• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

තේරෙන බසින් සිසුනට ඉගැන්වූ ගුරුවරයා වසර හතක් හිරේ!

April 2, 2022
in Politics
Reading Time: 3 mins read
A A
තේරෙන බසින් සිසුනට ඉගැන්වූ ගුරුවරයා වසර හතක් හිරේ!
Share on WhatsAppShare on Facebook

සින්ජියෑං ප්‍රාන්තයේ “උයිගර්” ජාතික රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්යවරයකුවන“අධිල් තුර්සන්ට” චීන රජය මහත් ගෞරවයෙන් සැලකුවේය. ඔහු විසින් එරට (චීනයේ)අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඉටුකරන ලද මෙහෙයට උපහාරයක් වශයෙන් එ සේ ඇගයීමට පාත්‍රකරනු ලැබුවේය.

ඒ එ දා ය. මෙයට ටික කාලයකට පෙරය. එ හෙත් මේ වන විට ඔහු සත් (7) වසරකට බන්ධනාගාර ගතකරනු ලැබ ඇත්තේය.මේ මෙ දාය.මේ විශේෂඥයා කෂ්ගාර් කෝනා ෂෙහාර් පළාතේ අධ්‍යාපන පීඨයක රසායන විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂවරයා වන “අධිල් තුර්සන්” ය.

දඟගෙට යැවීම සඳහා ඔහුට පටවා ඇති වරද,චීන ප්‍රතිපත්තියකට (නීතියකට) පටහැනිව කටයුතු කළ බවය.ඒ ඔහු උයිගර් බසින් සිසුනට දේශන පැවැත්වීමය.චීන බස හැරුණු විට වෙනත් භාෂාවක් ඉගැන්වීම චීන නීති පද්ධතිය ප්‍රකාර බරපතල වරදකි.මේ කීර්තිමත් අධ්‍යාපනඥයා තම මව් බසින්(උයිගර්)සිසුනට උපදෙස් දී නීතිය උල්ලංඝණය කර ඇති බව පාලන අධිකාරියේ චෝදනාවයි.

මේ අධ්‍යාපන කීර්තිධරයාගේ සිසුවකු සහ පොලිස් නිලධාරියකු ඔහුට අත්වු දඬුවම පිළිබඳ තොරතුරු සනාථ කර ඇතැයි “ෆ්‍රී ඒසියා”මාධ්‍ය ආයතනය කියයි.

මේ ශිෂ්‍යයා මේවන විට නෙදර්ලන්තයේ පදිංචි “උයිගර් සමාජ ක්‍රියාකාරිකයකු වන “අබ්දුවේලි අයුබ්”ය.

යථෝක්ත චෝදනාව යටතේ “අධිල් තුර්සන්” 2016 වර්ෂයේ දී අත්අඩංගුවට ගනු ලැබ රැඳවම්භාරයේ තබා දඬුවම් නියම කෙරුණේ 2018 දීය.

මේ දුර්ධාන්ත ක්‍රියාව සනාත කිරීමට “අබ්දුවේලි අයුබ්”සන්තකය් තුබූ සියලුම ලිඛිත සාධක අවාසනාවකට මෙන් අස්ථාන ගතවී තිබේ.

එ හෙත් ඕස්ටේ්‍රලියාව විසින් රහසිගතව ලබාගෙන 2021 වර්ෂයේ දී නිකුත් කරන ලද චීන ලියවිල්ලක අන්තර්ගතවූ විස්තරවලින් මේ රසායන විද්‍යාඥයා ද අත්අඩංගුවට ගෙන තිබීම පිළිබඳව ද තොරතුරු මැතදී අනාවරණය වී ඇත.

යථෝක්ත ලියවිල්ලෙන් “සිංජිඈං” පලාතෙන් අත්අඩංගුවට ගැනුණු දස දහසකට (10,000) අධික “උයිගර්”ජාතිකයින් ගේ නාමාවලියක් අනාවරණය වී ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන “ රැඳවුම්”බන්ධනාගාරවල කොටුකර තබා ඇත්තේ “ත්‍රස්තවාදී”හංවඩුව යටතේය.


උයිගර් බසින් සිසුනට දේශන පැවැත්වීමේ චෝදනාව යටතේ අධිල් තුර්සන් කොටු කෙරී ඇතත් එය සාපරාධී ක්‍රියාවක් බව ඔහුගේ ශිෂ්‍ය “අබ්දුවේලි අයුබ්”පවසයි.

උයිගර් භාෂාව සහ සංස්කෘතිය ද විෂය වශයෙන් චීන භාෂාවෙන් ඉගැන්විය යුතු බව නියමය විය.එ හෙත් උයිගර් ශිෂ්‍යයින් කිසිවකු චීන භාෂාව දැනගෙන සිටියේ නැත.වෙනත් භාෂාවකින් ඉගැන්වීම නීතියෙන් තහනම් වුවත් විෂයධාරාව සිසුනට අවබෝධකරවීමේ වෙනත් විකල්ප මාර්ගයක් ද නො වූ හෙයින් දේශකයා උයිගර් බසින් දේශණ පැවැත් වූ බව “අබ්දුවේලි අයුබ්” පැහැදිලි කර තිබේ.

මෙමගින් චීන පාලනයේ අරමුණ උයිගර් භාෂාවත් සංස්කෘතියක් දියකර හැරීම බව සුළුතර උයිගර් ප්‍රජාවගේ මතයයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කණ්ඩායම් රැස්වීමේදී ජනපති විතරක් කතා කරද්දී මහින්දයි බැසිලුයි වචනයක්වත් ‌කතා නොකිරීම ගැන ආණ්ඩුව ඇතුළේ ලොකු කුතුහලයක්!

Next Post

රොෂාන් රණසිංහත් ඇමැතිකමින් අයින් වෙයි! පොහොට්ටුවේ සංවිධායකකමත් එපා කියයි! ජනපතිට යවපු ලියුම මෙන්න!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.