Mother Sri Lanka සංවිධානය සිය‘Empowering Entrepreneurs’ ’ ව්‍යාපෘතිය සමඟ එක්වී සිටින විශාල පිරිසකගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා කෝට්ටේ ප්‍රදේශයේදී නවීන පහසුකම් සහිත අලෙවිසලක් විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. Mother Sri Lanka යනු ස්වාධීන, ලාභ නොලබන පුණ්‍ය ආයතනයකි. අංක 614, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ (පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ කෙසෙල් කොළේ බස් නැවතූම ඉදිරිපිට) පිහිටා ඇති මෙම නව අලෙවිසල තුළ කාබනික ලෙස පිළියෙල කළ ආහාරපාන මෙන්ම වේවැල් හා පන් භාණ්ඩ, අත්කම් රෙදිපිළි, පිඟන් කෝප්ප, ශෛලමය භාණ්ඩ, මැටි භාණ්ඩ, සිප්පිකටු සහ පොල්කටුවලින් නිමවන ලද භාණ්ඩ, සෙරමික් භාණ්ඩ, ලිපිද්‍රව්‍ය මෙන්ම තවත් කලාත්මක භාණ්ඩ රාශියක්ද අලෙවියට තබා තිබේ.











