පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මහියංගනය ප්‍රාදේශීය සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහියංගනය ළමා උද්‍යානය ළමාහිතකාමී ලෙස නැවත ප්‍රතිසංස්කරණයට ලක්කර දරුවන් තුළ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම සඳහා උද්‍යානය ඇතුළත හා පිටත යහපත් පුරුදු පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු ප්‍රතිස්ථාපනය කර සවිකරනු ලැබීය.
නවීකරණය කරන ලද ළමා උද්‍යානය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මහියංගනය ශාඛා කළමනාකරු අසංග ඉරෝෂන් මහතා, මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පී.ගුණවර්ධන මහතා සහ මහියංගනය මහජන බැංකු ශාඛා කළමනාකරු සුධීර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහජන අයිතියට නැවත පත්කිරීම සිදුවිය.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් 2015 වසරේ මහියංගනය නගරයේ මෙම ළමා උද්‍යානය ඉදිකරන ලද්දේ ඔවුන්ගේ ප්‍රජා මූලික ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙසිනි. මෙය මහියංගනය ප්‍රදේශයේ දරුවන්ට තම නිදහස් හා නිවාඩු කාලය ඵලදායී ලෙස ගතකිරීමට කදිම විනෝදාස්වාද මධ්‍යස්ථානයක් විය.











