• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ආයුධ පෙන්වන්න ගිහින් ගල් වළකට ඇද වැටී මියගිය අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු වෙච්ච තුවාන් ගැන දැන සිටියාද?

August 9, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අද ආයුධ පෙන්වන්න ගිහින් ගල් වළකට ඇද වැටී මියගිය අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු වෙච්ච තුවාන් ගැන දැන සිටියාද?
Share on WhatsAppShare on Facebook

ආයුධ පෙන්වීම සඳහා යැයි විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් සමග ගොස් කඩුවෙල ගල් කොරියකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ සැකකරු පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් ආනාවරණ වී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ කුලී ඝාතකයකු ලෙස සැකකෙරෙන තුවාන් සිරාන් නැමැත්තා එසේ මියගොස් ඇති අතර, ඔහු මියයන විට පාතාල කල්ලි සාමාජිකයකු බව පැවැසෙන ‘හරක් කටා’ගේ ගෝලයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්ය.

මීට පෙර ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්වූ බවට පැවසුණු සංවිධානාත්මක අපරාධකරුවකු වූ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු ලෙසද ඔහු කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

එකල අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ඉලක්ක වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේද මෙම පුද්ගලයා බව සඳහන්ය.

වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේදී මන්නාවලින් කපාකොටා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඔහුට එරෙහිව ඇති එක් අපරාධ චෝදනාවකි.

ඊට අමතරව 2016 වර්ෂයේ මෝදරදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීම, 2017 සහ 2019 වර්ෂවලදී වැල්ලම්පිටියේදී පුද්ගලයන් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම සහ 2019 වර්ෂයේ කොලොන්නාව මාදින්නාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති අනෙකුත් මනුෂ්‍ය ඝාතන චෝදනා අතර වෙයි.

එසේම මියගොස් ඇති ඇසැකකරු 2016 වර්ෂයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගංජා ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

2018 වර්ෂයේ ජීව අත්බෝම්බ දෙකක් සමග අත්අඩංගුවට පත්ව ඇති සැකකරු, එම වර්ෂයේදීම මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත්ව ඇති බවද පොලීසිය පවසයි.

ඔහු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග 2019 වර්ෂයේ දී පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේද මරණයට පත්වී ඇති තුවාන් සිරාන් නැමැත්තාය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරු ගිනි අවියක් සමග අත්අඩංගුවට පත්වී ඇති අතර, සඟවන ලද ආයුධ තොගයක් පෙන්වීමට යාමේදී ඔහු පළායාමට තැත්කර ඇති බව වාර්තා විය.

එහිදී සැකකරු කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී ගල්කොරියකට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබිණි.

SendShareShare
Previous Post

නොරොච්චෝලේ වැඩකරන චීන්නු 103කට කොරෝනා! චීනෙ ගිහින් ආපහු ලංකාවට ඇවිත් තියෙන්නේ ගිය සතියේ!

Next Post

පොලිසිය අල්ලන්න හදන උසාවියෙන් සහනයක් ඉල්ලන කවුද මේ ජීවන්ත පියතුමා…

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.