ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව ජනතාව, පෘථිවිය සහ ලාභය යන තිරසාර අංශ තුන වෙනුවෙන් දක්වන කැපවීම වෙනුවෙන් තවත් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2019 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන ප්‍රදානෝත්සවයේදී සමස්ත අංශයේ අනුශූරතාව ඇතුළු සම්මාන හතක් දිනා ගැනීමට සමත් විය.
ටි්‍රපල් බොටම් ලයින් සම්මානය (ජනතා), මූල්‍ය අංශයේ සම්මානය, පාරිභෝගික සබඳතා සහ ආයතනික පාලනය වෙනුවෙන් ආංශික සම්මාන, හොඳම ඉදිරිපත් කළ අයදුම වෙනුවෙන් වූ සම්මානය සහ ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත්වීමේ සම්මානය මෙහිදී බැංකුව දිනාගන්නා ලදී.











