• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඇතුගලදී අතුරුදන් වූ සිංහල කුමාරයා කවුද?

December 7, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ඇතුගලදී අතුරුදන් වූ සිංහල කුමාරයා කවුද?
Share on WhatsAppShare on Facebook

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුවිශේෂී වූ සංකේතය වන්නේ ඇතුගලයි. කුරුණෑගල නගරය ආරක්ෂා කිරීමට නැඟී සිටින දැවැන්ත හස්තිරාජයකු මෙන් ඈතට පෙනෙන ඇතුගල අඩි 476ක් පමණ උසැති පර්වතයකි. මේ පර්වත රාජයා කුරුණෑගල නගරය මධ්‍යයේ පිහිටා ඇත්තේ අක්කර 157ක් පමණ වූ භූමි භාගයක් තුළය. එදා අපේ ශ්‍රී ලාංකේය නිජබිමේ සුවිශේෂී රාජධානියක් වූ වයඹ පළාතේ කුරුණෑගල යනු සිංහල සාහිත්‍යයේද ප්‍රමුඛ ලකුණකි.
ඇතුගල ගැන අද විවිධ පුරාවෘත්ත ඇති අතර එයින් ප්‍රසිද්ධම පුරාවෘත්තය වන්නේ වත්හිමි කුමාර හෙවත් ගලේබණ්ඩාර කතා පුවතයි. එහෙත් ඇතුගල හඳුනන බොහොමයක් මිනිසුන් ඇතුගලට යටව ඇති එම කතාව දන්නේ නැත. එම නිසා අපි අද ඔබට කියන්නේ ඇතුගලට යටව ඇති එම අප්‍රසිද්ධ වූ කතාව ගැනය.

එදා කුරුණෑගල රාජධානියේ රාජ්‍ය කළ රජවරුන් අතරින් ප්‍රසිද්ධම රාජකීය නාමය තිබෙන්නේ දෙවැනි බුවනෙකබාහු රජතුමාටය. එහෙත් එදා දෙවැනි බුවනෙකබාහු (ක්‍රි.ව. 1293-1303) රජතුමාගෙන් පසුව රාජ්‍ය ලබාදීමට ඔහුට පුතකු සිටියේ නැත. අප දන්නා පරිදි එදා රජකම ගියේ පියාගෙන් පුතාටය. නමුත් රජුට පුතෙක් නොසිටියහොත් එම රජකම යන්නේ රජුගේ සහෝදරයාටය. මේ නිසාවෙන් දෙවැනි බුවනෙකබාහු රජතුමා සිටියේ මහත් වේදනාවෙනි. තමාට ඒ රජකම බාරදීමට පිරිමි දරුවෙක් නොසිටියේ ඇයිද යන්න එදා රජතුමාට නිතර නිතර සිතෙන්නට විය. නමුත් එකල රජ මාලිගාවේ සිටිය රාජකීය දෛවඥයන් එයට පිළියමක් සොයා ගත් අතර ඔවුන් පැවසුවේ වෙනත් ආගමක් අදහන තරුණියක රජු බිසව කරගත්තොත් රජුට නිසැක වශයෙන්ම රාජ්‍යය කිරීමට සුදුසු පිරිමි දරුවකු ලැබෙන බවයි. පසුව රජුද ඊට කැමැති වී වෙනත් ආගමකින් විවාහයක් කරගන්නට කටයුතු සම්පාදනය කරන්නට විය.

එදා මෙවැනි ආකාරයෙන් වෙනත් ආගමකින් යළිත් විවාහයක් කර ගැනීමට දෙවැනි බුවනෙකබාහු රජතුමා කටයුතු කිරීම ගැන එවකට ඒ රජ මාලිගාවේ බොහෝමයක් පිරිස් සිටියේ විරෝධයෙනි. එහෙත් රජු අස්වැද්දුම නම් ගමෙන් ඉතා රූමත් මුස්ලිම් ආගමික තරුණියක සොයාගෙන ඇය මාලිගයට කැඳවා යකඩ දෝලියක් කරගෙන විවාහ වූයේ තමාට තමන්ගේ රජ මාලිගාවෙන්ම එල්ල වූ බලවත් විරෝධයන් මැදය. ඒ නමුත් රජු සිතුවේම තමාගෙන් පසුව රජකම දැරීමට තමාගේ ලේ ඇති පිරිමි දරුවකු ගැනම පමණි. එහි ප්‍රතිඵලය වන්නේ සිංහල බෞද්ධ රජකු වූ දෙවැනි බුවනෙකබාහු රජතුමා මුස්ලිම් තරුණියක්ව විවාහ කරගැනීමයි. එම විවාහය ගැන “ගලේබණ්ඩාර උපත” හෙවත් “කාලිංග සිරිමල් එතනා” නම් කවි පොතෙහි කවියෙන් මෙසේ සඳහන් කර ඇත.

තම පුර සිරි බලමින් රජු
ඇතු පිටින
යනවර අස්වැද්දුම නම්
ගම මැදින
දිවසර වැනි තුනු රුසිරෙන්
දිළ තරුණ
මනහර යොන් අඟනක් දැක
සිත ඇලුණ

මෙම විවාහයෙන් පසුව දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ හැට හතක් වූ අන්තඃපුර බිසෝවරු අතරට මෙම මුස්ලිම් ආගමික බිසවද එක් විය. නමුත් එදා මෙම විවාහයට පළමුව එවකට රජුට සිටි අගමෙහෙසිය වූයේ වීරාගල දේවියයි. ඊට පසු විවාහ වූ මුස්ලිම් ආගමික තරුණියගේ නම ෆාතිමා නම් විය. නමුත් රජ මාලිගාව තුළදී ඇය හැඳින්වූ බව සඳහන් වන්නේ “මැද්දේකැටියේ කුමාරි” නමිනි. කාලය ගතවීමත් සමඟ එදා රාජකීය දෛවඥයන් කී පරිදිම මැද්දේකැටියේ කුමාරි බිසව ගැබ් ගත් අතර ඇය පිරිමි දරුවකු වැදුවාය. මේ අතර ඇය එම පිරිමි දරුවා ඉස්ලාම් භක්තිකයකු ලෙසින් ඇතිදැඩි කරගැනීමට අවසර ඉල්ලූ අතර රජුගෙන්ද ඊට අවසර ලැබුණේ ඇය පිරිමි දරුවකු වැදූ ඉමහත් සතුට නිසාය. දරුවාගේ නමද ඉස්ලාම් හෙවත් මුස්ලිම් ආගමේ නමක් වූ අතර එම ඉස්ලාම් නම “මොහොමඞ් ඉස්මයිල්” විය. අවසන රජ මාලිගාවෙන් එම දරුවාට දැඩි විරෝධයක් එල්ල වූ අතර දරුවාගේ ජීවිතයටද එය මහත් තර්ජනයක් වූ බව සඳහන්ය. එහි ප්‍රතිඵලය වූයේ මැද්දේකැටියේ කුමාරි විසින් දරුවා තම හිතවත් පිරිස ජීවත්වෙන බේරුවලට පිටත් කිරීමයි. එහිදී එම දරුවා අරාබි බස මෙන්ම කුරාණයද ඉගෙන ගනිමින් තරුණයකු වූ බව සඳහන්ය.

කාලය ගතවීමත් සමඟ දෙවැනි බුවනෙකබාහු රජුට ප්‍රාදේශීය රජකු සමඟින් යුද්ධයක් වෙනුවෙන් සටනකට යෑමට සිදුවිය. එහිදී දෙවැනි බුවනෙකබාහු රජු යුද්ධය සඳහා යන්නේ තමන්ගේ දරුවා වූ මුස්ලිම් කුමරා ගෙන්වා ඔහුට තමාගේ රජකම පවරමිනි. එදා එම යුද්ධය දෙවැනි බුවනෙකබාහු රජු පහසුවෙන් ජයගනියි. එහෙත් රජු යුද්ධය ජයගත්තද මාලිගයට පණිවිඩය ආවේ රජු එය පරාජය වී ඇති බවයි. එනිසා කනගාටු වූ රජුගේ බිසෝවරු වීරාගල කන්දෙන් පැන සියදිවි නසාගත් බව සඳහන් වෙයි. මේ අතර දෙවැනි බුවනෙකබාහු රජුගේ මරණයද කාලයත් සමඟ සිදුවූ අතර ඉන්පසුව කුරුණෑගල රාජධානියේ රාජ්‍යත්වය සඳහා පත්වන්නේ කලින් කී මුස්ලිම් කුමරාය. ඔහු එදා රාජ්‍යත්වයට පත්වන්නේ “වත්හිමි බණ්ඩාර රජතුමා” නමිනි. එම රජුගේ ඇමැති මණ්ඩලය සඳහාද ඔහු වැඩි වශයෙන් තෝරාගන්නේ මුස්ලිම් ජාතිකයන්ය.

මේ අතරම එදා වත්හිමි බණ්ඩාර කුමරු ඝාතනය කිරීමට රහස් කුමන්ත්‍රණයක්ද සිදුවන්නේ ඉතාමත්ම හොර රහසිනි. ඊට මැදිහත් වන්නේ රජුට අකැමැතිව සිටි දඹදෙණියේ ඉන්ද්‍රජෝති හිමියන් මෙන්ම දෙනගම ඇමැතිවරයා ප්‍රමුඛ සිංහල බෞද්ධයෝය. එම රහස් කුමන්ත්‍රණය සිදුවන්නේ මෙසේය. එවකට කුරුණෑගල රන්තාලිය වැවේ පාවෙන රන් සෙම්බුවක් ඇති බවත් එය ගැනීමට නම් ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් සාදා දින හතක් පිරිත් දේශනා කළ යුතු බවත් වැවේ සිට පිරිත් මණ්ඩපය දක්වා නූලක් ඇද රජතුමා එම නූල අල්ලා පිරිත් ඇසිය යුතු බවත් පැවසීම කුමන්ත්‍රණයේ වූ මූලික පියවරය. පසුව රජු ඊට එකඟ වූ අතර ඇතුගල මුදුනේ හැදූ විශේෂ අසුනක හිඳ වත්හිමි බණ්ඩාර රජු පිරිත් අසන්නට විය. මෙය කුමන්ත්‍රණයක් බව රජු එදා දැන නොසිටි අතර අවසානයේදී සිදුවන්නේ එම රජුට ඇතුගල කන්දෙන් පහළට ඇද වැටීමටය. එදා එසේ ඇද වැටෙද්දී රජු දෙවියෙක් බවට පත්වූ බවත් ඇතුගල පාමුල කැත්තකින් කැලේ කපමින් සිටි මිනිසකුට ඒ දෙවියන් ආරූඪ වූ බවත් පැවසෙයි. අද අප දන්නා කියන ගලේබණ්ඩාර දෙවියන් යනු එම දෙවියන්ය. අදත් එම දෙවියන්ගේ ආයුධය වන්නේ කැත්තකි.

ගලේබණ්ඩාර දෙවියන්ට කැපවූ දේවාල දෙකක් අද කුරුණෑගල තිබේ. එයින් ප්‍රධානම දේවාලය දැනට තිබෙන්නේ ඇතුගල කන්ද සමීපයෙහි ඇති ඇත්කඳ රජමහා විහාරය අසලය. අනෙක් දේවාලය තිබෙන්නේ කුරුණෑගල වත්හිමි මාවතේය. මෙයින් එක් ප්‍රසිද්ධ වූ දේවාලයක් තිබෙන්නේ වත්හිමි බණ්ඩාර රජු එවකට ඇතුගලින් පහළට ඇද වැටුණු ස්ථානයේය. එදා මුස්ලිම් චාරිත්‍රවලට මුල්තැනක් දෙමින් මිහිදන් කෙරුණු එම රජුගේ නිසල දේහය මැදිකොට එම දේවාලය ඉදිකළ බව සඳහන්ය. මේ අතර වත්හිමි බණ්ඩාර රජු ගලෙන් වැටී මැරුණු නිසා ඔහු ගලේ බණ්ඩාර නමින් බිහිසුණු යක්ෂයකු බවට පත්වූ බවටද තවත් මතයකි. එහිදී එම යක්ෂයා කුරුණෑගල රාජධානියට මහත් වූ විපත් සිදුකර තිබේ. පසුව කතරගම දෙවියන් මැදිහත්ව එම යක්ෂයා සීලයෙහි පිහිටුවා ඔහුව ගලේබණ්ඩාර යන නමින් දෙවියකු කළ බව සඳහන් වෙයි. අද එම ප්‍රසිද්ධ දෙවියන් කුරුණෑගල රාජධානියේ තුන්පත්තුව බාරව පත්තිරිප්පුවට ඇළේ දොළේ පෙරහැරට සිංහාසනයට අරං හලඹට මෙන්ම කඩුවට අධිගෘහිතව වැඩවාසය කරන බව විශ්වාසයයි.

වර්තමානයේ ගලේබණ්ඩාර දෙවියන්ව වැඳපුදා ගැනීමට මෙම කුරුණෑගල ඇතුගලට දහස් ගණනින් බැතිමතුන් පැමිණෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් කියා එහි බේදයක් නැත. වාර්ෂිකව පොසොන් පෙරහැරක්ද මෙහි පැවැත්වෙයි. එහිදී ඒ පෙරහැරේ ගලේබණ්ඩාර දේව රූප සහ රන් ආභරණ මෙන්ම එම දෙවියන්ගේ වාහනය ලෙස සලකනු ලබන සුදු අශ්වයකුද ගමන් කරවීම විශේෂත්වයකි. මේ අතර අපගේ බෞද්ධකම මුල්කරගත් මහාවංශය තුළ දෙවැනි බුවනෙකබාහු රජුට පසුව කෙටි කලකට රජකම් කළ මෙම වත්හිමි බණ්ඩාර රජු ගැන සඳහන් කර නැත. එහෙත් ඒ ගැන නිකාය සංග්‍රහයේ සඳහන් කර තිබේ. වර්තමානයේදී ඇතුගල යනු ඉතා ප්‍රසිද්ධ ඓතිහාසික ස්ථානයකි. එය කොතරම් නම් ප්‍රසිද්ධ ස්ථානයක්ද කිවහොත් වත්මන් ඇතුගල යනු කුරුණෑගල නගරයේ ඇති සුවිශේෂීම වූ සංකේතයක් බඳුය.
රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

සෙනසුරු අපලෙට කියාපු විසඳුම

Next Post

සජිත්-කරු හමුවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.