• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාසනාව වැළලූ භූගත මන්දිරය

December 20, 2019
in Astrology
Reading Time: 1 min read
A A
වාසනාව වැළලූ භූගත මන්දිරය
Share on WhatsAppShare on Facebook

දින කිහිපයකට පෙර වාස්තු පරීක්‍ෂාවක් සිදුකිරීමට ගිය අවස්ථාවකදී අතීත සිදුවීමක් මගේ මතකයට ආවා. වැඩ බිමේ පසෙක ඉදිකොට තිබූ තාවකාලික මඩුවක් තුළින් අධික ශබ්දයකින් රේඩියෝවක් ක්‍රියාත්මක කොට තිබුණා. වැඩ බිමේ හඬටත් වඩා රේඩියෝවේ වාදනය වූ ගී හඬ ප්‍රබලයි. අදින් වසර කිහිපයකට පෙර එළිදැක්වූ තවමත් ජනප්‍රිය සුමිහිරි ගීයක් අසන්නකුගේ ඉල්ලීම පරිදි නිවේදකයා වාදනය කළා. එම ගීතය ගායනා කර ගායකයාගේ පළමු ගීතය වූ අතර, ගීතය නිර්මාණය කළ සංගීතඥයා පිළිබඳ වැඩිය අසන්නට නොලැබුණත් ගායකයා නම් ඉහළ ජනප්‍රියතාවක පසුවෙනවා. දෛවයේ සරදමක් හැටියට මා දකින්නේ ආධුනිකයන් බොහෝ දෙනෙක් ජනප්‍රිය ගායකයන් බවට පත්කළ සංගීතඥයාගේ ජීවිතය කඩාවැටීමයි. මේ ඔහුගේ කතාවයි.

මානෙල් කුඩා කල සිට සංගීතයට දක්‍ෂයි. හැමෝම කිව්වේ ඇය කෙදිනක හෝ රටේ ජනප්‍රිය, දක්‍ෂ, සම්මානනීය ගායිකාවක් වෙයි කියලා. හැමදාම ඇයට හීනයක් තිබුණ සංගීත ක්‍ෂේත්‍රයේ ඉහළටම යෑමට. නමුත් හැමදාමත් එය හීනයක් වුණේ පවුලේ අගහිඟකම් නිසා අඩු වයසකින් විවාහ වෙන්න වුණු නිසා. කමල් ඉපදෙද්දී මානෙල්ට අවුරුදු 23ක් වුණා විතරයි. තමන්ට යන්න බැරි තැනට තමන්ගේ දරුවෙක් කවදා හරි ගෙනයනවා කියලා මානෙල් හිතාගත්තේ පුතා ඉපදුණු දවසෙමයි. මානෙල්ගේ සැමියා සනත් වැඩ කළේ නාවික සමාගමක. සැමියා මානෙල්ට වඩා උගත් වුවත් මානෙල්ට තිබුණේ පුදුමාකාර බුද්ධියක්. සනත්ට රැකියාවේ යම් යම් ගැටලු ඇති වූ විට පවා මානෙල්ගේ අදහස් අනුව ගැටලු නිරාකරණය කරගැනීමට හැකි වුණා. කුඩා කල සිට කමල්ට මානෙල් ගීත ගායනය, ඕගන් වාදනය උගන්වනවා. තම මවගේ මඟ පෙන්වීමෙන් වසරක් පාසා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීමට කමල්ට හැකි වුණා.

තම පුතණුවන් ජයග්‍රහණ මාවතේ ගෙනියද්දී මානෙල් ඊළඟට කල්පනා කළේ තමන්ගේ ආදරණීය සැමියා සනත් පැය නවයේ රැකියාවෙන් මුදාගන්නේ කොහොමද කියලා. සරත්ගේ හැකියාවයි, කැපවීමයි, තමන්ගේම ව්‍යාපාරයකට යෙදෙව්වොත් ව්‍යාපාරික අතින් සාර්ථක වෙන එක අනිවාර්යයෙන්ම සිදුවන බව මානෙල් දැනගෙන හිටියා.

සනත් රැකියාවේ නිරත වන අතර, නාවික ක්‍ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක් සුළුවෙන් පටන්ගත්තා. සනත් රැකියාවේ නිරත වන විට අවිවේකී බව නිසා ව්‍යාපාරයේ කටයුතුවල බර කරට ගත්තේ මානෙල්. සනත් තමන් ව්‍යාපාරය ගැන දන්න හැම දෙයක්ම මානෙල්ට කියලා දුන්නා. වසර දෙකක්, තුනක් ගතවන විට ව්‍යාපාරය සාර්ථක වුණු නිසා සනත් රැකියාවෙන් ඉවත් වෙනවා. දිනෙන් දින ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු වෙනවා.

මානෙල් කමල්ට සංගීතයෙන් ඉහළ යන්න මඟ පෙන්වලා විතරක් හිටියේ නැහැ. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථකත්වයට පත්වෙන්න මඟ පෙන්වීමක් ලබා දුන්නා. අම්මාගෙ මඟ පෙන්වීම නිසා ගණකාධිකරණය සම්බන්ධ උසස් අධ්‍යාපනයක් ලබන්න කමල්ට හැකි වුණා.
ලස්සන ගෙදරක ඉන්න කවුරුත් ආසයි. මානෙල් සරත් එකතු වී අලංකාර නිවෙසක් ගොඩනැඟුවා. එහි කොටසක ශබ්දාගාරයක් ඉදිකළේ කමල්ගේ සංගීත කටයුතුවලට පහසුව සඳහා. කමල් ගණකාධිකාරණ ක්‍ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලැබුවත් ඒ හා සම්බන්ධ රැකියාවක නිරත නොවී පූර්ණකාලීනව සංගීත නිර්මාණ කටයුතුවල නිරත වුණා. කමල් ගායකයකු බවට පත්නොවී සංගීතඥයකු බවට පත්වුණා. ඔහු විසින් නිර්මාණය කළ ගීත කිහිපයක් ඉමහත් ජනප්‍රියතාවට පත්වුණා. කමල්ගේ දක්‍ෂතාව මත වෙළෙඳ දැන්වීම්, චිත්‍රපට ආදියට සංගීත නිර්මාණය කිරීමට හැකි වුණා. නමුත් ටික කලක් ගතවන විට කමල් කොතරම් දක්‍ෂ වුවත් ජනප්‍රියතාව ගිලිහී ගියා. නිර්මාණ කිරීමට අවස්ථා හිමිවුණේ නැහැ. සනත්ට හෘදයාබාධයක් හටගන්නේ හිටිහැටියේ.

එපමණක් නොව මානෙල් සහ සනත් බොහෝ දුක්මහන්සියෙන් ගොඩනැඟූ ව්‍යාපාර බංකොලොත් බවට පත්වන්නට පටන් අරගෙන තිබුණා. ණයතුරුස්වල ඉවරයක් තිබුණේ නැහැ. කොයිහරි වෙලාවක ගේයි, ඉඩමයි බැංකුවට සින්න වෙයි කියලා මානෙල් බයේ හිටියේ. කමල් සංගීතය කරන එක පැත්තක දාලා රස්සාවකට යන්න පටන්ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා. මේ තත්ත්වයට පත්වෙද්දී මාලිගාවක් වගේ හදාගත්ත ගෙදර පදිංචි වෙලා අවුරුදු දහයක් විතර ගතවෙලා තිබුණා. හිතේ සැනසීමත් නැහැ. සල්ලිත් නැහැ. ලෙඩ, රෝගවල ඉවරයකුත් නැති නිසා තමයි සනත් නිවෙසේ වාස්තු පරීක්‍ෂාව කිරීමට හිතුවේ. මානෙල්, සනත්ට අයත් නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමේදී හඳුනාගත් ඔවුන්ගේ විනාශයට මූලික වශයෙන් හේතු වූ වාස්තු දෝෂ සහ එම වාස්තු දෝෂ ඉවත් කිරීමට මා විසඳුම් ලබාදුන්නේ මෙසේය.
අඳුරු වූ භූගත මහල
මෙම නිවෙසේ ඒකාකාරව නොවිහිදුණු භූගත මහලක ගබඩා, වැසිකිළි සහ නාන කාමර හා වෙනත් කාමර ඉදිකොට තිබුණා. බොහෝ කලක් එම භූගත මහල ප්‍රයෝජනයට ගෙන නොතිබූ අතර, දැඩි අඳුරු වූ වාතාශ්‍රයෙන් තොර අපිරිසුදු ස්වභාවයක් ඉසිලීය.

නිවෙස්වල භූගත අඳුරු වූ කොටස් පැවැතීම විද්‍යාත්මකව මෙන්ම වාස්තු විද්‍යානුකූලවද ඉතාමත් දෝෂ සහිත වන අතර, එහි අන්ධකාර ස්වභාවය යම් අමනුෂ්‍ය සහ ප්‍රේත ආත්මයන්ගේ වාසභවනයන් විය හැකිය. මෙලෙස පිහිටීම ජීවිතවල සැනසීම නැති කර සැඟවුණු රෝගාබාධ ඇති කරන අතර, වාසනාවද නැති කරයි.

මෙම දෝෂයට පිළියම් වශයෙන් භූගත මහල හොඳින් ආලෝකමත් වන ලෙස සහ වාතාශ්‍රයෙන් පෝෂණය වන පරිදි වා සහ ආලෝක කවුළු ඇති කළා.
ප්‍රධාන දොර කෙළින් ගේට්ටුව
යම් නිවෙසක ප්‍රධාන දොර කෙළින් ගේට්ටුව පැවැතීම කලක් ගත වන විට නිවැසියන්ගේ ජීවිත පාරට විසිවී යෑමට අවකාශය සලසයි. කොතරම් මුදල් හරි හම්බ කළද ඉතිරියක් නොමැති වීමද පරිබාහිර කරදරද, පවුල් ජීවිත සීසීකඩ වීම වැනි කරුණු කාරණා ඇති වෙයි. මෙම නිවෙසේ පිවිසුම් මාර්ගය පිහිටීම අනුව ගේට්ටුව තිබූ තැනින් කිසිදු විටෙක ඉවත් කළ නොහැකි නිසා දෝෂය භංග කිරීමට ප්‍රධාන දොර තිබූ ස්ථානයෙන් ඉවත් කොට දකුණු දිශාවේ වූ සුබ පාදයක තැබීය.
ව්‍යජන භූමිය
නිවෙස පිහිටි ඉඩම නීත්‍යානුකූලව ඍජුකෝණාස්‍රාකාර හැඩයක් ගත්තද ඉඩමට ප්‍රවේශ පහසුව සඳහා එනම් වාහන හැරවීමේ පහසුව උදෙසා (ටර්න් සර්කල්) තාප්පය මායිම් පසුපසට ගෙන සකසා තිබිණි. මෙමඟින් ඉඩම පොරව හැඩයක් හෙවත් ඛ හැඩයක් බවට පත්විය. පොරොව හැඩැති ඉඩම් අප වාස්තු විද්‍යාවේදී ව්‍යජන භූමි ලෙස හැඳින්වෙයි. ව්‍යජන භූමිවල දිවිගෙවන්නන්ගේ ජීවිත කැපි කැපී වැටේ. එනම් කෙසෙල් ගසක් වරින්වර කඳ මැදින් කපා දමන විට ඵලයක් කිසිදු දිනෙක හටනොගන්නා සේ පල ලබන තත්ත්වයට ජීවිත පත්නොවී ජීවිත කඩාවැටේ. දියුණුව අඩාළ වෙයි. ජීවිත පසුබායි.

ඉඩම් මිලදී ගැනීමේදී සහ ඉඩම්වලට නව කොටස් එකතු කිරීමේදී මෙවැනි අවස්ථා පිළිබඳ දැඩි සේ සැලකිලිමත් විය යුතුය.

නැවැත මායිම් නිසි ලෙස සකස් කිරීමෙන් ඉඩමේ පොරොව හැඩය ඉවත් කළේය.
නිවෙසේ වාස්තු දෝෂ නිරාකරණය කිරීමෙන් පසු මේ වන විට සනත් සහ මානෙල්ගේ ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වූ අතර, ඔවුන් ණයගැති කමින් මිදුණි. කමල් විසින් ගණකාධිකාරී ක්‍ෂේත්‍රයේ විදෙස් රටවල් හා සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථකත්වයට පත්වූ අතර, විවේකයක් ලද විට සංගීත කටයුතුවලද නිරත වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

තාප්පවල පාප්ප ගාන වස්ති

Next Post

ක‌ෙහෙළිය පටන් ගනිද්දීම අවුලක් දාගනී

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.