අලුත්ගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 3,100ක් වටිනා ළදරු කිරිපිටි ටින් එකක් සොරාගත් 30 හැවිරිදි ධීවර පියෙකු අලුත්ගම පොලිසිය මගින් ඊයේ (අගෝ. 16) අත්අඩංගුවට ගෙන ඇත.
ADVERTISEMENT
වසරකුත් මාස අටක් වයසැති සිය කුඩා දරුවාගේ බඩගින්න නිවා දැමීම සඳහා එම කිරිපිටි ටින් එක සොරාගත් බව ඔහු පොලිසිය හමුවේ හඬා වැටෙමින් පවසා තිබේ.
සැකකාර පියා එම සුපිරි වෙළෙඳසල වෙත ගොස් කිරිපිටි ටින් එක රැගෙන එය ඔහු හැඳ සිටි කමිසය තුළ සඟවා ගැනීමට උත්සාහ ගැනීමේදී එහි සේවිකාවක් මේ සිද්ධිය දැක එහි සිටි ආරක්‍ෂක නිලධාරියෙකුට දැන්වීමෙන් අනතුරුව සැකකාර පියා අල්ලා පොලිසියට භාර දී ඇත.