ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධකරුවන් යැයි හඳුනාගෙන ඇති රාජපක්ෂවරුන් විසින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පාලනය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම අවධාරණය කළේ එවන් පසුබිමක් තුළ ජනාධිපතිවරයා රටේ ආර්ථික ප්‍රශ්න විසඳනු ඇතැයි යන්න පිළිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.










