• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සල්ලි ගිලපු MH – 17

November 29, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සල්ලි ගිලපු MH – 17
Share on WhatsAppShare on Facebook

ගුවන් අනතුරක් යනු සාමාන්‍ය මට්ටමේ අනතුරක් නොවේ. එය ගුවනේ සිදුවිය හැකි මාරාන්තික අනතුරකි. වර්තමානය වන විට ලෝකයෙහි තැනින් තැන සිදුවෙන ගුවන් අනතුරු ගණන ඉතා ඉහළය. එම නිසා මිනිස් ජීවිත බොහෝ ප්‍රමාණයක් එකවර ලෝකයාට අහිමිවෙයි. අප මීට ඉහතදී ඔබට ගුවන්යානා කළු පෙට්ටිය ගැන කියා තිබේ. අද දිනයේ ඔබ වෙනුවෙන් කියන්නේ පසුගිය වසරකදී සිදුවූ මාරාන්තික ගුවන් අනතුරේ දැන් කතාව ගැනය. එය ඇසුවහොත් සමහර විට ඔබ පුදුම වනු ඇත. ඊට හේතුව ඔබට ඔබේ පරම්පරාවන් එකසිය ගණනක්ම ජීවත්කළ හැකි ඉතා විශාල මුදල් සම්භාරයක් එම ගුවන් අනතුරට යට වී ඇති නිසාය.

ලෝකයේ ගුවන් අනතුරක් ගැන සෙවීමට යටකළ වැඩිම මුදල් කන්දරාව යටකරන්නට සිදු වූයේ මීට වසර පහකට පෙර අතුරුදන් වූ MH 17 ගුවන් යානයටය. මීට ඉහතදී එවන් විශාල මුදල් කන්දරාවක් ගුවන් යානා අනතුරක් වෙනුවෙන් යට කර නැත. ඊට හේතුව මීට කලින් සිදු වූ ගුවන් යානා අනතුරුවලදී කළු පෙට්ටියේ දායකත්වයෙන් එම අනතුරුවල සියලු තොරතුරු සොයාගැනීමය. එහෙත් MH 17 ගුවන් අනතුර යනු සැබෑවටම අබිරහස් ගුවන් අනතුරක් විය. එම අබිරහස කෙතරම්ද කිවහොත් අදටත් එම ගුවන් යානයේ අනතුර ගැන නිශ්චිත නිගමනයකට පැමිණ නැත. අනතුරට හේතුව යම්කිසි ප්‍රහාරයක් එල්ල වීම බව පැවසුවද එය එතරම් විශ්වාස කළ නොහැකිය. එමෙන්ම විටින් විට හමු වූ ගුවන් යානා කොටස්ද MH 17 ගුවන් යානයේ තිබූ කොටස්ම බව තහවුරු වූයේද නැත.

2014 ජූලි 17 යනු මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 නම් ගුවන් යානය අතුරුදන් වූ දිනයයි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපොළේ සිට ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබියදී මෙම යානය අතුරුදන් විය. ඉන් මිනිස් ජීවිත 298ක් විනාශ විය. මෙම මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 17 හෙවත් MH 17 යනු මැලේසියා ගුවන් සේවයට අයත් සාමාන්‍ය අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන් යානාවකි. විදෙස් ආරංචි මාර්ග එහිදී පවසා සිටියේ භූමියේ සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකට ගොදුරු වීම නිසා යුක්රේනයට අයත් ප්‍රදේශයකදී එය විනාශ වෙන්නට ඇති බවයි. මෙම MH 17 ගුවන් යානය අතුරුදන් වූ අවස්ථාවේදී එහි එදා ගමන් ගනිමින් සිටි 298ක් වූ පිරිසෙන් 283ක් පමණ සිටියේ මගීන් බවත් ඉතුරු 15ක් වූ පිරිස එහි කාර්ය මණ්ඩලය බවත් තහවුරු විය.

මෙම MH 17 ගුවන් යානය එදින ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපොළෙහි G 03 ප්‍රවේශය හරහා ජාත්‍යන්තර සම්මත වේලාවෙන් පැය 10:14 ගමන් අරඹා ඇති අතර එය ක්වාලාලම්පූර් වෙතට පැය 22:00 වන විට පැමිණීමට නියමිතව තිබූ බව පැවසෙයි. එම ගුවන් කලාපය තුළ සියලුම ගුවන් මාර්ග පිළිබඳ වගකීම දරන “යූරෝකන්ට්‍රෝල්” ආයතනය පවසන අන්දමට අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානය අඩි 33,000ක පමණ ඉතා ඉහළ පියාසැරි මට්ටමක පැවති බවද සඳහන් කර තිබේ. මැලේසියානු ගුවන් සේවය පවසන ආකාරයට අතුරුදන් MH 17 ගුවන් යානය සමග තිබූ යුක්රේන ATC සම්බන්ධතාවයද පැය 14:15ට ඇනහිට ඇත.

එදා MH 17 ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 298ක් පමණ වූ මගීන් සියල්ලෝම මැලේසියානු ජාතිකයෝ නොවූහ. ඔවුහු එක් එක් රටවල අය වූහ. ඒ අතරින් වැඩිම මගීන් ප්‍රමාණයක් ලෙස සිටියේ නෙදර්ලන්ත ජාතිකයන්ය. එමෙන්ම කැනඩා සහ නවසීලන්ත ජාතිකයන් දෙදෙනෙක්ද ඒ අතර විය. තවද ඕස්ටේ්‍රලියානු සහ මලයාසියානු ජාතිකයන්ද එහි වූ බව සඳහන් වෙයි. කෙසේ වුවද ගුවන් යානය අතුරුදන්වීමෙන් පසු එහි සිටි මගීන් ප්‍රමාණය පිළිබඳ මැලේසියානු ගුවන් සමාගම විදෙස් මාධ්‍ය වෙත මෙසේ දත්තයන් වාර්තා කර තිබිණි.
නෙදර්ලන්ත ජාතිකයන් 193
මලයාසියානු ජාතිකයන් 43
ඕස්ටේ්‍රලියානු ජාතිකයන් 25
ඉන්දුනීසියානු ජාතිකයන් 12
එක්සත් රාජධානි ජාතිකයන් 10
බෙල්ජියම් ජාතිකයන් 04
ජර්මන් ජාතිකයන් 04
පිලිපීන ජාතිකයන් 03
කැනඩා ජාතිකයන් 01
නවසීලන්ත ජාතිකයන් 01

මේ අතර මෙම MH 17 ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා මලයාසියානු ජාතිකයන් බව පැවසෙයි. එමෙන්ම එහි සිටි මගී ප්‍රමාණයෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවක් නෙදර්ලන්ත ජාතිකයන් වීමද තවත් විශේෂත්වයකි. එමෙන්ම මෙම ගුවන් යානයේ සිටි 298ක් වූ මගී පිරිස අතරින් 80ක්ම සිටියේ කුඩා දරුවන් බවද පැවසෙයි. කෙසේ හෝ විටින් විට මෙම ගුවන් අනතුර ගැන විවිධ මත පළවුවද අදටත් මෙම MH 17 ගුවන් යානයට සිදු වූ දෙය අබිරහසකි. එම නිසාම මෙම අනතුර ගැන සොයා බලන්නට යටකළ මුදල සුළුපටු මුදලක් නොවේ. එම මුදල හැඳින්වෙන්නේ ලෝක ඉතිහාසයේ ගුවන් අනතුරක් වෙනුවෙන් යට කළ විශාලතම මුදල් සම්භාරය ලෙසනි.

නලින්ද සම්පත්

SendShareShare
Previous Post

බහින කලාවට තිත තියපු වාස්තු රහස

Next Post

රාජකීය සත්කාරයකට වාසල

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.