• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය අල්ලන්න හදන උසාවියෙන් සහනයක් ඉල්ලන කවුද මේ ජීවන්ත පියතුමා…

August 9, 2022
in Exclusive, News
Reading Time: 8 mins read
A A
පොලිසිය අල්ලන්න හදන උසාවියෙන් සහනයක් ඉල්ලන කවුද මේ ජීවන්ත පියතුමා…
Share on WhatsAppShare on Facebook

අමිල ජීවන්ත පියතුමා සොයා විශේෂ පොලිස් භට කණ්ඩායමක් රත්නපුර ප්‍රදේශයේ දේවස්ථානයක් වැටලූ පුවත පසුගිය දවසක මාධ්‍ය පුරා පළවිය. පියතුමකු වැටලීමට පොලිසිය එලෙස දේවස්ථානය පීරූ හේතුව මොකක්ද?

හේතු නම් කිහිපයක්ම වේ. එලෙසම එකී හේතු හිතන තරම් සුළුපටුද නොවේ.

රජය පවසන අන්දමට අමිල ජීවන්ත පියතුමා රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදියෙකි.

පසුගිය මස රජයට විරුද්ධව ක්‍රියාත්මක වූ විරෝධතා රැලියක් අතරතුර එතුමා නීති විරෝධී රැස්වීම් කිහිපයකට සිය නායකත්වය දී ඇත.

තවත් බරපතළම චෝදනාවක් වන්නේ රටේ පොදු දේපළ හානි කිරීමට අරගලයේ හිතුවක්කාර තරුණයන් සමග පියතුමාද එක්වීමය.

ආරක්ෂක අංශ පවසන ආකාරයට ඉහත කලබැගෑනිවලට ඍජුවම සම්බන්ධ යැයි කියන අමිල ජීවන්ත පියතුමන්ට අධිකරණය විසින් සංචාරක තහනමක්ද ජූලි මස අග භාගයේ පැනවූයේය. පොලිස් වැටලීම් සිදුවූයේද එම අධිකරණ නීතිය පනවා දින දෙකකට පසුවය.

ඉතින් ඔය කියන ආකාරයට ජීවන්ත රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදියෙක්ද?

චෝදනාව එසේ වුවද තවම එය සනාථ වී නැත. ඇත්තටම අරගලය පුරා පෙනී සිටි අරගලය අත නොහැර ගිය මේ ෆාදර් ජීවන්ත කවුද? එතුමා මොනවද කරන්නේ?

ෆාදර් ජීවන්ත අරගලය ආරම්භයේ ඉඳන්ම අරගලකරුවන් සමග සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගත් කිතුනු දේව පුත්‍රයෙකි. ‘අරගලයේ පියතුමා’ යන පෙරළිකාර නාමයෙන් අරගලයේ තරුණයන් සහ අරගලයට ළැදි උන් විසින් එතුමාව හඳුන්වයි. එතුමාගේ සම්පූර්ණ නම අමිල ජීවන්ත පීරිස්ය. කිතු දන පුබුදුවේ ප්‍රබල සාමාජිකයන් දෙපළක වූ මාපිය යුවළකට දාව උපන් ජීවන්ත පියතුමා පැවිදි ජීවිතය සඳහා දෙව්සත් හලට යන්නටත් පළමුව ගැටවරයකු වයසේ සිටම පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් කතා කළ අයකු බව එතුමාගේ තාත්තා විසින් මුහුණු පොතේ සටහන් කොට තිබිණි. එම සටහන සමග ඔහු තම පැවිදි පුතු වෙනුවෙන් පහත සඳහන් කතන්දරයද අකුරු කොට තිබිණි.

‘මතකද පුතේ ඒ සිදුවීම ඔයාට? අමතක වුණත් ඒක ඔයාට, මට නම් ඒක අමතක වෙන්නෙ නෑ… එතකොට ඔයාට වයස අවුරුදු 16යි. අසල්වාසී අම්මා කෙනෙක් එයැයිගෙ අසනීප වෙලා ඉන්න මනුස්සයා වෙනුවෙන් ඔළුවට තියන්න කොට්ටයක් ඉල්ලන්න ආවා. කොට්ටයක් දෙන්න පුළුවන්ද කියලා ඒ අම්මා හරි අසරණව කන්නලව් කරනකොට ඔයා කාමරේ ඉඳන් ඇවිත් ඔයා නිදියන කොට්ටේ ඒ අම්මට දුන්නා. එදා ඉඳන් ඔයාගේ ඇඳේ කොට්ටයක් නැහැ. ඔයාට තිබුණේ හරිම කරුණාවන්ත හිතක්. ඒ ලස්සන හිත ගැන වැඩිපුරම ආඩම්බර වුණේ මමයි ඔයාගෙ අම්මයි…

ඒ වාගේ කරුණාවන්ත හිත් තියෙන අයට ත්‍රස්තවාදීන් වෙන්න බැහැ මයේ පුතේ… මනෝවිiා උපාධිය හදාරන්න රෝමෙට ගිය ඔයා ඒ හැම දේම දාලා ආවේ දුප්පතා වෙනුවෙන් කතා කරන්න. පීඩිත මිනිහාට වැඩක් වෙන්න. ත්‍රස්වාදියෙක් කියලා ඔයාට චෝදනා කරන අය ඔයා ගැන තවම දන්නෙ නැහැ.

රැවුල වැවුවට, කොණ්ඩෙ කැපුවෙ නැතුවට ඔයා ත්‍රස්තවාදියෙක් නෙවෙයි මයෙ පුතේ… එහෙනම් ඉතින් ජේසුත් ත්‍රස්තවාදියෙක් වෙන්න එපැයි…’

ජීවන්ත පියතුමා වෙනුවෙන් එතුමාගේ තාත්තා මුදාහැර තිබූ ඒ පෝස්ටුවට බර ගණනක සංවේදී කමෙන්ට් සටහන් වෙලා තිබුණා. ඒ මදිවාට ඒ දුක හිතෙන පෝස්ටුවට අදාළව,

‘අරගලයේ පියතුමාට විරුද්ධව ගෙන යන මඩ ප්‍රචාරය නවත්වන්න…’

‘අමිල ජීවන්ත පියතුමා කියන්නේ පීඩිතයන් වෙනුවෙන් හඬ නඟන ගැලවුම්කාරයෙක්. ඔහු ගැන හරි හැටි නොදැන බොරු ප්‍රචාර සටහන් කරන්න එපා…’

‘ගමේ දරුවන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපනය දෙන දුගී අසල්වැසියන් වෙනුවෙන් නිතර පෙනීසිටින ජීවන්ත ෆාදර්ට විරුද්ධව කතා කරලා පව් පුරවා ගන්න එපා…’

‘අරගලයේ පියතුමාට අත නොතබනු…’

ඒ අමිල ජීවන්ත පීරිස් පියතුමාට රජය විසින් නඟන චෝදනාවන්ට ඔහුගේ අනුගාමිකයන් දුන් උත්තර කිහිපයකි. තාත්තා ඉහත ආකාරයට තම පුතුගේ නිදොස් බව කියාපාන විට අනුගාමිකයන් එලෙස ඊට දායකව තිබිණි.

ත්‍රස්තවාදියකු යැයි රජය චෝදනා කරන ජීවන්ත පියතුමා ඔහුගේ අනුගාමිකයන් සහතික කර කියන තරමටම නිදොස් අයෙක්ද?

ගමේ සහ පල්ලියේ මිනිස්සු කියන්නේ පියතුමා ගමටත් පල්ලියටත් තම සේවය නොපිරිහෙලා ඉටුකළ බවය. විශේෂයෙන්ම පාසල් යන්නට නොහැකිව අගහිඟතාවෙන් පෙළෙන දරුවන්ට වාගේම තරුණ වයසේ දූදරුවන්ට හරි මඟ යන්නට ඔහු දුන් අනුගාමිකත්වය මිල කරන්න බැහැ කියලයි බොහෝ දෙනා පවසන්නේ. පැවිද්දකු ලෙස පහසුකම් සපිරි ජීවිතයක් ගෙවන්නට හැකි පසුබිමක් තියෙද්දී එතුමා පීඩිතයන් වෙනුවෙන් සාධාරණය යදින මිනිසෙක් වුණා. ජීවන්ත පියතුමා අරගලයට ආවේ මුහුණු පොතේ වීරයෙක් වෙන් කියලයි ඇතැමුන් කියන්නේ.

‘වීරයෙක් වෙන්න හදන්නේ මොකටද? එතුමා කොහොමත් පීඩිත සිත් ඇත්තන්ගේ සැබෑ වීරයා. එතුමාව වීරයෙක් කළේ ඒ පීඩිත මිනිසුන්ම තමයි.

ජීවන්ත පීරිස් පියතුමා මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිපත්ති සහ අදහස්වලට ඉතා තදින් ගරු කරපු කෙනෙක්. ගෝල්ෆේස් අරගලයේදී විතරක් නෙවෙයි. ලංකාවේ හැම ගමකම නගරයකම සාධාරණත්වය ඉල්ලලා කරන හැම අරගලයකටම එතුමා තම දායකත්වය දුන්නා. ඒ වාගේම රත්නපුර ප්‍රදේශයේ දිළිඳු ගම්බිම්වලට ගිහින් අඩුපාඩු මැද ජීවත්වෙන දරුවන්ට බොහෝ ආධාර ලබාදෙන්න මුල්වුණා.

උන්වහන්සේ නිතරම නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයට ගරු කළා. ඔහුගේ ජීවන ක්‍රමය අනුගමනය කළා. ගෝල්ෆේස් අරගලයට ඔහු පය තිබ්බේ දුකින් පෙළෙන ජනතාව වෙනුවෙන්. සත්තකින්ම පියතුමාව අත්අඩංගුවට ගන්නට තැත් කිරීමේ සෝදිසි මෙහෙයුම ගැන මම කම්පාවට පත්වෙනවා…’

අමිල ජීවන්ත පියතුමා වෙනුවෙන් ඒ ප්‍රකාශය කළේ එතුමාගේ සමකාලීන මිතුරු පැවිද්දකු වූ රාජ්ප්‍රියර් පියතුමාය.

45 හැවිරිදි අරගලයේ පියතුමා අරගලය තුළ ජීවමාන කළ ප්‍රතිරූපය අරගල බිමෙහි උන් අනෙක් අරගලකරුවන්ට වැඩිය වෙනස්ය. ප්‍රකෝපකාරී නොවුණු, සංයමයෙන් පිරුණු, ඉතා ඉවසිලිවන්ත මිනිසකු ලෙස ඔහු අරගලය තුළ නොසැලී සිටියේය. තවත් විදියකට කියනවා නම් අරගලය මෙහෙයවූ ඉවසිලිවන්තම මිනිසා ඔහුය.

අරගලයෙහි හිටපු හොඳම සවන්දෙන්නාද ඔහුය.

අරගලය තුළ ඔහුගේ සහභාගිත්වයට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කරන මාධ්‍යවලට කිසි විටෙක එතුමා ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. ඒ සියල්ල මඳ සිනහවෙන් උපේක්ෂාසහගතව විඳදරා ගත්තේය.
අරගලය තුළ ඔහුට නොරිසි එකම දේ වූයේ ජාති සහ ආගම් භේදයන්ය. අරගලය හමුවේ කිසිදුම අවියක් අතට නොගත් ඔහුගේ එකම අවිය වූයේ කොන්දේසි රහිත දයාවන්ත බව සහ දරාගැනීමේ ශක්තියය.

හොඳ නරක තරාදිය මොන අතට බර වුවද ජීවන්ත පියතුමා අරගලය මඟ දමා ගියේ නැත. රාජපක්ෂ වියරුවෙන් ශ්‍රී ලාංකේය දේශය අපාගත වන විට අරගලයෙහි සාමාජිකයන් සමග උරෙනුර ගැටෙමින් මේ පියතුමා තම සේවාදායකත්වය අඩුපාඩු නැතිව පරිමසා දුන්නේය.

‘අරගලය තුළ ජනතා අයිතිය වෙනුවෙන් ජීවන්ත පියතුමා කළ සේවය අනභිභවනීයයි. ඔහු තුළින් මම දකින්නේ ජීවමාන ශාන්තුවරයෙකි. කඳුළු ගෑස් ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය තුළද ඔහු තම අරගලකරුවන් තනි නොකිරීම ඉතා උතුම් සිදුවීමක් ලෙසයි මා දකින්නේ…’

විශ්වවිiාල ශිෂ්‍යයකු වන එන්. ගුණවර්ධන මහතා මුහුණු පොතෙහි පියතුමා වෙනුවෙන් එවන් සටහනක් තබා තිබිණි.

අරගලකරුවන් අරගලයට ප්‍රිය කරන්නන් වගේම ගිහි කතෝලිකයන් සමග තවත් සාමාන්‍ය වැසියන් ජීවන්ත පියතුමාව සැබෑ වීරයකු ලෙස දකින විට වත්මන් රනිල් ආණ්ඩුව එතුමාව ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසන්නට පටන්ගෙන ඇත.

කොහොම වුණත් ගෝඨාභය ඉවත්ව යනතුරු අරගලය සමග ජීවන්ත පියතුමාට ජයවේවා කියූ සමහරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසුව වෙනත් විදියට යම් යම් දේ දකින්නට පටන් ගෙන ඇත.

තවත් විදියකට කියනවා නම් රනිල් ටයි කෝට් දාගෙන ප්ලේන් එකෙන් ඒරොප්පෙට ගිහින් ලංකාව උකසට තබා ණය ගන්නට ප්ලෑන් කරන විට ඇතැමුන්ට අරගලයේ පියතුමාව හතුරකු විදියට පෙනෙන්නට ගත්තේය.

හැබැයි තවම නම් රනිල්ගේ ණය ඩීල් එකට සීල් එක වැදිලා නැත. අරගලයේ පියතුමාට හදන පදවල ද ඉවරයක් නැත.

ඒ කෙසේ වෙතත්, එකක් සනාථ වී ඇත. ඒ, රනිල් ආණ්ඩුවේ හෙංචයියන් අරගලයේ පියතුමාට එරෙහිව අසාධාරණ අරගලයක් දියත් කරන්නට පිඹුරුපත් සකසමින් සිටින බවය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අද ආයුධ පෙන්වන්න ගිහින් ගල් වළකට ඇද වැටී මියගිය අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු වෙච්ච තුවාන් ගැන දැන සිටියාද?

Next Post

චීන ඔත්තු නැව බලෙන් හම්බන්තොට වරායට ඇතුලු වෙයිද? ආණ්ඩුවේ විරෝධය නොතකා හම්බන්තොට බලා තවමත් ගමනේ! ඉන්දියාව මුහුණ දෙන්න සූදානමින්!

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.