• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රණතුංග නොවෙන අර්ජුන කෙනෙක් ආයෙත් පිටියට බහී…

June 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රණතුංග නොවෙන අර්ජුන කෙනෙක් ආයෙත් පිටියට බහී…
Share on WhatsAppShare on Facebook

දුනිත් නෙත්මික වෙල්ලාලගේ. ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරන පොඩි කොල්ලා. ඉපදිලා තියෙන්නේ 2003 ජනවාරි මාසෙ 09 වැනිදා කොළඹදී. ශ්‍රී ලංකාවෙ ෆුල් ටීම් එකට දුනිත් වෙල්ලාලගේ සෙල්ලම් කරනකොට ඔහුගෙ වයස අවුරුදු 19යි දවස් 156යි. කොල්ලා සෙල්ලම් කරන්නෙ මුලින්ම ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව. ඔස්ටේ්‍රලියාව කියන්නේ සුපිරි කණ්ඩායමක්. කිසිසේත්ම අවතක්සේරුවට ලක්කරන්න බැරි පට්ට ටීම් එකක්. දුනිත් ලංකා ටීම් එකට සෙල්ලම් කරන්න කලින් මහ ලොකුවට ක්‍රිකට් මැච් ගහපු කොල්ලෙක් නෙවෙයි. ජැෆ්නා ටීම් එකටයි, ලන්කන් ක්‍රිකට් ක්ලබ් එකටයි අමතරව දුනිත් ශ්‍රී ලංකා 19න් පහළ ටීම් එකට සෙල්ලම් කරලා තිබුණා. හැබැයි ෆස්ට් ක්ලාස් මැච් ගහලා තිබුණේ 15යි. ලකුණු 362යි. ලිස්ට් ‘ඒ’ මැච් 12යි. ලකුණු 204යි. මහ ගැහිලිකාරයෙක් විදියට හඳුනගන්න පුළුවන්කමක් නෑ ඔහුව. ෆස්ට් ක්ලාස් විකට් 34යි. ලිස්ට් ‘ඒ’ විකට් 17යි. ටී 20 විකට් 03යි ඔහු අරගෙන තිබුණේ. හැබැයි දුනිත්ට ඕ.ඩී.අයි. වරම් ලැබුණා. ඕ.ඩී.අයි. ගහන්න පටන් අරගෙන පළමු මැච් තුන වෙද්දී විකට් 05ක් ඔහු අරගෙන ඉවරයි.

දැන් දුනිත් හොඳට සෙල්ලම් කරනවා. දුනිත්ට ලංකාවෙ අත්දැකීම් තියෙන ක්‍රීඩකයොත් එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක නිසා දුනිත්ට හොඳ අනාගතයක් තියෙනවා. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නෑ. ශ්‍රී ලන්කන් ටීම් එකට සෙල්ලම් කරන්න කලින් දුනිත්ට අවස්ථාව ලැබුණා ඔස්ටේ්‍රලියානු ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකාවෙ ‘ඒ’ කණ්ඩායම අතර පැවැති මැච් දෙක ගහන්න. පළමු මැච් එකේදි දුනිත් ලකුණු 33ක් ගැහුවා. ලකුණු 55ට විකට් දෙකක් ලබාගත්තා. ඊට පස්සෙ මැච් එකේ දුනිත් නොදැවී ලකුණු 17යි. අන්තිමට හයේ පහරකින් මැච් එක ඉවර කරන්නේ දිනලා. ලකුණ තුන්සිය ගානක් එළවලා ගහනවා මේ මැච් එකේදි. හැබැයි දුනිත්ට ලකුණු 25ට විකට් ගන්න ලැබෙන්නෙ නෑ. ඒ වුණාට දුනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගෙ කණ්ඩායම නියෝජනය කරමින් සරේ ප්‍රාන්තයට එරෙහිව ගහපු මැච් එකේදි ලකුණු 46ක්, ඒ වගේම හැම්පෂයර් කණ්ඩායමට එරෙහිව ගහපු මැච් එකේදි ලකුණු 44ක් ඔහු ලබාගෙන තිබුණා. සරේ මැච් එකේදි දුනිත් ලකුණු 143ට විකට් 05ක් ගන්නවා මුළු තරගය තුළදී. ඒ නිසා දුනිත් වැඩකාරයෙක්. හැබැයි දුනිත් ටීම් එක ඇතුළට ආවට පස්සේ අපට දුනිත්ගෙන් දකින්න ලැබෙනවා තව චරිතයක්. ඒ කියන්නේ දුනිත් කියන්නේ සුපිරි වැඩ්ඩෙක්. ඔහුට මාර අනාගතයක් තියෙනවා. ඔහුගෙන් අපට හීන දකින්න පුළුවන්. හැබැයි මෙහෙම තරුණ ක්‍රීඩකයො ටීම් එකට ආවට පස්සේ හීන දැකලා දැකලම අපට ඇති වෙලයි තියෙන්නේ. එහෙම හීන දැකපු සමහර එවුන් අපට හීන විතරක් ඉතිරි කරලා සබන් පෙන වගේ නොපෙනී ගියා. එහෙම නොවිච්ච අතීතයක් අපට තිබුණා. ඒ තමයි අර්ජුන රණතුංග. ඔහු ශ්‍රී ලංකා ටීම් එකට එන්නේ තරුණ ක්‍රීඩකයෙක් විදියට. ඉස්කෝලෙ පොඩි කොල්ලෙක් විදියට. අර්ජුන ක්‍රිකට් ක්‍රීඩාවට එන්නේ ඉතාම තීරණාත්මක වෙලාවක. හැබැයි ඒ වෙද්දී අර්ජුනට ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුළත් වෙන්න පුළුවන්ද බැරිද කියන එක පවා අවිනිශ්චිත තත්ත්වයකයි තියෙන්නේ. අර්ජුන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ 1981 අවුරුද්දේ. ඒ වෙද්දී අර්ජුනට වයස අවුරුදු 18යි. ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබිලා පළමු තරගය තියන්න නියමිතව තියෙනවා. මේ තරගය සඳහා කණ්ඩායමට ක්‍රීඩකයන් 10 දෙනෙක් නම් කරලා අවසානයි. මේ කණ්ඩායමේ නායකයා විදියට ඉන්නේ බන්දුල වර්ණපුර. ඔහුට අමතරව විවිධ ක්‍රීඩකයො ඉන්නකොට අනුර රණසිංහ මේ කණ්ඩායමට ඇතුළත් වෙනවද නැද්ද කියන එක තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක. අනුර රණසිංහ කියන්නේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරපු, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදීමේ විශිෂ්ට සේවයක් සිදුකරපු ගාමිණී දිසානායක ඒ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස කටයුතු කරමිනුයි ඉන්නේ. ගාමිණී දිසානායකට අවශ්‍ය වෙනවා අනාගතය සම්බන්ධ ක්‍රීඩකයෙක් මේ කණ්ඩායමට ඇතුළත් කරන්න. ඒත් ජාතික කණ්ඩායමේ නායකයා ඇතුළු බොහෝ දෙනෙක් තීරණය කරනවා නෑ, කණ්ඩායම ඇතුළට එන්න ඕනෙ අනුර රණසිංහ කියලා. ඒකට හේතුව අනුර දක්ෂයෙක්. අනුරට අත්දැකීම් තියෙනවා. අනුරට මේ තරගය ක්‍රීඩා කරන්න අවස්ථාව දෙන්න ඕනෙ. ඒත් තවමත් ජාතික කණ්ඩායම නම් කරලා නෑ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයො 10 දෙනෙක් විතරයි නම්කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව පළමුවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන්න සූදානම්. ප්‍රතිවාදී කණ්ඩායම ප්‍රබල එංගලන්ත කණ්ඩායම. මේ ප්‍රබලයොත් එක්ක ගහලා ලංකාවට දිනන්න නම් ලංකාවට ඉන්න ඕනෙ සුපිරි ටීම් එකක්. ඒත් මොකක්ද මේ ස්කූල් බෝයි ක්‍රිකටර් කෙනෙක් දාලා කරන්න හදන සෙල්ලම?

පී. සරා ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් පිරිලා ඉතිරිලා යනවා. තරගය සඳහා සියල්ල සූදානම් වෙනවා. ඒත් තවමත් පී. සරා ලකුණු පුවරුවෙ තියෙන්නේ නම් 10යි. පළමු තරගය ආරම්භ වෙනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නම් වෙනවා. ඒ බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුතුව. සිදත් වෙත්තමුනි, රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, රන්ජන් මඩුගල්ල සමග අර්ජුන රණතුංග ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙනවා. සෝමචන්ද්‍ර ද සිල්වා, අසන්ත ද මෙල්, ලලිත් කළුපෙරුම, මහේෂ් ගුණතිලක සමග අජිත් ද සිල්වා තමයි මේ කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. පළමු තරගය පළමු ඉනිම විදියට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලින්ම පිටියට එන්නේ බන්දුල වර්ණපුර සමග සිදත් වෙත්තමුනි. නායකයා සහ වෙත්තමුනි පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 09යි. ප්‍රථම කඩුල්ල ලෙස බන්දුල වර්ණපුර පිටියෙන් ඉවත් වෙනවා. රෝයි ඩයස් 11කට දෙවැනි කඩුල්ල ලෙස දැවී යද්දී සිදත් වෙත්තමුනි තුන්වැනි කඩුල්ල ලෙස ලකුණු 29කට පිටියෙන් ඉවත්ව යනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අවදානම්කාරී තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා. බොතම් ඇතුළු පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කරනවා. ශ්‍රී ලංකාවේ බලපාරොත්තුවක් විදියට ඉන්නේ දුලිප් මෙන්ඩිස්. නමුත් මෙන්ඩිස්ට ඒ තරම් ලකුණු ලබාගන්න හැකි වෙන්නේ නැහැ. ඔහුට ලබාගන්න පුළුවන් වුණේ ලකුණු 17ක් පමණයි. පන්දු 28කදී ලකුණු 17ක් ගත්තු දුලිප් මෙන්ඩිස් හතරේ පහර දෙකක් එල්ල කිරීමෙන් පස්සේ පිටියෙන් ඉවත් වෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ටිකෙන් ටික ඈතට ඉගිලිලා යනවා.

අර්ජුන රණතුංග පිටියෙට පිවිසෙන්නෙ ඉන් පස්සේ. සම්බන්ධතාව ලකුණු 99ක්. ඒ, අර්ජුන රණතුංගගේ සහ රන්ජන් මඩුගල්ලගේ. අර්ජුන රණතුංග පිටියෙන් ඉවත් වෙන්නේ ලකුණු 133ක් ලකුණු පුවරුවේ සටහන් වුණාට පස්සේ. ඒ, පස්වැනි කඩුල්ල විදියට. අර්ජුන පළමු තරගයේදීම ලකුණු 54ක් ලබාගන්නවා. පන්දු 96කදී. හතරේ පහර 7ක් සමග. ඒ විදියට තමයි අර්ජුන ජාතික කණ්ඩායමේ නමක් රැගෙන යන ක්‍රීඩකයෙක් බවට පත්වෙන්නේ.

දෙවැනි ඉනිමේදී අර්ජුන රණතුංගට ඒ තරම් දස්කම් දක්වන්න ලැබෙන්නේ නැහැ. ඔහුට ලබාගන්න පුළුවන් වුණේ ලකුණු 02ක් විතරයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය පරාජයට පත්වෙනවා. නමුත් ප්‍රථම තරගයට ක්‍රීඩා කිරීමේ වාසනාව අර්ජුනට ලැබෙනවා. මේ අවුරුදු 18 ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායටම ඇතුළත් වෙන්නේ රටේ අනාගත බලාපොරොත්තුවක් විදියට. එවක ටෙස්ට් වරම් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරපු ගාමිණී දිසානායකට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් අනාගතයක් නිර්මාණය කරන්න. ඒ අනාගතය නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව විදියට අර්ජුනව කණ්ඩායමට දානකොට බොහෝ දෙනෙක් ඇයි මේ අර්ජුන කණ්ඩායමට ගන්නේ කියලා ප්‍රශ්න කරන තැනට පත්වෙනවා. නමුත් අවසානයේ 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට දිනා දෙමින් ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නායකයා ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කරන අර්ජුන ඉතිහාසගත වෙනවා. තවමත් ඔහුට ඒ ගෞරවය හිමියි. ශ්‍රී ලංකාව ලබාගත්ත විශිෂ්ටතම ලෝක කුසලාන ජයග්‍රහණය වෙන්නේ අදටත්, 1996 ලෝක කුසලාන ජයග්‍රහණය.

1996 ලෝකු කුසලාන ජයග්‍රහණය ලබන්නට අර්ජුන දැක්වූ දායකත්වය අතිවිශිෂ්ටයි. ලෝක කුසලානය දිනාගන්න මොහොතේ ලකුණු ලබාගැනීමට පවා අර්ජුන වාසනාවන්ත වෙනවා.

ආයෙත් අපි අර්ජුනගෙන් දුනිත්ගෙ පැත්තට හැරෙනවා. දුනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත බලාපොරොත්තුවක් බවට පත්වේවි. අවුරුදු 18දී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරපු අර්ජුන වගේම, දුනිත් වෙල්ලාලගේටත් අවුරුදු 19දී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙනවා. අර්ජුන ක්‍රීඩා කරන්නේ ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව. දුනිත් ක්‍රීඩා කරන්නේ ප්‍රබල ඔස්ටේ්‍රලියාවට එරෙහිව. අර්ජුන වගේම දුනිතුත් ලකුණු අතර ඉන්නවා. අර්ජුන පන්දු යවන්නෙක් විදියට මුල් කාලෙ දක්ෂතා දැක්වුවෙ නැහැ. ඒ වගේම අර්ජුන පන්දු යවන්නේ පසුව. නමුත් පළමු තරගයේ අර්ජුනට පන්දු යවන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් දුනිත් වෙල්ලාලගේ ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට. මේ තුන් ඉරියව් ක්‍රීඩකයාගෙන් ජාතික කණ්ඩායමට නිසි ප්‍රයෝජන අරගෙන ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණ ලබාදෙන සුබ සිහිනයක් බවට පත්වන්න කියලා දුනිත් අපි ඔබට සුබ පතනවා. සුබ ගමන් කොල්ලා… ජය වේවා….



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජනාධිපති රැස්වීම් කැඳවනවා! රනිල් රැස්වීම් කැඳවනවා! කංචන රැස්වීම් කැඳවනවා! මොකා රැස්වීම් කැඳෙව්වත් මිනිස්සුන්ට තෙල් නෑ! දැන් ජනතාව බූවල්ල-කොස්ස-ඉදල අතට ගන්න ඕනෙ කාලෙ ඇවිත්! (VIDEO)

Next Post

පොසොන් පෝයට අනුරාධපුරයේදී මහජන බැංකුවෙන් පිංකම් මාලාවක්…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.