ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී රනිල් වික්රමසිංහ මහතා සිදු කිරීමට ගිය සදාචාර විරෝධී වැඩපිළිවෙළක තොරතුරු මේ වනවිට එළියට පැමිණ තිබේ.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඇති වික්රමසිංහ මහතා සාගල රත්නායක මහතාට නීතිය හා සාමය අමාත්යංශය ලබා දී තවදුරටත් සිය අගමැතීත්වය යටතේ ආණ්ඩුව ඉදිරියට රැගෙන යන බවට දැනුම් දීමක් කර ඇත.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට විරෝධය පළ කරමින් කියා ඇත්තේ සුලුතරයක් වුවද නව රජයක් පත්කිරීමට ඉඩ ලබා දීමට වික්රමසිංහ මහතා කටයුතු කළ යුතු බවකි.
ඒ අනුව වික්රමසිංහ මහතාගේ ඉල්ලීමට කිසිසේත්ම ඉඩ ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා දැඩිව දැනුම් දීමත් සමග සිය ස්ථාවරය හකුලා ගැනීමට වික්රමසිංහ මහතාට සිදුව ඇති බව දැනගන්නට ඇත.










