• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මහින්දලා බය යූ.ඇන්.පී. අපේක්ෂකයා කවුද?

August 23, 2019
in Gurudawa
Reading Time: 2 mins read
A A
මහින්දලා බය යූ.ඇන්.පී. අපේක්ෂකයා කවුද?
Share on WhatsAppShare on Facebook


2015 ජනාධිපතිවරණය ළංවෙන කොට එවකට ජනාධිපති මහින්ද යූ.ඇන්.පී.යට බයවෙලා හිටියේ නැත. ඔහු බයවෙලා හිටියේ තුන්දෙනකුටය. එක් කෙනෙක් චන්ද්‍රිකාය. අනෙක් තැනැත්තා සෝභිත හිමිය. තුන්වැනියා ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවය. මහින්ද, සෝභිත හිමිට බය වුණේ සෝභිත හිමි යූ.ඇන්.පී. නායකත්වයෙන් දැවැන්ත සන්ධානයක් හදා පොදු අපේක්ෂකයෙක් කරළියට ගෙන එයි කියාය. මහින්ද චන්ද්‍රිකාට බය වුණේ චන්ද්‍රිකා ඒ සන්ධානයට ශ්‍රීලනිපයෙන් කොටසක් කඩාගනී කියලාය. මහින්ද ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට බය වුණේ ඔවුන් මේ සන්ධානයට දමිළ සහ මුස්ලිම් සුළු ජාතික ඡන්ද එකතු කරයි කියාය.

මේ එකල මහින්දට තිබුණු තුන්බියය. මහින්දගේ ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොව මහින්දට කඬේ ගිය පෞද්ගලික මාධ්‍යයත් ගැහුවේ මේ ත්‍රිත්වය ඉලක්ක කරගෙනය. ඇත්තටම මහින්ද හිතුවේ මේ ත්‍රිත්වයේ සහාය ලබන යූ.ඇන්.පී.ය ඉදිරිපත් කරන අපේක්ෂකයාට තමාව පරද්දන්න හැකියාව තියෙනවා කියාය. මහින්ද හිතුවා වගේම යූ.ඇන්.පී.ය. ඉදිරිපත් කළේ මේ ත්‍රිත්වයේ සහාය ලබන අපේක්ෂකයාවය. ඒ අපේක්ෂකයා තේරුවේ සිරිකොතින් නොව සෝභිත හිමිගේ පන්සලත්, චන්ද්‍රිකාගේ හොරගොල්ල වලව්වත්, තානාපති කාර්යාලත් එකතු වෙලාය. අපේක්ෂකයාව එළියට දැම්මේ අන්තිම මොහොතේය. අපේක්ෂකයාට ගහන්න මහින්දලාට ආයුධ හොයාගන්නවත් කල් නැති වෙලාවකය. මහින්ද එවැනි අපේක්ෂකයෙක්ට බය වුණත් මහින්ද තමන් පරදී කියල හිතුවේ නැත. මහින්දත් පුදුම කරමින් මහින්ද පරාජයට පත්විය.
“එහෙනම් මහින්ද මෙවර බය කාටද…?”
මහින්ද මෙවර බය කාටද කියල හොයාගන්න මහින්දට රාජ්‍ය මාධ්‍ය නැත. මහින්දට රාජ්‍ය මාධ්‍ය තිබුණා නම් රාජ්‍ය මාධ්‍ය හැසිරෙන ආකාරයෙන් මහින්ද බය අපේක්ෂකයා කවුද කියා සොයාගන්න හැකියාව තිබිණි. හැබැයි රාජ්‍ය මාධ්‍ය නැතුවාට මහින්දගේ න්‍යායපත්‍ර ප්‍රචාරය කරන පෞද්ගලික මාධ්‍ය සෙට් එකක් ඇත. මේ පෞද්ගලික මාධ්‍ය හැසිරෙන විදියෙන් මහින්ද බය කාටද කියල අනුමාන කරන්න පුළුවනි. හොඳම නිදසුන පසුගියදා සන්ධානය අනුමත කරගන්න යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැවැති ගැටුම්කාරී රැස්වීමට මහින්දට කඬේ යන පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය දුන්නු ආකාරයය. මහින්දට කඬේ යන පෞද්ගලික මාධ්‍ය සියල්ලම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වාර්තා කළේ සන්ධානය පිහිටුවන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නොලැබේ කියාය. පහත දැක්වෙන්නේ මහින්දලාට කඬේ යන ‘දෙරණ’ වෙබ් අඩවිය රැස්වීම අවසන් වූ විගස එය වාර්තා කළ ආකාරයය.
“නව සන්ධානය ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලය මත දෙකක. යෝජනාව ප්‍රතික්ෂේප වේ. යෝජනාවට විරුද්ධව වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්දය භාවිත කර තිබේ.”
01.08.2019 ‘දෙරණ’
පහත දැක්වෙන්නේ මහින්දට කඬේ යන ‘හිරු’ වෙබ් අඩවිය රැස්වීම අවසන් වූ විගස යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වාර්තා කළ ආකාරයය.
“නව ව්‍යවස්ථාවේ අවුලක්. තීන්දුවක් නොමැතිව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසිර යයි…”
01.08.2109 ‘හිරු’
හිරු, රැස්වීම අවසන් කළ විගස රැස්වීමේ වාර්තාව අරගෙන තිබුණේ සන්ධාන විරෝධී ස්ථාවරයක සිටින අජිත් පී. පෙරේරාගෙන්ය. මේ නාලිකා දෙකම සන්ධානය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් විමසූ බවවත් එම ඡන්දයෙන් ඡන්ද 35ක් සන්ධානයට පක්ෂව ලැබුණු බව වත් වාර්තා කළේ නැත. ‘දෙරණ’ වෙබ් අඩවිය කීවේ සන්ධානයට එරෙහිව වැඩි පිරිසක් ඡන්දය භාවිත කළ බවය.

මෙයින් පේන්නේ අන් කිසිවක් නොවේ. මහින්දලාගේත්, රාජපක්ෂලාගේත් න්‍යායපත්‍රය මහින්දලාට කඬේ යන මාධ්‍ය හරහා වැඩකරන හැටිය. ඒ කියන්නේ මේ මාධ්‍ය සන්ධානයට පක්ෂව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි ඡන්දයක් ලැබුණා කියන්න තියා අහන්නවත් කැමැති නැත. හේතුව මහින්ද ඒක අහන්න කැමැති නැති නිසාය. මහින්දලාට ඕනෙ කෘත්‍යාධිකාරියේ සන්ධානය පරාජය කර යූ.ඇන්.පී.ය සහ අලියා ජනාධිපතිවරණයට ගෙන එන්නටය.
“ඇයි ඒ…?”
මහින්ද මෝඩයෙක් නොවේ. මහින්ද ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකින් අගමැති ධුරය ගත්තේ අගමැති ධුරය අතහරින්න බලාගෙන නොවේ. මහින්ද හිතුවේ යූ.ඇන්.පී.ය කඩල ඇමැති ධුර අරගෙන පසුව ඒක පෙන්නලා හකීම්ලාව, රිෂාඞ්ලාව බාගන්නටය. ඒක හරි ගියේ නැත. හේතුව චම්පික, රාජිත සහ ෆොන්සේකා මෛත්‍රිව හා මහින්දට ගහපු ගැහිල්ල නිසාය. කුමන්ත්‍රණය සිදුවූ දිනට පසු දින උදයේ රනිල්ගේ දෙපැත්තේ ඉඳගෙන මෛත්‍රිට සහ මහින්දට දුවන්න ගැහුවේ චම්පික, රාජිත සහ ෆොන්සේකාය. අද සන්ධාන ඕනෑ නැහැ කියන යූ.ඇන්.පී.යේ බහුතරයක් ඇමැති ධුර ගන්න කටේ ප්ලාස්ටර් අලවාගෙන සිටියහ. මේ කවුරුත් මෛත්‍රිට ගැහුවේ නැත. ඒ වෙලාවේ යූ.ඇන්.පී.යේ කොන්ද කෙළින් තියාගෙන ආණ්ඩුව ආරක්ෂා කරලා දුන්නේ කතානායක කරු ජයසූරියය. රනිල් හිටියේ අසරණ වෙලාය. රනිල්ගේ හයියට ආවේ මේ ටීම් එකය. රිෂාඞ්ලාව, හකීම්ලාව කෙළින් කරල ගත්තේ මේ ටීම් එකය. ඒ වෙලාවේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න සියලු තීන්දු ගත්තේ යූ.ඇන්.පී.ය තුළ නොව එක්සත් ජාතික පෙරමුණේය. අද සන්ධාන ඕනෑ නැහැ කියන බහුතරයක් හොර රහසේ මෛත්‍රිපාල හමුවී ඇමැති ධුර බෙදාහදාගන්න සාකච්ඡා කළහ. රනිල් සිටියදී යූ.ඇන්.පී.යේ වෙන අයෙක් අගමැති කොට අහිමි වුණු ඇමැතිකම් ගන්න රහසේ කුමන්ත්‍රණ කළහ. වරක් පක්ෂ නායකයෝ මෛත්‍රි හමුවෙන්න ගිය විට රනිල් අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ එක මොහොතක් ඉන්නේ නැහැ කියද්දී ‘අනේ ඔබතුමා ගිහින් කොහොමද අපිට ආණ්ඩු කරන්න ඔබතුමා ඕනෙ’ කියල යූ.ඇන්.පී.යේ ප්‍රබලයෝ දෙන්නෙක් කීහ. මේ දෙදෙනාම අද සන්ධාන ඕනෑ නැහැ කියන අයය. ‘ඔබතුමා රනිල්ට අගමැති ධුරය දුන්නේ නැත්නම් අපි දෝෂාභියෝගයක් ගේනවා’ කියල මෛත්‍රිගේ මූණටම කීවේ රිෂාඞ්ය. අපි ජනතාව පාරට ගේනවා කියලා බය කළේ චම්පිකය. 2018 පුංචි ඡන්දය පරාජයවී නන්නත්තාර වී ගෙවල්වලට වී සිටි යූ.ඇන්.පී.කාරයන් ගාලු මුවදොරට ගෙන ආවේ පක්ෂ මහලේකම් අකිලය. කබීර් හෂීම්ලා කීවේ සෙනග එන එකක් නැහැ කියාය. මහින්ද සහ මෛත්‍රි බය වුණේ ඒ සෙනගටය. 26 කුමන්ත්‍රණයට කලින් මහින්ද සහ මෛත්‍රි හිතුවේ යූ.ඇන්.පී.යට සෙනග 100ක් එකතු කරගන්න බැරි වෙයි කියලාය. ඒ ආපු සෙනගට ලේ රත්වෙන්න කතා කළේ චම්පික, රාජිත, ෆොන්සේකාය. ඔවුන්ගේ කට සහ ජවය නොවන්න අද මහින්ද ජනාධිපතිය. සන්ධාන ඕනෙ නැහැ කියන බහුතරයක් බයටම ඒ ආණ්ඩුවේ ඇමැති ධුර අරගෙනය.
ඉතින් මහින්ද සන්ධානයකට බයවීම අරුමයක් නොවේ. ඒ සන්ධානයෙන් එන අපේක්ෂකයෙක්ට බයවීම අරුමයක් නොවේ. යූ.ඇන්.පී.ය ඇතුළේ මේ සන්ධාන විරෝධය හදන වැඬේට මුල සිටම නායකත්වය දුන්නේ මෛත්‍රිපාලය. මෛත්‍රිපාල යූ.ඇන්.පී.ය තුළ මේ සන්ධාන විරෝධය ඇවිළුවේ ඔහු තනි කැමැත්තට ප්‍රබල ඇමැති ධුර දුන්න යූ.ඇන්.පී. ප්‍රබලයන් හරහාය. මෛත්‍රිට මේ කොන්ත්‍රාත්තුව දුන්නේ මහින්දය. සන්ධානය සම්බන්ධයෙන් යූ.ඇන්.පී.ය දෙකඩ කරන්න යැයි මහින්ද දුන්න කොන්ත්‍රාත්තුව මෛත්‍රි ඉටු කළේය. මහින්ද දැන් මෛත්‍රි රකින්න පොරොන්දු වී ඇත. මේ සන්ධාන විරෝධය නිසාම දැන් සුළු ජාතික පක්ෂ යූ.ඇන්.පී. අපේක්ෂකයාට සහාය දීම ගැන දෙවරක් හිතන බව පෙනෙන්න තිබේ. හේතුව යූ.ඇන්.පී.ය ඇතුළේ මත ගැටුම් නිසා මහින්දගේ අපේක්ෂකයාට දිනන්න තියෙන චාන්ස් වැඩි නිසාය. මේ සන්ධාන විරෝධය එළියට එන්න කලින් ශක්තිමත්ව හිටියේ යූ.ඇන්.පී.යය. අපේක්ෂකයෙක් තෝරාගන්න බැරිව ගහමරා ගත්තේ මහින්දලාය. දැන් ගහමරා ගන්නේ යූ.ඇන්.පී.යය.
අනෙක ජනාධිපතිවරණයක් කට ළඟ තිබියදී මෙලෙස ගහමරාගැනීම ජයග්‍රහණයට පෙරමඟ සූදානම් කිරීමක් නොවේ. සන්ධාන ව්‍යවස්ථාවේ ප්‍රශ්න තියෙනවා නම් එය අප්‍රසිද්ධියේ සාකච්ඡා කර විසඳගන්න හැකියාව තිබිණි. අනෙක 2015 ඡන්දය දිනන්න යූ.ඇන්.පී.යට කිසිම සම්න්ධයක් නැති ශ්‍රීලනිපයේ ලේකම් මෛත්‍රිපාලව ඉදිරිපත් කළ අයම දැන් සන්ධානය එපා කීම පුදුමය. 2015 මෛත්‍රි තරග කළේ වෙනත් පක්ෂයක ලේකම් ලෙසය. ලාංඡනය හංසයාය. ඒ පක්ෂ ලේකම් වෙන අයෙක්ය. පක්ෂයේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණය. මේ ඔක්කොම කළේ චන්ද්‍රිකාගේ කට වචනයටය. ව්‍යවස්ථා නැත. ගිවිසුම් නැත. මෛත්‍රි තමා අපේක්ෂකයා කියා ප්‍රකාශයට පත් කරද්දී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පැවැත්වෙමින් තිබිණි. කෘත්‍යාධිකාරී මණ්ඩලය මෛත්‍රිගේ අපේක්ෂක ධුරය අනුමත කළේ මෛත්‍රි තමා යූ.ඇන්.පී.යේ අපේක්ෂකයා බව රටට කීමෙන් පසුවය. අද සන්ධාන එපා කියන අය ඇස් වසාගෙන මෛත්‍රිට අත ඉස්සූහ. දැන් හදන සන්ධානයේ නායකයාත් යූ.ඇන්.පී.යේය. ඒ සන්ධානයේ අපේක්ෂකයාත් යූ.ඇන්.පී. සාමාජිකයෙක් විය යුතුය යන එකඟතාවක් තිබේ.
“2015 අපේක්ෂකයාත් ශ්‍රීලනිපයේ පක්ෂ ලාංඡනය, ලේකම් සහ නමත් පිටටදී තිබියදී යූ.ඇන්.පී.ය මෛත්‍රිට පක්ෂ වුණා නම් දැන් සන්ධානයේ ලේකම්කමට ගහගන්නේ ඇයි…?”
මෙතැන මහින්ද විසින් මෛත්‍රිට දුන් කොන්ත්‍රාත්තුවක් වැඩකරනවා කියන්නේ ඒකය. අනෙක ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසය තුළ එජාපය කවදාවත් ජනාධිපති අපේක්ෂකයාට ගහමරාගෙන නැත. එහෙම ගහමරාගෙන තියෙන්නේ ශ්‍රීලනිපයය. 1988 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට තුන්කොන් සටනක් තිබිණි. ඒ ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණී අතරය. හැබැයි මේ තුන්දෙනා කොයි මොහොතකවත් තමන් අපේක්ෂකයා කියා ප්‍රකාශ කළේ නැත.
ඒ පක්ෂ නායක ජේ.ආර්.ට. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ව්‍යවස්ථාවෙන් තහනම්ව තිබියදීය. මේ තිදෙනාගේ අනුගාමිකයන්ද මේ තිදෙනා අපේක්ෂකයන් කියා රටට කියමින් පෝස්ටර් ගහමින් ගහමරාගත්තේ නැත. හේතුව කවුරු අපේක්ෂකයා වුණත් දිනන්න නම් පක්ෂය එක්සත්ව තිබිය යුතු බව දැන සිටි නිසාය. 1994 ජනාධිපතිවරණයේදී ගාමිණී අපේක්ෂකයා වීමට රනිල් සහ ප්‍රේමදාසවාදීන් විරුද්ධ වුණත් එළියේ වචනයක් කීවේ නැත. ගාමිණීගේ නම එළියට ආවේ රනිල් සහ ප්‍රේමදාසවාදීන්ගේත් සහාය ලබන අපේක්ෂකයා ලෙසය. 1999 හෝ 2005 රනිල් අපේක්ෂකයා වන විටත් මෙහෙම ගහමරාගැනීම් තිබුණේ නැත. 2010 ෆොන්සේකා එන විටත් 2015 මෛත්‍රි එන විටත් එසේමය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විට පක්ෂයේ අපේක්ෂකයා නම් කෙරිණි.
දැන් වෙන්නේ යූ.ඇන්.පී. ඉතිහාසයේ තවදුරටත් නොවෙච්ච වැඩක්ය. මේ වැඬේ කරන්නේ යූ.ඇන්.පී.කාරයෝ නොව මහින්ද සහ මෛත්‍රිගේ කොන්ත්‍රාත්කාරයෝ යැයි කියන්නේ ඒකය.

SendShareShare
Previous Post

සජිත්ගේ සිංදුවට මද්දුමබණ්ඩාරලාගෙන් ‌බාල්දියක්

Next Post

දිග්ගැස්සුණු යූ.එන්.පී. අවුල

MORE NEWS

රනිල්-අනුර ජෝඩුවේ අලුත්ම කුමන්ත්‍රණය කිරුළපනේදී එළියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් සජිත්ව පරද්දලා ඩොලර් බිලියන 7කුත් එක්ක රට අනුරට දීලා ගෙදර ගියා! දැන් ඔය ළමයි ගෙදර යන්න..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බෑ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බෑ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ආණ්ඩුව බ්‍රේක්ඩවුන්ද? සජබෙන් වැඩ්ඩෝ හයර් කරයිද? පාර්ලිමේන්තුව විසුරුවයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව බ්‍රේක්ඩවුන්ද? සජබෙන් වැඩ්ඩෝ හයර් කරයිද? පාර්ලිමේන්තුව විසුරුවයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

අනුර – මෝදි ආදර කතාවේ මැදට පනින දුෂ්ටයා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

අනුර – මෝදි ආදර කතාවේ මැදට පනින දුෂ්ටයා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ඉරාන් යෝකරයක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඉරාන් යෝකරයක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.