සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රවීණ බැංකු වෘත්තිකයකු වන ලක්ෂ්මන් සිල්වා මහතා පත්කර තිබේ. ඒ මහතා දශක තුනකට අධික කාලයක් DFCC Bank PLC සහ එහි අනුබද්ධ සමාගම්වල ඉහළ තනතුරු දැරූ, අත්දැකීම් සම්භාරයක් සහිත වෘත්තිකයෙකි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ලක්ෂ්මන් සිල්වා මහතා 1987 වසරේදී DFCC බැංකු සමූහයට එක්විය. එහි දශකයකට අධික සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඒ මහතා DFCC වර්ධන බැංකුව වෙත පත්වීම් ලැබූ අතර, 2010 වසර වනතෙක් එහි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කළේය. ඉන් පසු නැවතත් 2015 වසරේදී ඒ මහතා DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ අතර, ඉන් අනතුරුව 2017 වසරේදී එම බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීම් ලබා, 2021 වසරේදී විශ්‍රාම යනතුරු එම තනතුරු දැරීය.
ඉහත තනතුරුවලට අමතරව ලක්ෂ්මන් සිල්වා මහතා DFCC සමූහයට අනුබද්ධ සමාගම් වන DFCC Consulting (Pvt) Ltd සහ Synapsys Limited යන සමාගම්වල සභාපති ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම ඒ මහතා Lanka Financial Services Bureau Limited, Sri Lanka Banks’ Association (Guarantee& Limited) Acuity Partners (Pvt) Ltd, Lanka Ventures Limited සහ LVL Energy Fund PLC යන සමාගම්වල සභාපති ලෙස කටයුතු කර ඇත. මීට අමතරව Lanka Clear (Pvt) Ltdහි අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කළ ඒ මහතා දැනට Lanka Industrial Estates Limited සමාගමේ සහ Panasian Power PLC සමූහයේ හා එහි අනුබද්ධ සමාගම්වල සභාපති ලෙස ද කටයුතු කරයි.











