• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අර්ධ සූර්යග්‍රහණයකින් ඇරඹෙන මැයි මාසේ ඇත්ත නැත්ත පටලවයිද?

May 3, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
අර්ධ සූර්යග්‍රහණයකින් ඇරඹෙන මැයි මාසේ ඇත්ත නැත්ත පටලවයිද?
Share on WhatsAppShare on Facebook

2022 වසරේ මැයි, එනම් අදින් ඇරඹෙන මාසය ආරම්භ වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් සිදුවෙමින්ය. මාසයක පළමු දිනයේම අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමේ සුවිශේෂ ග්‍රහ ගෝචරයන් මේ වන විට පවතින ග්‍රහ ගෝචර තත්ත්වයනුත් මීට දිනකට පෙර සිදුවූ සෙනසුරුගේ රාශි මාරුවෙනුත් ලෝකයේ සහ අප රටේ ඉදිරියට සිදුවන්නේ කුමක්ද යන්නත්, ඉදිරි තත්ත්වය කෙලෙසක විසඳේද යන්නත් ජ්‍යොතිෂමය විග්‍රහයන් කර බැලිය යුතුය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ස්ථිරසාර සාර්ථක හෝඩුවාවන් ලබාගැනීමට නම් ඉතා සූක්ෂ්ම අයුරින් ඒ ඒ ග්‍රහ තත්ත්ව ගැන අවධානය යොමුකිරීම ජ්‍යොතිෂවේදියකුගේ වගකීම වෙයි.

ඒ අනුව ඉහත සඳහන් ආකාරයට අද මැයි 01 දින අලුයම 2.13 මේෂ රාශියේදී බෙරණ නැකැතින් පළමු පාදයේ සිදුවන මෙම අර්ධ සූර්යග්‍රහණය 2022 වසරේ පළමු සූර්යග්‍රහණයද වෙයි. එනිසා මෙය මෙම වසර තුළදී ලෝකයේ සහ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට වැදගත් වන වෙනස්කම් රාශියකට හේතු පාදක වන ග්‍රහණ තත්ත්වයක් බව පැහැදිලි වෙයි.

ජ්‍යොතිෂයේ සඳහන් වන ආකාරයට ඍෂි මතය අනුව ග්‍රහණය සිදුවන දිනයත් ඊට දින තුනක් පසුවත් යන දින හතරම කිසිදු සුබ වැඩකට යොදා නොගත යුතු වෙයි. එසේම ග්‍රහණය සිදුවූ රාශියත් නැකැතත් ග්‍රහණය සිදුවන දිනට පෙර දින 7ක් සහ පසු දින 7ක් ඇතුළුව ග්‍රහණය සිදුවූ දිනයත් සමග දින 15ක් සුබ වැඩට යොදාගැනීම නොගැළපේ. ඍෂිවරුන්ගේ එම මතය අනුව පැහැදිලි වනුයේ ග්‍රහණයකදී ලැබෙන සුබ ප්‍රතිඵලයට වඩා අසුබ ප්‍රතිඵල වැඩි බවයි. ඒ අනුව එකී අසුබ සහ ඒ අසුබවලින් පසුව ලැබෙන සුබ ප්‍රතිඵල කෙසේද යන්න විමසා බැලීම වැදගත් වේ.

ලෝකය දෙස බලද්දී ලොව පුරා මෙතෙක් තිබූ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරෙන ස්වභාවයක් පෙන්නුම් කෙරේ. බොහොමයක් රටවල මෙතෙක් සිදුවෙමින් තිබූ දේවල් ඊට හාත්පසින්ම වෙනස් පැත්තකට යොමු කෙරෙන ස්වභාවයක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම එම තත්ත්වය මෙතෙක් යම් යම් ආකාරයට කරගෙන තිබූ අනුමානයන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමක් ලෙසද හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ රටවල් තුළ ඇතිව තිබූ ආරවුල් මැයි මස මුල් සතියේ දෙගුණ තෙගුණ වන ස්වභාවයක් පෙන්නුම් කළද එය කිසිවකු නොසිතූ අවසානයක් පිළිබඳ ඉඟි පළකරමින් සන්සුන් වනු ඇත. ඇතැම් විට එකඟතා ආදිය සිදුවනු ඇත. එහෙත් එයින් ඇතැම් රටවල් කලබල වන තත්ත්වයකුත්, ඔවුන් ගන්නා හදිසි තීරණ නිසා ලොව පිළිගත් නායකයන් අපහසුතාවට පත්වන අයුරුත් දැකගත හැකිය. ලෝකයේ එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු ගින්දරට හෝ උෂ්ණත්වයට සම්බන්ධ මහා අනතුරක් හෝ ඒ හා සමාන පුවතක් අසන්නට සිදුවන කාලයකි.

ලොව පුරා විවිධ රටවල ජලයට සම්බන්ධ අනතුරු ගැන බහුලව අසන්නට ලැබෙනු ඇත. ඒ අතරින් මිනිස් ජීවිත අභියෝගයට ලක්වන පුවත් මැයි මස මුල් භාගයේ අසන්නට සිදුවන අතර ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක් හෝ ව්‍යාපාරිකයකු ගැන ආන්දෝලනාත්මක පුවතක් අසන්නට සිදුවේ. එය කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමක් වන අතර කාලයට සම්බන්ධ කලාවට සම්බන්ධ විශේෂ ප්‍රධානීන්ද ලෝකය පුරා ප්‍රචාරය වනු ඇත. ඇතැම් කලාකරුවන්ගේ නිර්මාණ ලෝකය පුරා අතිශය ජනප්‍රිය වන කාලයකි. ක්‍රීඩාවට සම්බන්ධ අයකුගේ දක්ෂතාවක්ද ලොව ඇගයීමට ලක්වනු ඇත. ලොව ප්‍රසිද්ධ ආයතනයන් ලෝකයට ඉතා වැදගත් නිෂ්පාදනයක් හඳුන්වා දිය හැකි කාලයකි.

ලොවට එසේ වෙද්දී මෙරට තුළද විශේෂිත සිදුවීම් රාශියක් සිදුවන බවට හඳුනාගත හැකිය. ඒ අනුව ඇතැම් සිදුවීම් කිසිවකුට සිතාගත නොහැකි ස්වභාවයක් ගනී. ඇත්ත සහ නැත්ත පිළිබඳ වෙන්කර ගන්නට නොහැකි අයුරින් බොහෝ දේ පටලැවී පෙනෙන කාලයකි. අනුමානයට සිතා සිටි දේවල් මෙන්ම ස්ථිරවම සිදුවනවා යැයි කියූ දේද වෙනස් විය හැකි කාලයකි. කෙසේ නමුත් මාසය ආරම්භයේ ජනතාවට යම් පීඩාකාරී ස්වභාවයක් දැනුණද පසුව එම තත්ත්වය වෙනස් වී යම් සහනයක් ලැබෙනු ඇත. ඇතැම් අය කලක සිට බොරු කියමින් සිටියේ නම් එවැනි දේ හෙළිවන කාලයකි. භයානකයි නරකයි යනුවෙන් වෙන්කොට සිතා සිටි යම් යම් දේ සුබවාදී බව හැඟවෙන කාලයකි. කෙසේ නමුත් මාසයේ අග භාගය හිතන දේට වඩා හොඳ දේ සිදුවන යහපත් ප්‍රතිඵල දෙන කාලයකි.

මෙරට ජනයාට අත්‍යාවශ්‍ය සුවිශේෂ රහස් හෙළිවන කාලයක් බැවින් එවැනි පණිවුඩ අසා ජනයා සතුටට පත්වේ. ජනතා සිත් සතන් තුළ තිබූ අධි පීඩනය ක්‍රමයෙන් පහව ගොස් මැයි මාසය අවසන් වන්නට ප්‍රථම යම් ස්ථාවර බවක් ජන හදවත් තුළ ඇති කෙරේ.

මාසය මුල් භාගයේදී දරුවන් ගැන අවධානය යොමු කිරීම වැදගත් වන අතර යානවාහන පදවන අනතුරුදායක රැකියා කරන අය ප්‍රවේසම් වීම වැදගත් වේ. ජලය සම්බන්ධ අනතුරක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති අතර භූමිය සම්බන්ධ කතාබහක් යළිත් කරළියට පැමිණේ. නව ව්‍යාපාර පිළිබඳ මතවාදයක් රැල්ලක් ලංකාව තුළ පැතිර යන කාලයකි. එයින් ජනතාව ප්‍රබෝධයට පත්වන ස්වභාවයක්ද පෙන්නුම් කෙරේ. කෙසේ නමුත් මැයි මාසය මෙතෙක් පැවති තත්ත්වයන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන කාලයක් බව හඳුනාගෙන කටයුතු කිරීමට සියලු දෙනාම සිතට ගත යුතුය. එසේම තම අනාගත අභිවෘද්ධිය උදෙසා ගත හැකි යම් යම් ක්‍රියාමාර්ග ගැනීමටත් නව ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් මැයි මාසයේ අග භාගය යොදාගැනීම සුබදායක වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

වල්සපුගල ගොවීන් අරගල භූමියට එයි! ලක්ෂ 9ක ගොවීන්ගේ බත්පතට වැලි දැම්මා! මහින්දානන්දගේ රෙදි ගැලවෙන්න සැර කතාවක් කරයි! (VIDEO)

Next Post

දරාගන්න බැරි බඩු මිල අස්සේ පොත්වලට වෙන්න යන දේ හොයන්න අපි ගියා කඩේ!

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.