අඩි 40,000ක් ඉහළ ගුවනේ සිලෝන් ටී නාමය සඳහා අතිවිශිෂ්ට ඇගයීමක් සංවිධානය කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ තේ සන්නාමය වන ඩිල්මා සමඟ එක්වෙමින් ඩුබායි සිට ලන්ඩන් බලා යමින් තිබූ එමිරේට්ස් A380 ගුවන් යානයක් තුළදී සමාගම් දෙක අතර තිබෙන වසර 27ක දැඩි බැඳීම පසුගියදා උත්කර්ෂවත්ව සමරන ලදී.
මෙම සම්භාවනීය අවස්ථාව A380 ගුවන් යානය තුළ තිබෙන විවේකාගාරය (On-board Lounge) තුළදී පැවැත්වුණු අතර ඒ සඳහා ඩිල්මා ටී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි, ඩිල්හාන් ප්‍රනාන්දු මහතා සහ ඩිල්මා ටී සමාගමේ සමාරම්භක, මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 15 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන පැවැත්වුණු අතර ගුවන තුළ මෙවැනි වැඩසටහනක් පළමුවතාවට පැවැත්වීම මෙහිදී කැපී පෙනුණි.











