• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘අවලංගු කාසියක්’ වොල්ගාට කරපු දේ

December 19, 2019
in Heart
Reading Time: 2 mins read
A A
‘අවලංගු කාසියක්’ වොල්ගාට කරපු දේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත.
වසරින් වසරට හෝ කාලෙන් කාලෙට එක පොදියට නිර්මාණය වන ටෙලි පොකුරු අතර, සුන්දර කෙල්ලන් හරි හරියට බිහිවිය. වොල්ගා කල්පනීද එහෙව් සුන්දර කෙල්ලකි. දඟකාර පෙනුමැති සුරුබුහුටි වොල්ගා ටෙලිනාට්‍ය තෝරා ගැනීමේදී නම් දඟකාරියක වන්නට කැමැති වූයේ නැත. සුන්දර ටෙලියක බොළඳ පෙම්වතියක වෙනවාට වඩා හරයක් ඇති කතාවක මතක හිටින චරිතයක් කරන්නට කවදත් කැමැති වූ වොල්ගා තමා පිළිබඳව සරල කතාබහක යෙදෙන්නට ‘හාට්’ සමඟ එක්වූයේ හරිම නිහතමානීවය.
වොල්ගා ඔයා ආඩම්බරය කියා සමහරු කියනවා. මං හිතන්නේ ඒක බොරු?
ඇත්තෙන්ම ඒක බොරු. වොල්ගා කල්පනී කියන්නෙ බොහොම සරල කෙනෙක්. ඉන්ටර්වීව් එකක් කරන ඇරැයුමක් ආවට බොරුවට ‘මම බිසි…’ කියලා කියන මහන්තත්වකම් මගේ ළඟ නැහැ… දිනපොත බලලා දවසක් කියන්නම් කියන බොරු කෑලි මගේ ළඟ නැහැ. හැබැයි මම සමහර අයට වඩා වෙනස්. මගේ ළඟ මූනිච්චාව නැහැ. බොරුව නැහැ. යමක් කියන්න තියෙනවා නම් ඒක මූණටම කියනවා. අන්න ඒ හින්දා සමහරුන්ට මාව වෙනස් විදියට හෝ ආඩම්බරේට පේනවා ඇති.
මොනවද මේ දවස්වල ඔබ ගැන කියන්නට තියෙන අලුත් තොරතුරු?
අලුත් ටෙලිනාට්‍ය පිටපත් කිහිපයක් ගැන සාකච්ඡා මට්ටමේ දවස් ගෙවී යනවා. ඒ අතර සුදත් රෝහණ මහතාගේ ටෙලිනාට්‍යයක ලැබෙන්නට තිබෙන චරිතයක් ගැන මෙහිදී සුවිශේෂීව කිව යුතුයි.
චරිතය කුමක්ද? කතා තේමාව මොන වාගේද?
සුදත් රෝහණ කියන්නේ ඉතා උසස් මට්ටමේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. සාකච්ඡා මට්ටමේ තිබෙන 2020 රූගතකිරීම් ආරම්භ කිරීමට නියමිත අලුත් නිර්මාණයද එවැනිම හොඳ තේමාවක් සහිත ටෙලිනාට්‍යයක්. ඊට වඩා යමක් ඒ පිළිබඳව කියන එක සුදුසු මදියි මම හිතන්නේ.
ඔබට ටෙලිනාට්‍ය සඳහා ලැබෙන ඇරැයුම් අසීමිතය කියලයි ආරංචිය?
ඇත්තටම මම හරිම නිහතමානීව එයට ‘ඔව්’ කියනවා. කවදාවත් මම ටෙලිනාට්‍ය පසුපස හඹා ගියේ නැහැ. නොසිතූ ලෙස මට ටෙලිනාට්‍ය සඳහා ඇරැයුම් ලැබෙන්නට ගන්නේ මා නවකයකු අවධියේ සිටමයි.
එහි රහස කුමක්ද? ඔබෙ ලස්සන, සුරතල් පෙනුමද?
පෙනුම හුරතල් කියලා හැමෝම කියනවා තමයි. හැබැයි ටෙලි නාට්‍ය ලැබෙන්නේ ‘රුව’ නිසා යැයි සිතන්න බැහැ. මොකද මට ලැබෙන බොහෝ චරිත බොළඳ පෙම්වතියන්ගෙන් අනූන ඒවා නෙවෙයි. මට ලැබෙන හැම චරිතයක්ම වාගේ එකිනෙකට වෙනස්. ඒ හැම චරිතයකම තිබෙන්නේ යම් පණිවුඩයක් දෙන්නට පුළුවන් චරිත වස්තුවක්. හිතලා බලන්න, හුස්ම වැටෙන මල්, සුළඟ මහමෙරක සහ පැණි කුරුල්ලෝ වැනි චරිත පවා කෙතරම සංකීර්ණද.
‘නිරාවරණ’ ටෙලිනාට්‍යයත් ඉතා උසස් නිර්මාණයක්. ඔබ මෑතකදී එයින් ඉවත් වූයේ ඇයි?
සත්තකින්ම එය මගේ අවාසනාවක්ද, ‘නිරාවරණ’ නිර්මාණය කළ පාර්ශ්වයේ අවාසනාවක්ද කියන්න මම දන්නේ නැහැ. මට ඉවත් වෙන්න වුණෙත් ප්‍රඩක්ෂන් එකේ අවුල් සහගත තත්ත්වයක් නිසයි. මම විතරක් නෙවෙයි, ජයනි සේනානායක, හේමසිරි ලියනගේ සහ ජෙහාන් අප්පුහාමි යන ප්‍රවීණයන්ද එහිදී ඉවත් වුණා. හරිම කනගාටුයි කියන්න. ඒ තරම් උසස් නිර්මාණයක් මඟහරින්නට සිදුවීම ගැන මම දුක්වෙනවා.
ඕනෑම ‘සෙට්’ එකකදී ප්‍රවීණයන් ඔබ සමඟ සුහදයි නේද?
ඒක මගේ වාසනාවක්. බොහෝ ටෙලිනාට්‍යවලදී මට රඟපෑමට ලැබෙන්නේ ප්‍රවීණයන් සමඟයි. හැබැයි ඒ කිසිම තැනකදී ඔවුන් මට වෙනස්කමක් කළේ නැහැ. හැමෝම මට උදව් කළා. මා සමඟ හොඳින් සුහද වුණා. මමද ඔවුන් හමුවේ ඉතා සුහද චරිතයක් වුණා.
‘අවලංගු කාසියක්’ මියුසික් වීඩියෝ එක ගැන කතා කරමුද?
අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කළ යුතුමයි. ‘අවලංගු කාසියක්’ වීඩියෝව නිසා මට බොහෝ තර්ජන පවා ආවා.
එයට හේතුව සඳහන් කරන්න පුළුවන්ද?
ඇයි බැරි. ඇත්ත කියන්න බය නැහැ මම. ‘අවලංගු කාසියක්’ සඳහා තේමා වන්නේ අහිංසක තරුණ යුවළකගේ ආදර කතාවක්. එය දික්කසාදය කරා ඇදී යන්නත්, බිවොක් ප්‍රඩක්ෂන් එක විසින් අනුග්‍රහය දැක්වූ මේ මියුසික් වීඩියෝව සඳහා පිටපත සකස් කළේ රොෂාන් ඈපාසිංහයි. ගායනය බිනොර පීරිස්ගේ. ඔවුන් මේ මියුසික් වීඩියෝව නිර්මාණය කළේ කාටවත් මඩ ගහන්න නෙවෙයි. හැබැයි නොසිතූ ලෙස පිටස්තරයකු මෙම වීඩියෝව නිසා කලබලයට පත්වුණා. ඔහු සිතුවේ මෙය ඔහුට සම්බන්ධව සිටින ‘අයකු’ අපහසුතාවට පත්කිරීම සඳහා ‘මම’ ඇතුළු අනෙක් අය මෙය මඩ ප්‍රහාරයක් කරගත්තා කියලයි.
ඔබ ‘ඔහු’ කියා නම් කරන්නේ හර්ෂණ බෙත්මගේද?
අනිවාර්යයෙන් මම කියන්නෙ හර්ෂණ ගැන තමයි. හර්ෂණ කියනවලු ඔහුගේ පෙම්වතියව අපහසුතාවකට මැදි කරන්න මෙම මියුසික් වීඩියෝව නිර්මාණය කළා කියලා. ඇත්තටම එය හරිම විහිළුවක්.
හර්ෂණ එවැනි චෝදනාවක් කරන්නට හේතුව කුමක්ද?
ඒ ප්‍රශ්නය අහන්නට ඕනෑ හර්ෂණගෙන්මයි. හර්ෂණ සහ ඔහුගේ පෙම්වතිය ඉතා සතුටින් කල්ගෙවන දෙන්නෙක්. ඒ අයට මඩ ප්‍රචාර කරන්නට හෝ ‘ඔවුන්ගේ ආදරය’ අපහසුතාවට පත්කරන්න තම නිර්මාණශීලීත්වය උගසට තියන්න තරමට වොල්ගා කල්පනීගෙ මානසික මට්ටම පහතට වැටී නැහැ. ‘වොල්ගා කල්පනී’ කියන්නේ කියන්නට වුවමනා යමක් තියෙනවා නම් එය මුහුණටම කියන කෙනෙක්.
ඔබට හුඟාක් තරහ ඇවිත් වාගේ?
තරහක් නෙවෙයි. මෙවැනි දේ ගැන මට හිනා එනවා. යම් නිර්මාණයක් තම හිතට නැඟුණු දක්‍ෂ තිර පිටපත් රචකයෙක් එයින් මියුසික් වීඩියෝවක් කළාම පැත්තක ඉන්න තවත් පුද්ගලයෙක් මට තර්ජනාත්මකව චෝදනා කරනවා. ඒ ඔහුගේ පෙම්වතියට අපහාසයක් කියලා. අද මේ අවස්ථාවේ මෙතැනදී මම කියනවා අවලංගු කාසිය මියුසික් වීඩියෝව හර්ෂණ බෙත්මගේ හෝ ඔහුගේ පෙම්වතියගේ කතාව නෙවේය කියලා.
2020ට අලුත් පණිවුඩයක් දෙනවද වොල්ගා?
ප්‍රේක්‍ෂකයන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා කටකතා හෝ ගොසිප් විශ්වාස කරන්න එපා. ‘වොල්ගා කල්පනී’ තමා ගැන තමාගේම වචනවලින් යමක් ප්‍රකාශ කරනතුරු වෙනත් අය පතුරුවන කතා මත මා ගැන තීරණ ගන්න එපා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිතුයි-චම්පිකයි CCDය ඇතුළේ ඉන්න ‌ෆොටෝ ‌මෙන්න

Next Post

එල්ලාවල හෝර්ටිකල්චර් සම්මාන තුනකින් පිදුම් ලබයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.