් හාමුදුරුවනේ අපේ පුතාගෙ මරණය මිනී මැරුමක් බවට එදා තීන්දු වුණා. ඒත් අද වන විට අවුරුද්දක් විතර ගෙවිලා. දරුවගෙ අම්ම තාමත් පුතා ගැන හිත හිත අඬනව, දොඩනව. දැන් අවුරුද්දක් වෙලත් අපේ දෙර තාම මළ ගෙයක් වගේ. අප ඒ දවස්වල ඒ ගම අතෑරල අපේ ඥාතියකුගෙ ගෙදරකට ආවා. හාමුදුරුවනේ අපේ පුතා මරා දැමුව අපරාධකාරයො තාම නිදැල්ලේ. තාම පොලිසියට අපරාධකාරයො අල්ලගන්න බාරිවුණා. අපටත් ඒ අපරාධය කළේ කවුද කියලා දැනගන්න අවශ්‍යයි. ඒ වගේම ඒ අපරාධය කළ අයට දඬුවම් ලබාදෙන්නත් ඕනෑ. අපි ඔබවහන්සේව හොයාගෙන ආවෙම විපතකට පත්වන අයට ඔබ වහන්සේ පිහිට වන බව දැනගෙනමයි.”
එසේ කී දරුවාගේ පියා සීලරතන හිමියන්ගේ දෙපා මුල වැඳවැටී උන්වහන්සේගේ දෙපා බදාගෙනම අනේ හාමුදුරුවනේ අහිංසක අපට පිහිටක් වෙන්නැයි අයැද සිටියේය.
සීලරතන හිමියන්ටද තිබුණේ දරඬු හිතක් නොවේ. අනුන්ගේ දුක අසා උණුවන හදවතක් උන්වහන්සේ සතුවිය. දෙන්න දෙමහල්ලන් කළ කී කතා යළි යළිත් මෙනෙහි කරමින් එම සිද්ධිදාමය සිය සිත තුළ ඇඳගනිමින් මොහොතක් දැඩි කල්පනාවේ නියුතුව සිටි කොණ්ඩදෙණියේ හිමියෝද එවර බිඳුණු හඬින් මාපිය දෙපළ ඇමැතූහ.
“හොඳයි මේ අම්මවත් වත්තන් කරගෙන බුදු මැදුරට ගිහින් බුදුන් වැඳල තමන් පැමිණි කාරණාව ඉෂ්ඨ සිද්ධ වෙන්ට කියල ප්‍රාර්ථනා කරගෙන ඇයව මේ දේව මන්දිරයට එක්ක එන්නකො” සීලරතන හිමියෝ පැවැසූහ.
ඒ සමගම තම අතවැසි බණ්ඩා අසලට කැඳවූ සීලරතන හිමියෝ ඔහු ලවා අලුත් මැටි පහහනක්ද කුඩා පොල්තෙල් බෝතලයක්ද ගිනි කබලක්ද ගෙන්වා ගත්හ.
දේව මණ්ඩලය අබියස පහන් වැටට බණ්ඩා ලවා නැවතත් පොල්තෙල් එක්කොට පහන් වැට නොනිමී තිබෙන්නට සැලැස්වූ සීලරතන හිමියෝ කාලි දේව මැණියන්ගේ සුරත මත තිබූ රන්පැහැ ලේන්සුව එක අතකටද පොල්මල් කිණිත්තක් අනෙක් අතටද ගන්න.
ගිනි කබලෙන් මතුවන කට්ටකුමංජල් දුමට තම දෑතේ වූ රතු ලේන්සුවද පුවක් මල් කිණිත්තද මැටි පහනද ඇල්ලූ සීලරතන හිමියෝ තම දේව මණ්ඩලයේ වැඩසිටින කාලි මෑණියත් දෙස කෙළින්ම බලාගෙන ස්තෝත්‍ර කියන්නට වූහ.
විනාඩි පහළොවක් පමණ ගතවන විට සීලරතන හිමියෝ කාලි මෑණියන්ගෙ ආරූඪය ගත්හ.
දේව මන්දිරය සිසාරා සීලරතන හිමියෝ මහා හඬින් සිනාසුනහ. ඒ ඇසිල්ලෙන් කාලි මෑණියන්ගේ අවතාරය වන කළු බළල් තඩියාද කොහේදෝ සිට පැනගෙන විත් හිමි දෙපා අසල වැතිරී පුරු.. පුරු… ගාන්නට විය.
මෙම අත්දැකීම් මැනවින් දැන සිටි බණ්ඩා අසල උන් මාපිය යුවල සනසා “බිය වෙන්න එපා. අපේ සීලරතන හාමුදුරුවෝ වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරාවියි” කීවේය.
හිමියන්ගේ ආරූඪය හමුවේ තැතිගනිමින් සිටි මාපිය යුවල බණ්ඩාගේ වදන්වලින් තරමක් තැන්පත් විය. හිමියෝ දේව මන්දිරය දෙදරා යන හඬින් ස්තෝත්‍ර කීහ. විටෙක සෙමින්ද, තවත් විටෙක ඉතාම උච්ඡ ස්වරයෙන්ද ස්තෝත්‍ර කී හිමියන් එවර ආරූඪයෙන්ම අසරණභාවයට පත්ව සිටි මාපිය යුවල අමතන්නට වූහ.
“හ්ම්… හහ්… හහ්… හහ්… ආ… දරුවනේ උඹල දේව මන්දිරයට ආවෙ. සිදුවෙච්ච අපරාධයක අපරාධකරුවො හඳුනගෙන දඬුවම් පමුණුවන්න නෙවෙද?”
“එ… එහෙමයි… හාමුදුරුවනේ”
“දැන් හාමුදුරුවො දේව ආරූඪයෙ ඉන්නෙ. ඒ නිසා එහෙමයි දේවයන් වහන්ස කියල උත්තර දෙන්න” බණ්ඩා මාපිය යුවල දැනුවත් කළේය.
“මේ අපරාධකාරයො පවුල් දෙකක අය. මේක සාහසික අපරාධයක්. නරුමයො හත්දෙනෙක් එකතුවෙලයි මේ අපරාධය කළේ”
“මේ දරුවො බයවෙන්ට කාරි නෑ. මං මේ අපරාධකාරයො නීතියේ රැහැනට කොටුකරල දෙනව.”
“එහෙනම් අපරාධකාරයො නීතියේ රැහැනට කොටුකරල දෙමු. එහෙම කළාම දරුවනේ උන්ට නීතියෙන් දඬුවමුත් ලැබේවි. ගමේ ඇත්තොයි රටේ ඇත්තොයි අපරාධකාරයන්ට දඬුවම් ලැබුණ හැටිත් දැනගනීවි. මොකද දරුවො කියන්නෙ”
“එහෙමයි… එහෙමයි… දේවයන්වහන්ස ඔබ වහන්සේ කියන දේට අපි එකඟයි”
ඒ සැණෙකින් ආරූඪයෙන් මිදුණු සීලරතන හිමියෝ ඒ අසල තිබූ පුටුවෙහි ඈඳිගත්හ.
“මේ දරුවො ආපු කාරණාව කියවුණා” දැයි එවර සීලරතන හිමයෝ මාපිය යුවළ දෙස බලා විමසූහ.
“එහෙමයි… එහෙමයි… අපේ හාමුදුරුවනේ. කිරි ගහට ඇන්නා වගේ කියැවුණා. අපි ආවෙ මේ අපරාධකරුවන්ට ඔබ වහන්සේ ලවා දේව දඬුවමක්වත් ලබාදෙන්න හිතාගෙනයි. එහෙත් දෙවියන් වහන්සේ කීවේ ගමට, රටට දැනෙන්න අපරාධකරුවො නීතියෙ රැහැනට අසු කරල දෙමු කියල. අපිත් ඒකට කැමතියි හාමුදුරුවනේ”
“එහෙමද? බණ්ඩො ඔය ගිනි කබලයි, අර මතුරපු කට්ටකුමංජල් ටිකකුයි මෙහෙට ගෙනෙන්”
“එහෙමයි හාමුදුරුවනේ”
“අලුත් මැටිපහනක් ගෙන්න ගත්ත නේද? අන්න ඒකයි පොල්තෙල් ටිකයි පහන් තිර තුනකුයි මගේ අතට දෙනවකො”
“එහෙමයි. එහෙමයි”
සීලරතන හිමියන්ගේ අතට අවැසි කළමනා සියල්ල දුන් බණ්ඩා අසල තිබූ ගිනි කබලට මතුරා තිබූ කට්ටකුමංජල් ටිකක් ඉස්සේය.
හිමියෝ තම අත රැදි නැවුම් මැටි පහනයි, පහන් වැටි තුනයි, පොල්තෙල් රැඳි කුඩා බෝතලයයි, කට්ටකුමංජල් දුමට හොඳින් අල්ලාගෙනම මන්ත්‍ර කිහිපයක් ජප කළහ.
මන්ත්‍ර හඬ උස් පහත් වන විට ඒ අසල සිටි බණ්ඩා මතුරන ලද කට්ටකුමංජල් ස්වල්පය බැගින් ගිනි කබලට එක් කළේය.
පුරා පැයක පමණ කාලයක් එක දිගට මන්ත්‍ර කිහිපයක් ජප කළ හිමියෝ සඳුන් තෙල් ගෑ බුලත් කොළ තුනක් ගෙන නැවුම් පහනත්, පහන් තිර තුනත්, පොල්තෙල් බෝතලයත්, පියා අත තබා “උපාසක උන්නැහැ ගෙමිදුලේ පහන් පෙට්ටියක් තියලා තමන්ගෙ කාරණාව ඉෂ්ඨ සිද්ධ වෙත්වායි ප්‍රාර්ථනා කරගෙන හෙට උදේටයි, හවසටයි පසුදා උදේටයි වරු තුනට මේ පහන් තිර තුන දල්වන්ට ඕනෑ. මෙක කරන්ට ඕනෑ ගෙදර පිරිමියා වන තමන්මයි තේරුණාද?”
“එහෙමයි හාමුදුරුවනේ”
“මෙතන තියෙනවා සඳුන් තෙල් ගෑ බුලත් කොළ තුනක්. පහන තියෙන වරු තුනේම බුලත් කොළය බැගින් ගෙනමේ නැවුම් පහන බුලත් කොළය උඩ තබලයි දල්වන්ට ඕනෑ. වරු තුන ගතවෙන විට පහන් තිරය සුළඟට නැටවෙන ආකාරයට ඔය හැංගිල ඉන්න අපරාධකාරයො හත්දෙනාම නැටවි නැටවි පොලිසියට ගිහින් අහවල් අපරාධය කළේ අපියි කියා ප්‍රසිද්ධයේම පාපොච්ඡාරණය කරාවි.”
“අන්න එහෙම වුණාම ගමයි, රටයි ඔක්කොමල මේ සැඟවිලා සිටි අපරාධකාරයෝ හඳුනා ගනීවි. ඒ විතරක් නෙවෙයි උපාසක මහත්තයා උන්ට නීතියෙන් ලැබෙන්ට ඕනෙ නියම දඬුවමක් ලැබේවි”
“මං මේ නැවුම් පහන දිෂ්ඨි කොරලයි තියෙන්නෙ. පළමුවැනි දෙවැනි පහන් තිර දැල්විලා නැටවෙන විට මුන්ට කරපු අපාරාධය මතක් වෙලා තමුන්ගෙ ගෙවල්වල ඉන්ට බැරිව යනවා. තුන්වන පහන් තිරය දල්වලා එය සුළඟට නැටවෙන විට මුන් ටිකත් නට නටා අහවල් අපරාධය කළේ අපි තමා කිය කියා පොලිසියට යාවි. අපරාධය සිදුවෙලා අවුරුද්දක් ගතවෙලා තිබියදී අපරාධකාරයො එහෙනම් තමුන්ගෙ දෙපා මුලටම ආව නේද කියල හිතාගෙන පොලිසියෙ නිලධාරින් මුන් ටික කුදලල කූඩුවෙ දාලා උන්ට විරුද්ධව නඩු දමාවි. එහෙම නේද?” වෙන්ට ඕනෑ සීලරතන හිමියෝ. එවර මාපිය යුවලගේ මුහුණු දෙස කෙළින්ම බලා ජයග්‍රාහී ලීලාවෙන් විමසූහ.
“හොඳයි දැන් ඔය ඇත්තන්ට ගම් බලා යන්ට අවසර. සිද්ධ වෙන දේ මටත් දන්වන්ට ඕනෑ” යැයි හිමියෝ කීහ.
හිමි දෙපා වැඳ අවසර ගත් මාපිය යුවළ සිය ගම වන බද්දේගම බලා පිටත්ව ගියහ.
මාස දෙක තුනක් ගෙවී ගිය තැන මෙම පිරිස යළි කොණ්ඩදෙණිය පන්සලට පැමිණියහ.
“ආ… මේ අර අපරාධයකට දේව දඬුවම් ඉල්ලගෙන ආව උපාසක මහත්තයලනෙ. මොනවද මේ පෙට්ටිවල බරටම උස්සගෙන”
මාපිය යුවල බිම දිගාවී හිමිදෙපා වැඳ ගත්හ.
“හ්ම්… කියමු බලන්ට මොකද වුණේ කියල.” “ඔබ වහන්සේ බුදුවෙන්ට ඕනෑ. අප වැනි විපතට පත්වන අයට පිහිට වෙන එකට. ඔබ වහන්සේ කී පරිදි කිරි ගහට ඇන්න වගේ අපරාධකාරයො සියල්ල කොටුවුණා. අපරාධකාරයන්ට බයේ හිටපු දෙන්නෙකුත් පසුව සාක්ෂි දීමට ඉදිරිපත් වුණා. ඒ දෙන්න එදා රෑ දැකල තියෙනව උන් පුතා සමඟ පොරබදනව. නඩුව හොඳට ඇහෙනව. වරදකරුවන්ට දඬුවමුත් ලැබේවි. අපට අපේ රත්තරං පුතා නැතිවුණා. මේ අපරාධකාරයො හැමදාම සැඟවිලා ඉන්ටයි බැලුවෙ. එහෙම වෙන්ට නොදී මේ අපරාධකාරයො නීතියේ රැහැනට කොටුවුණේ ඔබ වහන්සේ නිසයි”
“හොඳයි උඹලට අතුරු ආන්තරාවක් වෙන්නෙ නෑ. මගේ දේව මණ්ඩලය උඹල ආරක්ෂා කොරාවි. හිටින් මේ ජීවම් කළ පිරිත් නූලක් බඳින්ට” කී හිමියෝ මාපිය දෙපළගේ මතු ආරක්ෂාවට උන්වහන්සේම ජීවම් කළ පිරිත් නූල්ද බැඳ ඔවුනට ආශීර්වාද කළහ.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

සෙංකඩගලපුරට මල් වැසි වස්සන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය ඇරඹෙයි….

Next Post

කැලණි පන්සලෙත් නාග ලෝකයට දොරටුවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.