කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් පත්වීම් ලැබුවද තමන්ට කැබිනට් අමාත්‍යවරයකුට හිමි කාර්යාලයක් අවශ්‍ය බව දැඩිව ප්‍රකාශ කිරීම නිසා එම ප්රශ්නය අගමැති මහින්ද රාජපක්ෂ මහතා දක්වාම ගොස් තිබීමේ පුවතක් වාර්තා වේ.
ඒ අනුව අගමැතිවරයා දැනුම් දී ඇත්තේ දෙදෙනා කතාබහ කොට ප්රශ්නය නිරාකරණය කරගන්නා ලෙසය.
අවසානයේදී ප්‍රසන්න රණතුංග මහතා තමන්ට හිමි කැබිනට් අමාත්‍ය කාර්යාලය රඹුක්වැල්ල මහතාට ලබා දී රාජ්‍ය අමාත්‍යවරයාට හිමි කාර්යාලයට සිය බඩුබාහිරාදිය රැගෙන ගොස් ඇති බව දැනගන්නට තිබේ.










