ජීවිතය ලස්සනයි හරහා සිනමා තාරකාවියක් වූ ඇය අද පුංචි තිරයේ අහිංසකාවිය වී හමාරයි. කාලෙකට පස්සේ මහේෂි මධුෂංකා ප්‍රාර්ථනා චරිතය හරහා ඔබ සමීපයට ඇවිත්. ඇයගේ එකම සිහිනය දක්‍ෂතම නිළි හිමි සම්මානය හිමිකර ගැනීම බවයි කතාබහ අතර තුර අපට පැවැසුවේ. ඉතින් ඒ වෙනුවෙන් විවිධ චරිත මවන මහේෂි අප සමඟ කතා කළේ මේ විදියට.
මේ දවස්වල වගේම ගොඩ දෙනෙක්ගේ කතාබහට ලක්වෙලා තියෙන්නේ ප්‍රාර්ථනා චරිතය වෙනුවෙන් කරන මෙහෙවර නිසා නේද?
අපේ රටේ සමස්තයක් වශයෙන් සිදුවන කාලීන ප්‍රශ්නයක් තමයි ඇය ටෙලිනාට්‍ය හරහා කතා කිරීමට උත්සාහ කරලා තියෙන්නේ. පවුලක් තුළ සිදුවන කාලීන ප්‍රශ්නයක්. මම ප්‍රාර්ථනා හරහා ප්‍රතිනිර්මාණය කරනවා. මෙවැනි ප්‍රශ්නවලට අප රටේ ගොඩ දෙනෙක් මුහුණපානවා. ඒ නිසා ජනතාව ඇය ආදරයෙන් වැලැඳගත්තා.
කාලෙකට පස්සේ නේද ඔබ නැවැත ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?
අවුරුද්දකට විතර පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. පුතාගේ වැඩකටයුතු නිසා මම පොඩි කාලයක් ගෙදරට වෙලා ඉන්න කොට තමයි ඇය ටෙලිනාට්‍යයේ පිටපත මගේ සුරතට ලැබුණේ. එය කියවලා බලන කොට ප්‍රාර්ථනා චරිතය තුළින් මට දෙයක් කරන්න පුළුවන් නිසා මම ආසාවෙන් ඇය ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. සමන් කුමාර ලියනගේ හොඳ නිර්මාණ අධ්‍යක්‍ෂකවරයෙක්. ඉතින් මම දෙපාරක් නොහිතා මට ලැබුණු ආරාධනාව භාරගත්තා. මට ප්‍රාර්ථනා චරිතය තුළින් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන්. ඔවුන්ට ලැබෙන පුංචි විවේකයෙන් ඔවුන් කරන්නේ ඇය ටෙලිනාට්‍ය නරඹන එක.
පසුගිය දවස ඔබත් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තා නේද?
මගේ ලොකු ආසාවක් තිබුණා එවැනි තරගයකට සම්බන්ධ වෙන්න. 2019 මිස් ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රහණ කිරුළ මට හිමි වුණා. මේ හැම දේම මට ලැබෙන්නේ මගේ පුතාගේ වාසනාවට කියලයි මම හිතන්නේ. මම ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා.
ඔබට සැමියාගෙන් මොනවගේ සහායක්ද ලැබෙන්නෙ ඔබගේ නිර්මාණ කටයුතු සඳහා?
එයා මටත් වඩා උනන්දුවෙන් මාව දිරිගන්වන එක තමයි කරන්නේ. අපි දෙන්නාගේ එකම සම්පත අපේ දරුවා. මොන දේ කළත් අපි දරුවා ගැන හිතලා තමයි දෙවනුව වැඩ ගැන හිතන්නේ. මගේ නිර්මාණ වැඩකටයුතුවලට ඔහුගෙන් කිසිම බාධාවක් නැහැ. හැමදේම සමබරව කරගෙන අපි සතුටින් ඉන්නවා. පවුලක වටින එකම දෙය සතුට විතරයි.
ජනප්‍රියතාව වෙනුවෙන් ගොඩදෙනෙක් කරන්නේ ගොසිප් මවන එක. ඔබටත් ගොසිප් මවනවාද?
ගොසිප් කියන දේ ඕනෑම කෙනෙක්ට ලැබෙන දෙයක්. ඉතින් සමහරු වුවමනාවෙන් ගොසිප් හදාගන්නවා. මම ගොසිප් කියන දේවල් එතරම් විශ්වාස කරන්නේ නැහැ. මට එහෙම ගොසිප් හැදිලත් නැහැ.
නිලන්ති රේණුකා











