• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විශ්ව කොඩිකාර දැන් මගේ දරුවෙක් වගෙයි

December 3, 2019
in Heart
Reading Time: 1 min read
A A
විශ්ව කොඩිකාර දැන් මගේ දරුවෙක් වගෙයි
Share on WhatsAppShare on Facebook

ග්‍රහණය, හංස දඩයම මෙන්ම මෑත කාලයේ ජනප්‍රිය තලයට පත්වූ පබා, අමා, උතුම් පැතුම් ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවක රංගනයේ නියැළුණු ඇය ඔබ කවුරුත් දැන හඳුනන රුවන්ති මංගලා. මේ දිනවල ඇය කෝ කියන ප්‍රශ්නය ඔබේ සිත්වල රැඳී ඇත. ඔබ වෙනුවෙන් ඇය ගැන සොයා බලන්නට අපි අමතක කළේ නැහැ. මේ වන විටත් ඇය කාර්යබහුල රංගන චාරිකාවක නිරත වන අතරතුර ඔබ වෙනුවෙන් ඇය අප සමඟ කතා කළා.
පසුගිය දවස්වල රුවන්ති නිර්මාණවලට වඩා ලොකු වෙලාවක් වෙන්කළේ රට වෙනුවෙන් නේද?
අපිට නිදහසේ හුස්ම ගන්න රටක් තිබිය යුතුයි. රට විනාශ වුණොත් මොන දේ කළත් වැඩක් නැහැ. අපි චරිතයකින් හරි ජනතාව සතුටු කරනවා. හැබැයි ජනතාවට සතුටක් ලැබෙන්නේ රට දියුණු වුණොත්. නිදහස් රටකට බලාපොරොත්තුවක් දැන් ඇතිවෙලා තියෙනවා. කලාවට හොඳ කල දවසක් උදාවෙයි කියලා මම හිතනවා.
ඔබට ආදරය කළ ප්‍රේක්ෂකයන් ඔබ පුංචි තිරයට එනකම් බලාගෙන ඉන්නවා. ඒ අඩුව පුරවන්න හැකිද?
ළඟදීම මම ඉන්න ටෙලිනාට්‍යයක් ස්වාධීන රූපවාහිනියේ විකාශය වීමට නියමිතයි. මම ඒ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ අවුරුදු තුනකින් විතර තමයි. අනිත් එක ටෙලිනාට්‍ය විකාශය නොවීමේ ප්‍රශ්න තමයි පසුගිය කාලේ නිර්මාණකරුවන්ට තිබුණේ.
මේ දවස්වල රුවන්තිගේ වැඩකටයුතු කොහොමද?
දැන් ඉතින් පූර්ණකාලීන ටෙලිනාට්‍යවල නිරත වෙලා ඉන්නවා. මේ දවස්වල විනෝජා නිලන්ති නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයක රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නේ.
හැබැයි අපි දකිනා විදියට ඔබ හැම නිර්මාණයකම අම්මාගේ චරිතයට කොටුවුණා නේද?
අම්මාගේ චරිතයට කොටුවුණාට මට ඒ ලැබුණ චරිතවල යමක් කරන්න තිබුණ බව මම විශ්වාස කරනවා. අම්මාගේ චරිත රඟපෑවාට ඒ චරිත සමාජයට දෙන පණිවුඩය වෙනස්.
ඔබ පුංචි තිරයේ වැඩිපුරම අම්මා වුණේ විශ්ව කොඩිකාරට නේද?
‘අමා’, ‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යවලින් පස්සේ නිර්මාණකරුවන් මගේ පුතා විදියට තෝර ගත්තේ විශ්ව කොඩිකාර තමයි. මම හිතනවා අපි දෙන්නා ඒ චරිත දෙක හොඳට කරනවා ඇති කියලා. විශ්ව කොඩිකාර දැන් ඉතින් මගේ දරුවෙක් වගේ. ඔහු හරිම විනෝදයෙන් නිර්මාණයට උපරිම සාධාරණයක් කරනවා.
වර්ණ ටෙලිනාට්‍යයෙන් ඔබ වෙනස් මාවතකට ගෙන ගියාද?
වර්ණ ටෙලිනාට්‍ය අනෙකුත් නිර්මාණ වගේම මට විශේෂයි. ඒ වගේම වර්ණ ටෙලිනාට්‍යයේ මගේ චරිතය නිරූපණයේදී වෙනස් මාවතකට ගෙන ගියා. ටෙලිනාට්‍ය විකාශය වෙනකොට ඒ වෙනස් කොයි ආකාරයකට ගලාගෙන ගියාද කියලා දැකබලා ගන්න පුළුවන්. නිශාන්ත පෙරේරා තමයි වර්ණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුට මම විශේෂයෙන් ස්තුතිය පුදකරනවා වෙනස් මාවතකට මාව රැගෙන ගියාට. රොෂාන් පිලපිටිය තමයි මගේ සැමියාට රඟපාන්නේ. විශ්ව කොඩිකාර නැවැතත් මගේ පුතා වුණා.
ඔබ කලා ක්ෂේත්‍රයේ අප දුටු සුවිශේෂී නිර්මාණ සඳහා දායක වුණ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. එය ගැන කතා කළොත්?
මේ වන විට මම ටෙලිනාට්‍ය සියයකට වඩා ප්‍රමාණයකට රඟපාලා තිබෙනවා. චිත්‍රපටවලට නම් රංගනයෙන් දායක නොවුණු තරම්. ඉදිරියේදී සිනමාවට හොඳ කල දවසක් උදාවෙයි. ඒ හරහා අපට හොඳ නිර්මාණවලට දායක වීමට අවස්ථාව උදාවෙයි කියලා මම විශ්වාස කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජනාධිපතිවරු යා යුතු සක්විති රජවරු ගිය පාර

Next Post

ජෝන් කීල්ස් වෙතින් ‘ප්ලාස්ටිසයිකල්’

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.