ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම තැපැල් රක්ෂණ සැලසුම් හඳුන්වා දෙමින් දැරිය හැකි මිලකට ලබාගත හැකි වන පරිදි කුඩා පරිමාණ රක්ෂණ ක්ෂේත්රය වෙත පිවිසි බව දැනුම් දෙයි. දිවයින පුරා සේවයේ නියුතු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු ශාඛා බළකායේ ආධාරයෙන් මෙම රක්ෂණ සැලසුම් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙයි.
සෑම ශ්‍රී ලාංකිකයකුටම සෞඛ්‍ය රක්ෂණ හිමිකමක් ලැබීමේ අයිතිය තහවුරු කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් 1,50,000ක් සහ 3,00,000 බැගින් වන ජීවිත රක්ෂණ සැලසුම් ද්විත්වයක් ඉදිරිපත් කර ඇති අතර ඒ හරහා ස්වාභාවික මරණ මෙන්ම හදිසි අනතුරු නිසා සිදුවන මරණ සඳහාද රක්ෂණ හිමිකම් හිමිවේ. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ මූලික රක්ෂණ හිමිකම් ලාභියාට තම ජීවන සහකරුද රක්ෂණ වන්දි වෙනුවෙන් ඇතුළත් කිරීමට හැකිවීමයි. එසේම රෝහල් ගතවීමකදී ආකර්ෂණීය ප්රතිලාභ හිමිවීම මෙහි ඇති අනෙක් විශේෂත්වය වේ.











