• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගුප්ත බලයෙන් අරුම පුදුම වැඩ කළ දඩයම්තලාවේ බීරි හාමුදුරුවෝ

December 14, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගුප්ත බලයෙන් අරුම පුදුම වැඩ කළ දඩයම්තලාවේ බීරි හාමුදුරුවෝ
Share on WhatsAppShare on Facebook

1888 වසරේදී උපත ලබා 1967.12.13 දින අපවත් වී වදාළ අපේ දඩයම්තලාව පුරාණ රජමහා විහාරයේ වැඩ වාසය කළ දඩයම්තලාවේ බීරි හාමුදුරුවන්ගේ (ගුණානන්ද හිමිපාණන්ගේ) විස්මිත හපන්කම් පිළිබඳ තොරතුරු සොයා පසුගිය කාලය පුරාම මගේ ගමන් සගයා වන යූ.එච්. හේන්ගොඩගේ සමඟ දිගාමඬුල්ල පුරා කරක් ගැසුවෙමු. අපේ බීරි හාමුදුරුවන් වහන්සේද විවිධ හපන්කම් පෙන්වූවත් මේ වන විට ඒවා මුඛ පරම්පරාගතව එන කතාවන්ට පමණක් සීමා වී තිබේ. මේ පිළිබඳව කිසිදු තැනක ලේඛනගත වී නොතිබීමෙන් මේවා කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් දිගාමඬුල්ලේ වංශ කතාවෙන් ගිලිහී යනු නො අනුමානය. එවකට රටේ අගමැති ඩඞ්ලි සේනානායකයන්ට පවා ‘උඹ… බං… බොලං’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට තරම් ලොකු ආත්ම ශක්තියක් තිබූ දඩයම්තලාවේ බීරි හාමුදුරුවන්ගේ කතාව සොයා ගිය අපි පළමුව දඩයම්තලාව පුරාණ ශ්‍රී සම්බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති අරන්තලාවේ සුදම්ම හිමියන් මුණ ගැසුණෙමු. ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පසු අපි පැමිණි කාරණය දැනගත් සුදම්ම හිමියන් අපිත් එක්ක දොඩමලු වුණේ මෙලෙසිනි.

“විජයසිරි මහත්තයා ලොකු පින්කමකට අත ගහල තියෙනවා… මේ මාසේ 13දා අපේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ වෙනුවෙන් අපි 2011 වසරේ සිට නොකඩවා පවත්වා ගෙන ආ ගුණ සමරු පින්කම පවත්වා උන්වහන්සේට පින් පෙත් අනුමෝදන් කරනවා. ගුණානන්ද හිමිපාණෝ එදා ගල්ඔය වැඩ වාසය කරපු උත්තම ගණයේ මහා සංඝ පීතෘවරයෙක්. ගුණානන්ද හාමුදුරුවෝ කීවාට වැඩි දෙනෙක් දන්නේ නෑ. රටේ ලෝකේ හැම දෙනෙක්ම දඩයම්තලාවේ බීරි හාමුදුරුවෝ කීවාම දන්නවා. එතුමා කිසි කෙනෙකුට බය නෑ. ලොකු ආත්මශක්තියක් තිබුණ පින් ඇති හාමුදුරුනමක්. උන්වහන්සේ මහ ලොකු හාස්කම් සහිත දේවල් කළා. උන්වහන්සේ බෝධීන් වහන්සේ ආසන්නයේ කටුමැටි ගහපු පොල් අතු පැලක වැඩ වාසය කළේ. 1888 උප්පත්තිය ලබපු උන්වහන්සේ 1967.12.13 දින අපවත් වෙනව. පුරා වසර 79ක් පමණ දඩයම්තලාව සම්බෝධිරුක්ඛාරාමයේ වැඩ වාසය කළා. ඒ පුරා වසර 79 තුළ කරපු හපන්කම් පිළිබඳ කෙටියෙන් සඳහන් කළොත් එක කාලෙක උන්වහන්සේට විහාරස්ථානයේ පොකුණක් හදා ගන්ට ඕන වුණා. කොහොමහරි පොකුණ හාරන්නත් පටන්ගත්තා. ඒත් ඒ පස් උඩ මළුවට දාගන්ට බෑ. ඔන්න එතකොට ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ඩෝසර් කිහිපයක් පන්සල ඉස්සරහා පාරේ වැඩකට යනවා දැකලා එතැනට ගිය හාමුදුරුවෝ ඒ ඩෝසර් ඔපරේටර්ලට කතා කළා.

“බොලව් කොල්ලනේ… අර බලපියව්. මම පන්සලේ වැවක් හදනවා… පස් හෑරුවට මොකද? ඒ පස් ටික උඩ මළුවට ඇන්න යන්ට මට බෑ. තොපේ ඔය මැෂින්වලින් ඒ පස් උඩ මළුවට ගිහින් දාපියව්.

“මේ මොන මරාලයක්ද? අපිට වැව් හාරන්ට බෑ. මීට වඩා ලොකු වැඩ තියෙනවා. හාමුදුරුවෝ ඔච්චර හරියක් කර ගත්ත එකේ ඒකත් එහෙමම කර ගන්ට. බීරි හාමුදුරුවෝ කියන්නෙ කවුද කියල නොදන්න ඩෝසර් ඔපරේටර්ල සමච්චලේට හාමුදුරුවෝ දිහා බලල ඩෝසරවලට නැඟල ඒව පණ ගන්නන්ට පටන් ගත්ත.

“හා… ඒකත් එහෙමද? හොඳයි… තොපේ මනාපයක්… එහෙම නම් යන හැටි බලමුකෝ… කියපු හාමුදුරුවෝ පන්සලට වැඩිය. ඒත් අර එක යන්තරයක්වත් පණ ගැන්නෙන්නෙ නෑ. ඩෝසර් ඔපරේටර්ල දන්න ජාති සේරම කරනවා. අරක බලනවා. මේක බලනවා. කෑල්ලක් ගලවනවා. ආයිත් හයි කරනවා. මොන, එකක්වත් ස්ටාර්ට් වෙන්නෙ නෑ. දැන් පන්සල ඉස්සර පාරෙ ගල්බෝඞ් ඩෝසර සේරම ගල තිබ්බ වගේ. හාමුදුරුවෝ මේව දැක්ක නොදැක්ක ගානට උදැල්ලක් ඇරගෙන වැව හාරනව. අන්තිමේදී අම්පාරෙ ඉඳන් බාස්ල ආව. දන්න වැඩ කිඩ සේරම දැම්ම. ඒත් එක ඩෝසරයක්වත් පණගන්ට බෑ. බැරිම තැන වෙලා තියෙන සංගදිය කොළඹට දැන්නුවා. කොළඹින් රාත්‍රි මඩකලපුව කෝච්චියට නැංග ඩෝසර් ඉස්ටාර්ට් කරන්ට දන්න කියන කොළඹ වැඩකාරයෝ කැන්දන් එන්ට පහුවදා උදේම අම්පාරෙන් ලෑන්ඞ් රෝවරයක් මඩකලපු ගියා. ඩෝසරයක් කෑල්ලෙන් කෑල්ලට ගලවල ආපහු හයි කරන්ට දන්න කෙරුම්කාර බාස්ල දෙතුන් දෙනෙක් ආව. ඩෝසරයකට නැංගා. දන්න වැඩ කිඩ සේරම දැම්ම. ඒත් එක ඩෝසරයක් වත් හොල්ලන්ට බෑ. මහ පොළොවට ගිලා බැස්ස ගානයි. දෙකන්සෙන් දාඩිය පෙරා ගත්ත කොළඹ බාස්ලටත් වැඬේ කර ගන්ට බෑ. ඔන්න ඔය වෙලාවේ පාරේ ගිය වයසක මාම කෙනෙක් මේ අයත් එක්ක කතාවට වැටුණ. හොට බිම ඇන ගත්තු අය වෙච්චි සංගදිය දිග ඇරිය.

“බොලා අපේ බීරි හාමුදුරුවන්ට එහෙම මොනවත් කීවවද්ද?” වුණේ මොකක්ද කියල සහ සුද්දියෙන් තේරුම් ගත්තු වයසක මනුස්සයා ඇහුව.

“හාමුදුරුවෝ වැවේ පස් ටික මළුවට දාල දෙන්ට කියල නම් කීව. ඒත් අපි බෑ කියල කීව. හා හොඳයි… තොපේ මනාපයක් කියපු හාමුදුරුවෝ පන්සලට වැඩිය. වෙච්චි සංගදියෙ සැර බාල කරපු ඩෝසර් ඔපරේටර්ල කාරණේ පැහැදිලි කළා.

“ආය දෙකක් නෑ… විජහට බුලත් අතක් ඇන්න හාමුදුරුවෝ හදි ගැහිල සමාව ගනිල්ල… ඒ වගේම අපේ බීරි හාමුදුරුවෝ යමක් කීවනම් ඒක කරල දීපල්ල. නැත්තන් මේ යකඩ ගොඩවල් මහ පොළොවට පස් වෙලා ගියත් නෝ හෙල්ලුම්. මේක අහ ගත්තු ඔපරේටර්ලටයි, බාස්ලටයි, සේරටෝම එලොව පොල් පෙනුණ. එකෙක් හන්දියේ පියදාස මුදලාලිගෙ කඬේට දිව්ව. එකාට එක ගානෙ බුලත් අත් අරන් ආව. අතපය හෝද ගත්තා. දෙකට තුනට නැමිල හාමුදුරුවෝ ඉස්සරට ගිහින් බිම දිගාවෙලා බුලත් දීල හාමුදුරුවන්ට වැඳල සමාව ගත්තා.

“අනේ අපේ හාමුදුරුවනේ… නොදන්න කමට සමා වෙන්ට. ජීවිතේ තියෙන තාක් කල් අපි අතින් මෙහෙම වැරැද්දක් වෙන්නෙ නෑ. අපේ ඩෝසර් පණ ගන්නල දෙන්ට. අපි ආපු වැඬේ නතර කරල හාමුදුරුවන් වහන්සේගේ වැවේ වැඩ සේරම ඉවර කරල දෙන්නම් කියල පින්සෙණ්ඩු වුණා.

“හා ඒකත් එහෙමද? එහෙම නම් ගල් කැට හතරක් ඇන්න අර පොකුණෙ වතුරෙන් හෝදගෙන මට ගෙනත් දීපල්ලා. කියන පරක්කුවෙන් ඔපරේටර්ල ගල් කැට හතරක් පොකුණෙ තිබුණ වතුරෙන් හෝදල දෝතින්ම හාමුදුරුවන්ට පිළිගැන්නුව. ගල් කැට හතර දෝතට ඇන්න ඩෝසර දිහා බලාගෙන මොන මොනවද කියල මතුරපු හාමුදුරුවෝ “මේ ගල් කෑලි දෙකක් ඉස්සරහින්ම තියෙන ඩෝසරයේ ඉස්සරහා රෝද දෙක ළඟ තියාපියව්… අනිත් ගල් කෑලි දෙක පිටි පස්සෙන්ම තියෙන ඩෝසරයේ පිටි පස්ස රෝද දෙක ළඟ තියාපියව්. ඉන් පස්සෙ වාහනෙට නැඟල තමන් අදහන ආගම් සිහි කරල යතුර ගහල බලා පියව්…” කියල අර ගල් කෑලි හතර ඔපරේටර්ල අතට දුන්නා. ඒ මිනිස්සුත් බීරි හාමුදුරුවෝ කියපු විදියට කළා. මෙන්න බොලේ අර පණ ගන්නන්ට බැරිව තිබුණ යෝධ මැෂින් කස් ගාල ස්ටාට් වුණා. හිනා වෙන්ට දන්නෙ නෑ කියල මිනිස්සු හිතාගෙන හිටිය බීරි හාමුදුරුවෝ හිනා වෙවී ඒ දිහා බලාගෙන ඉන්නව. ඉන් පස්සෙ අර ඩෝසර් ඔක්කොම පන්සල් වත්ත ඇතුළට ඇවිත් හාමුදුරුවෝ කියපු විදියට පොකුණ හාරල පස් සේරම උඩ මළුවට ගිහින් දාන්ට පටන් ගත්තා. පැළ තැඹිලි ගෙඩි කඩා ගත්තු බීරි හාමුදුරුවෝ පිහියක් ඇන්න ඇස්ස ගහල හාමුදුරුවෝ අතින්ම ඒ ගෙඩිවලින් ඔපරේටරලට සංග්‍රහයකුත් කළා. ඔන්න ඔහොමයි අපෙ දඩයම්තලාව පන්සලේ බීරි හාමුදුරුවන්ගෙ හපන්කම්.
රැග් විජයසිරි

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව සම්මාන 7ක් දිනා ගනී

Next Post

‘සුදු වෑන් රියැදුරන්’ ‌දෙදෙනා අත්අඩංගුවට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.