ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වීම සදහා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා විසින් කළුතර දිස්ත්‍රික්කයේ දියත් කළ මෙහෙයුමක් අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
ඉකුත් මහමැතිවරණයේදී ශ්‍රීලනිපයට කළුතරින් මන්ත්‍රී ධූරයක් නොලැබීම හේතුකොටගෙන තාවකාලිකව එම දිස්ත්‍රික්කය ආවරණය කිරීමට ලසන්ත අලගියවන්න මහතාට ලබා දීමට පක්ෂ නායකත්වය තීරණය කොට තිබිණ.
ඒ අනුව අද දිනයේදී අලගියවන්න මහතා විසින් කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් ලවා පක්ෂය ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්විය යුතු බවට වූ මතය සාධාරණීකරණය කිරීමට කටයුතු කොට ඇත.
නමුත් ඊට බහුතරයක් වූ ආසන සංවිධායකවරුන් විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇති බවක් දැනගන්නට තිබේ.
එම ආසන සංවිධායකවරුන් පෙන්වා දී ඇත්තේ එය පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයට පටහැනි බවය.
ඒ අනුව අලගියවන්න මහතාගේ උත්සාහය පරාජයට පත්ව ඇති බවක් දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම තත්ත්වය වාර්තා වූ වහාම මේ වනවිට පක්ෂ නායකත්වය විසින් මන්ත්‍රීවරුන් පමණක් නොව පක්ෂ මතයට එරෙහිව යන ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන්ද දැඩි තීන්දුවක් ගැනීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.











