ලබන නොවැම්බර් 24 වැනි දිනට පැවැත්වීමට නියමිත ඩී.ඒ. රාජපක්ෂ සමරුව මෙවර අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය කොට ඇත.
මේ පිළිබද විශේෂ සාකච්ජාවක් අද දින මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ නිලනිවසේදී පැවැත්වී තිබේ.
ඊට ඩී.ඒ. රාජපක්ෂ කමිටු නියෝජිතයන් ඇතුලු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පළමු වතාවට මහින්ද අමරවීර මහතාද ඊට සහභාගී වී සිටීමය.
එහිදී තංගල්ලේ සහ කොළඹ සමරු උත්සව පැවැත්වීමට තීරණය වී ඇති අතර අමරවීර මහතා තංගල්ල උත්සවයේ සංවිධාන කටයුතු බාරගෙන ඇති බවද දැනගන්නට තිබේ.










