• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිෂ්පාදනයට ආපු සාරංග

December 10, 2019
in Heart
Reading Time: 2 mins read
A A
නිෂ්පාදනයට ආපු සාරංග
Share on WhatsAppShare on Facebook

අමතක වූ යමක් සමාජයට මතක්කර දෙන, ‘ලන්සුපතිනියෝ’ ආලින්දයේ සිනමාව හරහා ප්‍රේක්ෂක සිත් තරණය කරන්නට පටන්ගත්තේ ඉතා මෑතකදීය. සූරාකෑමට ලක්වන පතිනියන් ගැන අගනා පණිවුඩයක් ලෝකයා හමුවේ තබන ‘ලන්සුපතිනියෝ’ ඇත්තෙන්ම මඟ නොහැර නැරැඹියයුතු හොඳ මට්ටම් ටෙලියක් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. ‘ලන්සුපතිනියෝ’ නිර්මාණය ගැන තව තව තොරතුරු සොයන්නට, කතාබහ කරන්නට අප සිත් නොඉවසිලිමත් කළේද ඒ පිළිගැනීමටය. ආරංචියේ හැටියට නම් ‘ලන්සුපතිනියෝ’ විකාශනය වන වෙලාවට ප්‍රේක්ෂකයයෝ ආලින්දයට එකතු වෙති. නොසිතූ ලෙස එයට කදිම ප්‍රතිචාරද ලැබෙමින් පවතී. ඒ ආරංචිය අපට දුන්නේ ‘ලන්සුපතිනියෝ’ නිෂ්පාදක සාරංග දිසාසේකරය. බොහෝ කාර්යබහුලව සිටි සාරංගව ‘හාට්’ වෙත කැඳවාගෙන එන්නට අප ගත් වෑයම මෙසේ ඔබ වෙත අකුරු කරමු.
‘ලන්සුපතිනියෝ’ නමත් වෙනස්. කතාවත් වෙනස් එහෙම නේද?
ඔව්. වෙනස් යමක් කිරීමේ ආසාව සහ උනන්දුව මා තුළ තිබුණේ බොහෝ කාලයක ඉඳලමයි. හා හා පුරා කියා ඒ සඳහා ගත් ආරම්භය තමයි මේ.
ආරම්භය සුබදායක බවයි ආරංචි සාරංග?
ඇත්ත වශයෙන්ම ආරම්භය හිතුවට වඩා සතුටුදායකයි.
‘ලන්සුපතිනියෝ’ ඔබව සොයාගෙන පැමිණි ආකාරය කියනවා නම්?
මෙහෙමයි. රසික සුරවීරආරච්චි තමයි ‘ලන්සුපතිනියෝ’ තිර පිටපත මා වෙත ගෙන ආවේ. ශිවගුරුනාදන් මහත්තයා හරහා තමයි මම පළමුව රසික සුරවීරආරච්චිව හඳුනාගත්තේ. දක්ෂ රංගන ශිල්පීන් සමූහයක් එක්ක වෙනත් විදිහේ චරිත රැසක් සමඟ හොඳ නිර්මාණයකට දායක වීමේ ආසාව මා තුළ තිබෙන අවස්ථාවක තමයි රසික ‘ලන්සුපතිනියෝ’ තිර පිටපත මා වෙත ගෙන ආවේ.
ඒ වගේම ශිවගුරුනාදන් මහත්තයා කියන්නේ මාව එකිනෙකට වෙනස් අන්දමේ චරිත කරා මෙහෙයවූ කෙනෙක්. පළමුව මම ඔහුට ආරාධනා කළා මෙහි අධ්‍යක්ෂණය සඳහා එක්වෙන්න කියලා. නමුත් ඔහුගේ කාර්යබහුලකම නිසා ඉතා සුහදව ඔහු මට පහදා දුන්නා ඒ සඳහා කාලය යොමුකිරීමට අපහසුයි කියා. ඉන් පස්සේ තමයි තුසිත අනුරාධ කියන අපේ කැමරා අධ්‍යක්ෂවරයා සමඟ ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ මෙය නිර්මාණය කළේ.
මෙවැනි කතා වස්තුවකට ඔබේ නිෂ්පාදන කාර්යයෙහි ඉඩ ඇති බව ඔබ රසිකට කියා තිබුණාද?
ඔව්. එවැනි කතාබහක් තුළ මමත් රසිකත්, ශිවගුරුනාදන් මහතාත් කාලයක සිට නිරතව සිටියා. රසිකගේ සංකල්පය බිහිවුණේ එම පසුබිම මතයි.
ඒ කියන්නේ තිර පිටපත තුළ ඔබේ නිර්මාණ හැකියාවද ගැබ්ව තිබෙනවා?
පසුකාලීනව මමත් රසිකත් කතාබහ කොට සමහර අවස්ථාවන්වල වෙනස් වීම් සිදුකළා. නමුත් තිර පිටපතෙහි සංකල්පය නම් රසිකගේ නිර්මාණශීලීත්වය තම ඔහුගේ පෑනට හසුවූවක්.
‘ලන්සුපතිනියෝ’හි පිරිවැය දැරූ ඔබ එහි නරකම චරිතයට දායක වූයේ ඇයි?
මම වියදම් කරනවා කියා සුදු චරිතයක් රඟපෑමේ ආසාවක් මා තුළ වූයේ නැහැ. ඇත්තෙන්ම එය බොළඳ ක්‍රියාවක්. මට ඕනෑ වුණේ යමක් කරන්නට පුළුවන් චරිතයක ජීවත් වීමටයි. එනිසා තමයි පෙනුමත් කළු, ස්වභාවයක් කළු, පහත් ත්‍රීවීල් රියැදුරකුගේ තැරැව්කාර චරිතයක් මම බාරගත්තේ.
අනෙක වෙනත් නිෂ්පාදකයකුගේ යටතේ රඟපාන්නට ඇරැයුම් ලැබුණු විට හෝ මම කිසිම විටෙක ‘අනේ මට නරක චරිත නම් එපා’ කියන වාරණය දැම්මේ නැහැ. ඔවුන් මට පවරන චරිතය කුමක්ද ඒ තුළ මට කළ හැකි යමක් වේද, මම එය ඉටුකරනවා. අනෙක් කාරණය ප්‍රේක්ෂකයන් රංගන ශිල්පියකු වෙතින් බලාපොරොත්තු වන්නේ දක්ෂ චරිත නිරූපණයක් මිස සාන්තුවරයකු නෙමෙයි.
නිෂ්පාදන බලතල පාවිච්චි කර ඔබ නිර්මාණකරණයට කිසියම් වාරණයන් එල්ලකළ අවස්ථා තිබෙනවද?
කවදාවත් නැහැ. මම හොඳ කණ්ඩායම් හැඟීමෙන් ඉතාම සුහදව ඔවුන් හා කටයුතු කළා. ඊට හොඳම නිදසුන වන්නේ අද වැනි ආර්ථික පසුබිමක් තුළ තුසිතගේ සහ රසිකගේ ඉල්ලීම මත කල්තොට වැනි පෙදෙසක මෙහි රූගත කිරීම් ඇරැඹීම සඳහා මම අනුමැතිය ලබාදීමයි. ‘වියදම සැරයි මේක අපහසුයි’ කියා මම ඔවුනට කීවේ නැහැ. හොඳම නිර්මාණයක් සඳහා ඇවැසි හොඳම දේ මම ඔවුනට දුන්නා. ඒ වගේම මේ සඳහා දායකව සිටින අපේ ප්‍රවීණ සහ නවක රංගවේදීන්ට තම නිර්මාණකරණයෙහි යෙදීමට ඇවැසි නිදහස මම ලබාදුන්නා. සත්තකින්ම ඉන් මා ලද තෘප්තිය අපමණයි.
‘ලන්සුපතිනියෝ’හි අවසානය කොටස් සියයද?
අපේ එල්ලය කැමැත්ත සහ බලාපොරොත්තුවද එයයි. නමුත් රූපවාහිනී සේවාවන්වල යම් ඉල්ලීම් පරිදි එය වෙනස් විය හැකියි.
එහි අදහස ‘ලන්සුපතිනියෝ’ කොටස් 500ක මෙගාවක් වන බවද?
අපොයි නැහැ. ‘ලන්සුපතිනියෝ’ නීරස ටෙලියක් ලෙස ප්‍රේක්ෂකයන් විසින් අතහැර දමන තැනට ගෙන ඒමේ අදහසක් මා තුළ නැහැ. ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්හි උණුසුම මධ්‍යයේම එහි අවසානය දැකීම තමයි මා ඇතුළුව මෙයට දායකව සිටින හැම කලාකරුවකුගේම අදහස වන්නේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කවුද මේ සක්‍ර දෙවියෝ

Next Post

ගෝඨා හමුවී රනිල් ගහන්න ගිය ‌ගේමක් එළියට එයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.