ශ්රී ලංකා වාණිජ මණ්ඩලය මගින් 16 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ Best Corporate Citizen Awards” සම්මාන උළෙලේදී ලංකා බැංකුව නැවතත් දිවයිනේ ප්රමුඛපෙළේ ආයතනික පුරවැසියන් 10 අතරට එක්විය. මෙම අවස්ථාවට සහභාගි වූ ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතා විසින් මේ සඳහා වූ සම්මානය මෙම උත්සවයේ ප්රධාන ආරාධිත ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් ඬේවිඞ් හෝලි මැතිතුමන් වෙතින් ලබා ගන්නා ලදී. මෙම සම්මානය සඳහා දෙවරක් හිමිකම් කියනු ලැබූ එකම දේශීය බැංකුව ලෙස තම අභිමානය නැවත වරක් සටහන් කිරීමට ලංකා බැංකුව සමත් වී ඇත.
මීට අමතරව ආර්ථික සංවර්ධනය උදෙසා ලංකා බැංකුව දරන ලද දායකත්වය වෙනුවෙන් “Economic Contribution” සම්මානයත්, දේශීය ආර්ථික සංවර්ධනයට දැක්වූ අඛණ්ඩ දායකත්වය සඳහා Consistent Commiment and Continuous improvement ලෙසින් ඇගැයීමට පාත්රවීමත් මෙහිදී සිදුවිය.











