• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

චිත්‍රකතා ඇඳපු ඇන්ටන් බී

December 17, 2019
in Heart
Reading Time: 1 min read
A A
චිත්‍රකතා ඇඳපු ඇන්ටන් බී
Share on WhatsAppShare on Facebook

ගාල්ලෙ උපන් කොටුවෙල අප්පුහාමිලාගේ හර්බට් ඇන්ටන් බර්ට්‍රම් පෙරේරා නම් වූ ඔහු පසුකාලීනව එනම් 70 – 80 දශකයේ ජන හදවත් ආකර්ෂණය කරගත් සුපිරි තරුවක් බවට පත්විය. ඒ අදත් නම කියූ සැණින් කාගේත් මතකයට නැඟෙනා ඇන්ටන් බී. පෙරේරා නම් වූ දක්‍ෂ ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියා ලෙසිනි. වර්තමානයේ සිනමා තරුවකටත් සමීප විය නොහැකි ආකාරයට එවකට අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියේ චිත්‍රකතා ශිල්පීන්ය. එසේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැඳුණු ශිල්පීන් අතර ඇන්ටන් බී. පෙරේරාටත් තැනක් හිමි විය. ඒ තැන එදා මෙදා තුර කිසිවකුට උදුරා ගන්නට නොහැකි වීමද විශේෂත්වයකි. මේ ඒ ඇන්ටන් බී. පෙරේරාගේ කතාවයි.
මං ගාල්ලෙ ඉපදුණත් බොහෝ දුරට ජීවිතය ගෙවුණේ පිටපළාත්වල. එයට ප්‍රධාන හේතුවක් තිබුණා. ඒ තමයි අපේ තාත්තාගෙ රැකියාව. ඔහු වතු පාලකවරයෙක්. ඉතින් මගේ පාසල් ජීවිතය පාසල් තුනකට බෙදුණා.

මම කොයිතරම් ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වුණත් මට චිත්‍ර කලාවට ගුරුවරයෙක් නැහැ. මේ හැකියාව මං උපතින්ම අරගෙන ආපු දෙයක්. ඒ කාලේ අපේ අම්මා, තාත්තා කියනවා මම පුංචි දරුවා කාලෙත් පාටකූරු අරගෙන බිම චිත්‍ර අඳින එකලු කරන්නෙ කියලා. ඉතින් බහ තෝරන වයසෙ ඉඳලම මගේ ඇඟේ මේ චිත්‍ර කලාව තිබුණා. පාසල් යන කාලෙත් ගුරුවරු මගේ හැකියාව හඳුනා ගෙන මට කියලා චිත්‍ර අන්දවලා ඒ චිත්‍ර අනෙක් ළමයින්ට පෙන්වලා බලාගෙන අඳින්න කියන එක තමයි කළේ. මම සාමාන්‍ය පෙළ විභාගයෙන් චිත්‍රවලට විශිෂ්ට සාමාර්ථයක් ගත්තා. ඔය කාලේ අපේ පාසලේ හැම වසරේම සියලුම අංශවලින් තෝරා ගන්නා විශිෂ්ටම සිසුවාට සම්මානයක් දෙනවා. ඉතින් ඒ සම්මානය 1969 වසරේදී මට තමයි ලැබුණේ.

චිත්‍ර කතා ගැන මට උනන්දුවක් ඇති වුණාට පස්සෙ මගේ කැමැතිම චිත්‍ර ශිල්පියා වුණේ සුසිල් ප්‍රේමරත්න. සුසිල් මාස්ටර්ගෙ චිත්‍ර දැක්කට පස්සෙ මටත් හිතුණා චිත්‍ර කතාවක් ඇන්දොත් හොඳයි කියලා. ඊට පස්සෙ පැන්සලෙන් ඩ්‍රෝවින් පොත්වල කතා ඇන්දා. හැබැයි ඉන්දියන් තීන්ත ගැන එහෙම ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ. ඔන්න ඔය කාලෙ තමයි මං පාසලෙන් ඉවත්වෙලා තාත්තගෙ අඩි පාරේ යමින් වතු පාලකවරයේ විදියට රැකියාවට සම්බන්ධ වුණේ. ඒක හරිම සුන්දර රැකියාවක් බව මං අත්දැකීමෙන් දැනගෙන හිටියා. බදුල්ල, බණ්ඩාරවෙල වගේ ප්‍රදේශවල තමයි වතු වැඩි හරියක් තිබුණෙ. වතු පාලකවරයකුට හැම සැප පහසුකමක්ම ලැබෙනවා. යාන-වාහන, බංගලා ඒ වගේ හැමදේම ලැබෙනවා. ඒක හරිම සුඛෝ-පභෝගී රැකියාවක්. ඒ අපේ තාත්තා කිව්වා උඹ වගේ සංවේදී කෙනකුට මේ රැකියාව කරන්න බැහැ කියලා. මොකද ඒ කාලෙ වතුවල වැඩ කරන කම්කරුවන්ගෙ වැඩ ගන්න හැටි අපිට බලාගෙන ඉන්න බැහැ. ඒ මිනිස්සු හරියට දුක්විඳිනවා. පස්සෙ මං ඒ රක්‍ෂාවෙන් අයින් වුණා.

ඔන්න ඔය කාලේ සිළුමිණ පත්තරේ දැන්වීමක් දාලා තිබුණා චිත්‍ර ශිල්පීන් අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි මම ඒ ඉන්ටර්විව් එකට සහභාගි වුණේ. ඒ මට මතක හැටියට 1974 අවුරුද්දෙ විතර. සම්මුඛ පරීක්‍ෂණේ තිබුණේ කොළඹ. එදා මාව ඉන්ටර්විව් කළේ කැමිලස් පෙරේරා මහත්තයා. අන්තිමට ඔහු මාව ගත්තා. හැබැයි හැකියාව තිබුණාට මට ඒ අවබෝධය තිබුණෙ නැහැ. ඉතින් එතැනට සම්බන්ධ වුණාට පස්සෙ තමයි මට ඒ සියලු දේවල් ගැන අවබෝධ ලැබුණෙ. මම 1975 තමයි ටෝරස් කියන මුල්ම චිත්‍ර කතාව ඇන්දෙ. එතකොට මට වයස අවුරුදු 24ක් විතර ඇති. එතැනින් පස්සෙ මං දිගටම චිත්‍ර කතා අඳින්න පටන්ගත්තා. මම ඒ ඇඳපු හැම කතාවක්ම අතිශය ජනප්‍රිය කතා බවට පත්වීම තුළ මට ඉතා උද්‍යෝගයෙන් චිත්‍රකතා ශිල්පයේ යෙදෙන්න අවස්ථාව උදා වුණා.

ඒ කාලේ සිත්තර පත්තරය මුද්‍රණය කළ මල්ටිපැක්ස් ආයතනයට එක පත්තරයකින් පාඨක ඉල්ලුම සපුරන්න බැරි වීම නිසා එකම ආයතනයෙන් චිත්‍ර කතා පත්තර තුනක් කළා. මම ඒ පත්තර තුනටම ඇන්දා. සතියකට කතා හයක්, හතක් අඳින්න සිදුවුණා. ඒ කාලේ අපි අසීමිත ජනප්‍රියත්වයකට පත්ව සිටියා. අපි කොයිතරම් ජනප්‍රියද කියනවා නම් පාඨකයන් අපේ නම දැන සිටියාට අපිව දැකලා තිබුණෙ නැහැ. ඒ තත්ත්වය නිසා අපේ නම් භාවිත කරලා වෙනත් අය බොහෝ පලප්‍රයෝජන අරගෙන තිබුණා. විවිධ අයුතු කටයුතුත් කරලා තිබුණා. අවසානේ මේක වළක්වන්න බැරි තත්ත්වයකට ආපු නිසා තමයි ආයතනයෙන් තීරණය කළේ කතා සමඟ අපේ ෆොටෝ දාන්න ඕන කියලා. ඊට පස්සෙ යම් තරමකට ඒ ප්‍රශ්නය අඩු වුණා.
70-80 කාලයේ තිබුණු ප්‍රසිද්ධම මතයක් තමයි චිත්‍රකතා පත්තරයක් අච්චු ගැසීමත් සල්ලි අච්චු ගැසීමත් දෙකම එකයි කියන එක. ඒ තරමටම ලාභදායී ව්‍යාපාරයක් බවට චිත්‍ර කතාව පත්ව තිබුණා.

ඒ කාලේ චිත්‍රකතා පත්තරයක් අඩුම ලක්‍ෂ හතරක් පමණ මුද්‍රණය කරනවා. ඒජන්සිවලින් සල්ලි බැඳලා පත්තර එනකම් බලාගෙන ඉන්නවා. එක සතියක හරි පත්තරේ ප්‍රමාද වුණොත් මිනිස්සු ඒජන්සියට පහර දෙන තත්ත්වයට ඒ කාලේ පාඨකයන් තුළ චිත්‍ර කතා ගැන කැමැත්තක් තිබුණා.
ඒ කාලේ හරි අපූරු මතක සටහන් තිබෙනවා. අද ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනී එහෙම මල්ටිෆැක්ස් ආයතනයට එනවා. අපි චිත්‍රකතා අඳින හැටි බලාගෙන ඉන්න. ඒ ඇවිත් අපි ගොඩාක් හිතවත් වුණා. සිත්තරේ අවුරුදු පහක් සේවය කරපු මං උපාලි විජයවර්ධන මහත්තයාගේ පෞද්ගලික ආරාධනාවකට මං උපාලි ආයතනයට සම්බන්ධ වුණා. ඔහු එසේ අපිව තෝරා ගත්තේ සමීක්‍ෂණයක් කරලයි. ඒ සමීක්‍ෂණයෙන් පස්සෙ මම, ජනක රත්නායක වැනි ඒ කාලේ ප්‍රසිද්ධ පිරිස ගෙන්නාගෙන සිත්තරේ වගේ දෙගුණයක් පඩි ගෙවන්න එහාට සම්බන්ධ වෙන්න කැමැතිද ඇහුවා. ඒ අනුව අපි එහාට සම්බන්ධ වුණා. ඒ වෙලාවේ ජැක්ෂන් ඇහුවා මේක හොඳ අවස්ථාවක් අයියේ. අයියගේ කතා දෙකක් මම අඳින්නද කියලා. මමත් කැමැති වුණා. ඒ විදියට තමයි ජැක්සන් චිත්‍ර ශිල්පයට යොමු වුණේ. පසුව තමයි එයා රංගනයට යොමු වුණේ. එයා අදටත් ඒ දේවල් මතක් කරනවා.

අප අතිශය ජනප්‍රිය ඒ කාලේ රසිකාවියන්ගේ ආදර ඇරැයුම් කෙළවරක් තිබුණේ නැහැ. වෙලාවකට කාර්යාලයට හොයාගෙනත් එනවා.
අපි උපාලි ගෲප් එකට යන කාලේ උපාලි මහත්තයගෙ තද නීති තිබුණා. ඒ අතර ප්‍රධාන නීතියක් වුණේ ටයි එක නැතිව ආයතනයට ඇතුළුවෙන්න බැහැ. අනෙක් එක කාන්තාවන්ට ඇතුළට එන්න බැහැ. ඇතුළෙ සිගරට් බොන්නත් බැහැ. මොකද උපාලි ආයතනයේ වැඩ කළේ සියලුම දෙනා පිරිමි. ඒත් අපි කතා කරලා ඒ කොන්දේසි කිහිපයක් ලිහිල් කරගන්න කටයුතු කළා. මොකද ඒ කාලේ සිගරැට් නොබී පත්තර රස්සාව කරන්න බැහැ. අපි හරියට සිගරැට් බිව්වා. දැන්නම් කටේ තියන්නෙ නැහැ. ඔය කාලේ දිවයින පටන් අරන් තිබුණේ නැහැ. දිවයින පටන් ගන්න අවුරුද්දකට කලින් තමයි චිත්‍රමිත්‍ර පත්තරේ පටන් ගත්තෙ. උපාලි ප්‍රකාශන ආයතනයේ කසකාරයා තමයි චිත්‍රමිත්‍ර කියන්නේ. ඒ කාලේ උපාලි මහත්තයා අපිට හොඳට සැලකුවා. හැබැයි උපාලි විජයවර්ධන මහත්තයා නැති වෙනකොට මං ඒ ආයතනයෙන් ඉවත්වෙලා ආවා.

ඊට පසුව සරත් මධු සමඟ දසුන පටන් ගත්තා. කාලයක් ගතවුණාම මධු මට දසුන භාර දීලා එයා වෙනත් පත්තරයක් පටන්ගන්න ගියා. ඒ විදියට විවිධ පත්තරවලට සම්බන්ධ වෙමින් ඇවිත් පසුව මමයි, අනුරයි එකතුවෙලා ‘සිව්රස’ කියලා අපේම පත්තරයකුත් පටන්ගත්තා.
ඒ අතීතය ගැන සිහිපත් කරද්දී අදටත් දැනෙන්නේ තෘප්තිමත් හැඟීමක්. ඒ හැඟීම නිසාම අදටත් මං චිත්‍රකතා පොත් වශයෙන් පාඨකයන්ට තිළිණ කරමින් ඉන්නවා. පසුගියදා මං ලංකාවේ පාඨකයන්ට කිසිදා කියවන්නට නොලැබෙන විදේශීය රටවල කෙරෙන විදිහෙ ඉතා ඉහළ තාක්‍ෂණයෙන් යුත් චිත්‍රකතා පොතකුත් තිළිණ කළා. ලබන වසරෙත් එවැනි විශේෂිත දෙයක් ලබාදෙන්න සැලසුම් කරගෙන යනව මේ දිනවල.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඔක්කොම කටකතා ‌බොරු: ‌ගෝඨා ‌‌‌පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී

Next Post

Good Market දැන් බත්තරමුල්ලේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.