ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන පනත් කෙටුම්පත හෙට (23) කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට තීරණය කොට ඇත.
ඊට ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නොහැකි වන ආකාරයේ සංශෝධනයක් ඇතුළත්ව ඇති අතර දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවලට අමතරව ජාතික විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම, ස්වාධීන කොමිෂන් සභා ලෙස සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.
දැනට ක්‍රියාත්මක කොමිෂන් සභාවල බලතල තවදුරටත් වර්ධනය කරමින් ස්වාධීන සහ ශක්තිමත් කිරීමට 21 වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
කෙසේවෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ වහා ක්‍රියාත්මක කෙරෙන්නේද, එසේත් නැත්නම් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නයක් මතුව ඇති බවද වාර්තා වේ.










