ඉන්ධන කාර්යක්ෂමතාව අනුව ලෝක වාර්තාවකට හිමිකම් කියන පරිසර හිතකාමී 2020 Kia නීරෝ මෝටර් රථය ඉතාමත් ඉහළ ප්‍රතිචාර මධ්‍යයේ අද කොළඹදී Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් මාධ්‍ය වෙත එළිදැක්වීය.
අශ්වබල 141කින් යුක්ත, තත්පර 8.6කින් පැයකට කිලෝමීටර් 0 සිට 96ක් දක්වා ධාවන වේගයක් ලබාගත හැකිය. ගිනස් වාර්තාවට අනුව ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයකින් කිලෝ මීටර් 32.5ක දුරක් ධාවනය කළ හැකිය. කිලෝ මීටරයකට CO2 ග්‍රෑම් 88ක් පමණක් මුදා හරින අති නවීන පරිසර හිතකාමී මධ්‍යම ප්‍රමාණයේ මෙම SUV රථය Kiaසමාගම විසින් නිපදවා ඇති පළමු හයිබි්‍රඞ් මෝටර් රථය වේ.











