• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙදෙනෙක් එකතු කරන පොරොන්දමේ ඇතුළු පැත්ත

August 2, 2019
in Astrology
Reading Time: 1 min read
A A
දෙදෙනෙක් එකතු කරන පොරොන්දමේ ඇතුළු පැත්ත
Share on WhatsAppShare on Facebook

යුග දිවිය ඉතාම සතුටින් ගතකිරීමට මූලාධාරක වන ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳ අපි අද කතාබහේ යෙදෙමු. පළමුව කේන්දරයේ කුජ (අඟහරු) සිටින තැන පරීක්ෂා කර බැලිය යුතුයි. 1-2-4-7-8-12 තුනක සිටී නම් කුජගේ භෛෟමදෝෂ තත්ත්වය ඇතිවේ. ඉහත සඳහන් රාශි ඕනෑම තැනක දෙදෙනාගේම කුජ සිටීමෙන් දෝෂයේදී විසෙන් විෂ භංග වේ. 2 වැන්නේ කුජ සිටී නම් රවි, රාහු, කේතු ඇත්නම් එයින් දෝෂය නැතිවේ. තවද ස්ත්‍රී කේන්දරයේ 2 වැන්නේ කුජ සිටියදී පුරුෂ කේන්දරයේ 8 වැන්නේ නම් යහපත්ය.
විශේෂයෙන්ම කුජ, ශනි එක් කේන්දරයක පිහිටීම පරීක්ෂාකාරී විය යුතුයි. චන්ද්‍ර ලග්නය මැනවින් පිරික්සුම් කළ යුත්තේය.
චන්ද්‍රයා ජන්ම පත්‍රයේ සිටින තැන සිට 2-7-8 තැනක කුජ සිටීම හරහා යුග දිවියට යහපත් නොවේ. 4 වැන්නේ චන්ද්‍රයා සිටි විට අනෙක් ජන්ම පත්‍රයේ 5 වැන්නේ කුජ සිටීම 4 වැන්නේ සිට 5 වැන්නට දෙවැන්න වේ. සහකාරියගේ හෝ සහකරු කුජ එසේ පිහිටීම අසුබයි. කුජගේ දොස් රහිත නම් අනුර, මාර, සා, මුවසිරස යන නැකැත් හතරෙන් උපන් අයට සුදුසු බැව් භාරතීය මතයකි. නැකැත්, ගණ, යෝනි, රාශි, රජ්ජු යන පොරොන්දම් පහ පමණක් විමසා බලා ගැළපීම් සහිත නම් විවාහයකට යෝග්‍ය බැව් කේරළීය මතයයි. තවද යෝනි පොරොන්දම් නොගැළපේ නම් විවාහය තුළ යම් යම් මතභේද කායිකව ගොඩනැඟෙන බැව් එක්තරා මතයකි. කායිකව නොගැළපීමක් වනු ඇත.
කේන්දරයක ශනි සිටින තැනින් කුජ 7 වැන්නේ හෝ 10 වැන්නේ සිටී නම් දික්කසාදයට මඟපෑදේ.
ස්ත්‍රී කේන්දරයේ 01 ශනි පුරුෂ කේන්දරයේ 07 කුජ, ශනි සිටින තැනින් 7 වැන්නේ හෝ 10 වැන්නේ කුජ සිටීම ස්ත්‍රී, පුරුෂ කේන්දර දෙකම ඇසුරින් පැහැදිලි කරගත හැකිය. ස්ත්‍රී කේන්දරයේ ශනි සිටින තැනින් පුරුෂ කේන්දරයේ 7න් 7 වැන්න බැලිය යුතුවේ. එසේම කුජ 10යේ සිටීමද අසුබයි. තවද ස්ත්‍රී කේන්දරයේ 3 වැන්නේ ශනි සිට පුරුෂ ජන්ම පත්‍රයේ 9 වැන්නේ කුජ සිටි 7න් 7වැන්න බැලීම අනුව ජන්මපත්‍ර පිරික්සා බලා විවාහ වීමට තීරණයක් ගතයුතු වේ. මේ අයුරින් ග්‍රහ හැසිරීම් රටාව යහපත් හෝ අයහපත් බැව් නිරීක්ෂණය කිරීමද අනිවාර්ය වේ. කේන්දරයේ උත්පත්ති ග්‍රහ පිහිටීම හා ග්‍රහ ශක්තිය විහිදී ඇති ආකාරය අනුව විවාහ වීමේදී ස්ත්‍රී පුරුෂ කේන්දර දෙකෙහිම ග්‍රහ පොරොන්දම් පිරික්සා බලා ඒවා ගැළපීම් සාර්ථක තත්ත්වය තුළ තිබේ නම් පමණක් යුග දිවියට පාතැබීමෙන් අතිසාර්ථකත්වයට පත්වීමට හැකිවන බැව් ජ්‍යොතිෂයේ සඳහන්ව තිබේ.
ශනි, කුජ දෝෂය පිහිටි අය විවාහ වීමට නොහැකිව සිටින බැව් නොරහසකි
එක් ජන්ම පත්‍රයක ග්‍රහ දෝෂ තිබේ නම් අනෙක් කේන්දරයේ දෝෂ තත්ත්වය නැත්නම් හෝ අවම නම් කර්මානුරූපීව ජීවිතය ගතකිරීමට සිදුවන නිසා දහමට අනුව යුග දිවිය ගෙනයෑමට හැකි බැව්ද සත්‍යයකි. උපක්‍රමශීලී විය යුතුමයි.
ග්‍රහ දෝෂ තත්ත්වය සමනය කර ගැනීමට අපේ දේශීය ශාන්තිකර්ම, යාගහෝම, යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ඉපැරැණී ඍෂිවරුන් ලොවට හඳුන්වා දී තිබේ. ඒ අනුව වත් පිළිවෙත් අනුගමනය කර ග්‍රහ ප්‍රතිකාරවලින් ශාන්තිය සලසාගෙන යුග දිවියට ඇතුළු වීමෙන් බුද්ධිමත්ව අන්‍යෝන්‍ය සුහදතාවයකින් යුතුව දෙදෙනාම එක් වහලක් යට අවබෝධාත්මකව ක්‍රියා කිරීමෙන් විවාහය ඇදනොවැටී ශක්තිමත්ව ගෙනයෑමට යත්න දැරිය යුතුවේ. ගතට, සිතට මෙන්ම ග්‍රහ දෝෂවලටද නිසි ප්‍රතිකාර තිබේ.
ප්‍රවීණ ජ්‍යොතෂවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Next Post

සෙනසුරු හොඳයි

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.