• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කවුද මේ සක්‍ර දෙවියෝ

December 10, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කවුද මේ සක්‍ර දෙවියෝ
Share on WhatsAppShare on Facebook

සදෙව් ලොවින් චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හා තාවතිංස දිව්‍ය ලෝකය යන දෙදෙව් ලොවට අධිපති වනුයේ සක්‍ර දේවේන්ද්‍රයන්ය. අණ්ඩජ, ජලාබුජ, සංසේජක හා ඕපපාතික යන සිව්ජාත ක්‍රමයෙන් ඕපපාතික ක්‍රමයට එනම් ඉබේම දෙවිවරු උපත ලබයි. එසේ පහළවන දෙවිවරු පුණ්‍ය දායාද කරනකොට දිව්‍ය වස්ත්‍ර හා දිව්‍ය ආභරණවලින් විරාජමානව දිව්‍ය තේජසින් බබළයි. මහේශාක්‍ය ප්‍රණීත දෙවි කෙනකු වූ සක් දෙවිඳුන්ගේ අණසක සමස්ත විශ්වයේම සියලු මිනිස් ලෝක ආශ්‍රිතව ඇති දිව්‍ය ලෝකවල සියලු දෙවිවරුන්, බ්‍රහ්මයන් යටත්ය. එනිසා සමස්ත විශ්වයේ සියලු දෙවි දේවතාවුන්ගේ නායක වන්නේ සක්‍ර දෙවිඳුන්ය.

සක් දෙවිඳුන් යනු අතීත සංසාරයේ බොහෝ කාලයක් දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මැනවින් ඉහළ පරිසාදන මට්ටමකින් අසාමාන්‍ය ලෙස සිදුකළ උත්තමයෙකි. එම පුණ්‍ය මහිමය නිසාම සක්‍ර දෙවියන් අසාමාන්‍ය ආලෝකයක් විහිදුවාලීමේ හැකියාව ඇති රශ්මි මාලාවකින් යුතුය. සක්දෙව් පදවිය ප්‍රණීත නම් දේව කුලයට අයත් කිසිදා වෙනස් නොවන තනතුරකි. කාලයෙන් කාලයට මෙම සක්දෙව් පදවියට බොහෝ පින් ඇති දිව්‍ය ලෝකයේ අනේකවර ඉපිද දිව්‍ය සම්පත් විඳ ඇති විශ්වය පාලනය කිරීමේ දැනුම මෙන්ම බොහෝ අත්දැකීම් බහුල සිල්වතුන් උත්තමයන් පත්වේ. ඒ එසේ මුත් මුළු විශ්වයටම සිටින්නේ එක් සක් දෙවිකෙනකු පමණි.

සක්දෙව් පදවියට පත්වීමට පින පමණක් ප්‍රමාණවත් නොවේ. බොහෝ ශීලාදී ගුණ දහම් පිරිය යුතුය. එලෙස සක් දෙවි පදවියට පත්වන එක් එක් සක් දෙවිඳුන්ගේ පුණ්‍ය මහිමය විවිධාකාර බැවින් ඒ ඒ සක් දෙවිඳුන්ගේ ශක්ති මට්ටමද බලයද විවිධය. වෙනස්ය. සාමාන්‍යයෙන් සක්‍ර දේවේන්ද්‍ර තනතුරට පත්වනුයේ මත්තට සම්මා සම්බුදු හෝ පසේබුදු හෝ වන බෝධිසත්ව උත්තමයෙකි. දෙව්ලොව දෙවිවරු අතරින් බලයෙන් හා පිනෙන් බලවත්ම දෙවිවරු සක් දෙව් පදවියට සුදුසුකම් කියයි.

එලෙස පිනෙන් හා බලයෙන් අන් දෙවිවරු පරයන්නේ ඉතා ඉහළ මට්ටමින් සිල් රැකීම හා ධාර්මිකව පිරිසුදුව ප්‍රිය උපදවන අයුරින් උසස් ලෙස දන්දුන් අයය. එනිසා මහබඹු හෙවත් මහා බ්‍රහ්මයන්ට දෙවැනි කොට සමස්ත විශ්වයේම සියලු දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පාලන එකම දෙවියන් පෙර කී සේම සක්‍රයාය.

පොතපතේ සඳහන් වන ආකාරයට සක් දෙවිඳුන් මිනිස් ලොව විවිධ නාමයන්ගෙන් යුත් අවතාරවලින් පෙනී සිටි එනම් විවිධ රටවල විවිධ ජාතීන් විවිධ නම්වලින් එකම සක්‍ර දෙවියන් හඳුන්වනු ලබයි. එසේම අදහනු ලබයි. එලෙස සක් දෙවිඳුන් හඳුන්වන නාමයන් ලෙස ඉන්දු, අනු, තෝර්, අමුන්, සියුස්, ජුපිටර්, ටෙශුබ්, යුක්කෝ, සක්‍ර, පෙරුන්, හෙණරාජ, වජ්‍රසන්ව, වජ්‍රපානී, ටීනියා, ටයිශකුටෙන්, ඩිශිටයෑන් හා ජෙඞ් එම්පයර් ලෙසිනි. එසේම ඉන්දු, සුරරද, සුරපති, සක්දෙව්, ඉඳුරු, සහසැස්, සුරනිඳු, මහේන්ද්‍ර, සක්ඉදු, වජ්‍රපානී, විදුරවි, නිදස්රූ, දික්පති, පුරන්දර, විදුරන්, හරි සුරරු, සුරගුරු ආදී පර්යාය නාම රැසකින්ද සක් දෙවිඳු හඳුන්වනු ලබයි.

සක් දෙවිඳුන්ගේ බිරිය ප්‍රණීත දෙවි කුලයටම අයත් ඉන්ද්‍රාණී නම් වන්නේය. සක්‍ර දෙවිඳුන්ගේ සක්‍ර භවන මහාමේරු පර්වතයේ අමරාවතී දිව්‍ය ප්‍රාසාදයේ හා වෛජන්ත ප්‍රාසාදයේ වේ යැයි කියැවේ. සක්‍ර දෙවිඳුන්ට දේව දාසයන් ලෙස අල්පේශාක්‍ය හීන දෙවිවරු කීප පළක් සේවය කරති. ඒ අතර සක් දෙවිඳුන්ගේ වාහනය ලෙස සැලකෙන හිස් තුනක් හා දළ සතරකින් හෙබි යැයි කියැවෙන ධවල හස්ති රාජයාද එනම් ඓරාවණ දෙවිඳුද වීණා වාදනය කරන පඤ්චශික දෙවිඳුද රියැදුරු වූ මාතලී දෙවිඳුද මූලිකය. මෙම ඓරාවණ හස්තියා පිනෙන් අඩු අල්ප පින් ඇති දිව්‍ය ආත්මයක් විනා තිරිසන්ගත සත්ත්ව ආත්මයන් නොවන වගද දතයුතුය.

බුදු දහමේ සඳහන් වන ලෙසට යම් මනුෂ්‍යයකු සක්දෙව් පදවිය පතයි නම් හෙතෙම අනිවාර්යයෙන්ම සිල්වත්ව දන් පින් කළ යුතුය. අවංක විය යුතුය. සත්‍යවාදී විය යුතුය. කේලම, පරුෂ වචන භාවිතයෙන් තොරවිය යුතුය. සැබෑ මවුපියන්ට සැලකිය යුතුය. ගරු කළයුතු වැඩිහිටියන්ට ගරුකළ යුතුය. හැකිතාක් උපරිමයෙන්ම මෘදු වචන කතා කළ යුතුය.
සක් දෙවිඳුන් සතු ආයුධය මුළු මහත් විශ්වයේම එකක් වූ වජ්‍රායුධයයි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ නිර්මාණයක් වූ වජ්‍රායුධයේ එකම හිමිකරු සක් දෙවිඳුන්ය. සක් දෙවිඳුන්ට පමණක් දර්ශනය කළ හැකි වජ්‍රායුධය සක්‍ර දේවේන්ද්‍රයන්ට අවශ්‍ය නම් අන් දෙවිවරුන්ට මෙන්ම බ්‍රහ්මයන්ට දර්ශනය කළ හැක. මහා බලසම්පන්න ආයුධයක් වූ වජ්‍රායුධය භාවිත කිරීමට අවශ්‍ය ශක්තීන් සියල්ල සක්දෙවිඳුන් සතුය. සක් දෙවිඳුන් මෙම වජ්‍රායුධය ආධාරයෙන් අකුණු, විදුලිය, වැසි කුණාටු ආදිය ඇති කරයි. ඒ අනුව වැසි කුණාටු ඇතිකරන දෙවියන් වනුයේ සක්‍ර දේවේන්ද්‍රයන්ය. තවද මනුෂ්‍යයන්ගේ අධම ක්‍රියා නිසා විශේෂයෙන් පින් දහමෙහි නිරත සත්පුරුෂයන්ට කරනු ලබන අස්ථාන චෝදනා, ගැරහීම්, තාඩන, පීඩන ආදියේදී කෝපවී සක් දෙවිඳුන් අකුණු හා හෙණ ගැසීම් මඟින් එවන් පාපතර ක්‍රියාවන්හි නිරතවූවන්ට අනතුරු ඇඟවීම් හෝ දරුණු දඬුවම් කරන බවද කිව යුතුමය.

සක්‍ර දේවේන්ද්‍රයන් විශේෂයෙන් යහපත් මනුෂ්‍යයන්ගේ දුක් කරදර මැඬලීමට පිහිට වේ. සාමාන්‍යයෙන් චක්‍රවර්ති රජ කෙනෙකුන් නොමැති කාලවකවානුවල මනුෂ්‍ය ලෝක පාලනය කරන්නේ සක් දෙවිඳුන්ය. සක් දෙවිඳුන් සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයන්ට පෙනෙන දැනෙන සේ කිසිත් සිදුනොකළද නොපෙනෙන නොදැනෙන ලෙස සමස්ත විශ්වයටත් සාමාන්‍ය ගුණයහපත් සිල්වත් මනුෂ්‍යයන්ටත් පිහිටවන වාර අනන්තය. අප්‍රමාණය. එසේ පිහිටවීමේ සුවිශේෂී දිව්‍යමය හැකියාව සක් දෙවිඳුන් සතුය. ව්‍යවහාරයේ පවතින ලෙසට සතර පෝයට සක් දෙවිඳුන් දේව වේශයෙන් හෝ සාමාන්‍ය මනුෂ්‍ය වේශයෙන් බොහෝ විට යාචකයකු ලෙස මිනිස් ලොව පැමිණ සැරිසරන බව නොරහසකි.

සක්‍ර දේවේන්ද්‍රයන් ඇදහීම බොහෝ රටවල සුලබව සිදුවේ. ඒ ඉහතදී සඳහන් කළ සේම විවිධ වූ අවතාර නාමයන්ගෙනි. එනිසා අපද සක්‍ර දේවේන්ද්‍රයන් ඇදහීම උතුම් ක්‍රියාවකි. විශේෂයෙන් මහා බ්‍රහ්මයන්ටත් සක් දෙවිඳුන්ටත් තමා යම් පින්කමක් කළ පසු ඒ පින් අනුමෝදන් කිරීම ඉතාම ප්‍රතිඵලදායකය. කරුණු කාරණා කෙසේමුත් මහායාන බුදු දහමට අනුව වජ්‍රසත්ත්ව බෝසතුන් ආරක්ෂා කරනුයේද සක් දෙවිඳුන්මය. එපමණක් නොව යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ මහා බලගතු තෛල ලෙස හඳුන්වන රාජතරංගනී තෛලය හා හෙණරාජ තෛලය සඳහා බන්ධනය කරනු ලබන හෙණරාජ දෙවියන් වනුයේද අන් කවරෙක් නොව සක්‍ර දෙවියන්මය.

තවද සක්‍ර දෙවියන්ගේ ආසනය පාණ්ඩුකම්බල ශෛලාසනය වන අතර එය නිර්දෝෂී සැබෑ සිල්වත් අයකුට යම් අසාධාරණයක් වන විට රත්වී උණුවන බවක්ද පොතපතේ සඳහන්ය. එසේම සක් දෙවිඳුන් වජ්‍රායුධය අත නොදරන අවස්ථාවල එය සුදර්මා නම් දිව්‍ය සභාවේ වූ පාණ්ඩුකම්බල ශෛලාසනයේ දකුණු බාහුව මත තැන්පත් කර ඇති බව සක්‍ර දේවේන්ද්‍රයන් සම්බන්ධ තතුවල සඳහන්ය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

තෙල තෛලය සහ නුවණ

Next Post

නිෂ්පාදනයට ආපු සාරංග

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.