• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබටත් නොදැනී ගෙට රිංගන වාස්තු දෝෂ…

March 7, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ඔබටත් නොදැනී ගෙට රිංගන වාස්තු දෝෂ…
Share on WhatsAppShare on Facebook

අපේ දේශීය සාම්ප්‍රදායික පාරම්පරික මහා වාස්තු විද්‍යාවේ ආරම්භය කෙදිනක දැයි සොයා බැලීම අතිශයින්ම අපහසු වේ. ඉපැරැණි ඍෂිවරුන් දහඅට දෙනකු ලොවට ප්‍රකාශ කර ඇති අන්දමට එදා සිට මේ දක්වාම නිවෙස් ඉදිකිරීමේදී විවිධ හැඩ තල රිද්ම රටා මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් හරහා කෙරෙන බැව් පැහැදිලිය.

ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය සහ බ්‍රහ්ම පාදය ලෙසින් කොටස් හතරකි. මේවා බෙදා වෙන්කිරීමට ඇති දුෂ්කරතාවක්ද පැනනඟී. භූමිය ආශ්‍රිතව යම් යම් වාස්තු දෝෂ අඩුපාඩුවක් ඇතිවූවත් ඉහළ ආකාශ ස්ථරයේ එයට කිසිදු බලපෑමක් ඇති නොවේ. විශේෂයෙන්ම වාස්තු පුරුෂ භූමි ආදී ක්‍රමවේදයන් හරහා පැනනඟින ඇතැම් ගැටලුය.

කෙසේ වෙතත් නිවෙසක් ඉදිකිරීමේදී බ්‍රහ්ම පාදය හෙවත් අති පාරිශුද්ධ වූ කොටසක් ලෙස මෙය හඳුන්වනු ලැබේ. පැරැණි කාලයේ නිවාසවල මැද මිදුලක් තබා ඇත්තේ සමහර විට බ්‍රහ්ම පාදය නිදහස් කර දොස් නසා නිවෙස ඉදිකිරීමේ උපාය මාර්ගයක් නිසාද විය හැකිය. පැරැණි දවස ඉදිකරන ලද සමහර නිවාස කලාතුරකින් දක්නට ලැබේ. ඒවායේ සියලු ඉදිකිරීම් කර ඇත්තේ වාස්තු විද්‍යාවට එකඟව බව පරීක්ෂා කිරීමේදී හෙළිවේ.

අපේ දේශීය සාම්ප්‍රදායික වලව්වක් වූ සිටුමැඳුර අතිශයින්ම දේශීය සාම්ප්‍රදාකි වාස්තුවට අනුකූලව නිමකර ඇත. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ අතිශයින්ම සිත්ගත් චමත්කාර වටපිටාවක පිහිටා ඇති වසර 300කට වඩා පැරැණි මේ වලව්ව වාස්තුවට අදාළ පරිදි කලාත්මකව එදා ගොඩනගා තිබෙන බැව් පැහැදිලිය.

වත්මන්හි නිවාස ඉදිකිරීමේදී බාහිර අලංකාරය මෙන්ම ඇතුළත වාස්තුව ගැනද වැඩි උනන්දුවක් දැක්විය යුතුය. සියලු වාස්තු විද්‍යා ගොඩනැගී ඇත්තේ ආරම්භක, නිර්මාණ, පාරිසරික, භාවිතය (හැසිරීම) සහ අනියමිත යන්නෙන් දැක්වෙන පංචම ස්ථරය නම්වූ කරුණු පහක් මතය.

ආරම්භ දෝෂ
ලණු ඇදීම, අත්තිවාරම් කැපීම, මුල්ගල සහිත නිදන් වස්තු තැබීම, ගෙහිමියාගේ උපන් නැකැතට අශුභ වීම, තත්කාල පංචාංගය සහ ග්‍රහ පිහිටීම අශුභ වීම, මේසන් (පෙදරේරු) හා වඩු කාර්මිකයන් අතින් වැරැදෙන වාස්තුමය දෝෂ, භූමි දෝෂ, භූත, බහිරව ආදී දෝෂ ආදියත්, ගෘහණිය ගැබ්ගෙන තිබෙන කාලවකවානුවකත්, මල්වර වීම් ආදියද මෙයට මූලිකව බලපෑම් ඇති කරයි.

නිර්මාණ දෝෂ
අශුභ දිශානුගත වීම, නිවෙසේ දිග පළල අශුභ වීම, කාමර වෙන් කිරීම, වහලය ගැසීමේ වැරැදි, දොරටු උළුවහු තැබීමේදී සිදුවන දෝෂ ආදිය නිර්මාණ දෝෂ වන්නේය.

පාරිසරික දෝෂ
ළිඳ, වැසිකිළි, කැසිකිළි, තාප්ප, ගේට්ටුව, මාර්ග කුලුනු, ගස්, බාහිර ගොඩනැගිලි, සුසානාගාර ආදියෙන් යෙදෙන පාරිසරික දෝෂයන්ද බලපානු ලැබේ.

හැසිරීම් දෝෂ හෙවත් භාවිතක දෝෂ
නිවාස ඇතුළත ආගමි වතාවත් නොකිරීම, ද්වේෂසහගතව හැසිරීම, අසභ්‍ය වචන කීම වැනි සමාජ විරෝධී ලෙස වැඩකටයුතු කිරීමද, කුඩා දරුවන්ට පීඩා කිරීමත්, ඔවුන්ට බැණීමත්, තුන්වැනි ශික්ෂා පදය නිවෙස ඇතුළත කඩාබිඳ දැමීමත්, අනියම් සබඳතා නිවෙස ඇතුළත පැවැත්වීමත් නිසා හැසිරීම් දෝෂ හටගනී. නිතර නිතර නිවෙස තුළ ඍණ ශබ්ද තරංග රැස්වීම ඉතා අශුභ වේ.

අනියම් දෝෂ
හදි හූනියම් වින දෝෂ, හදිසි මරණ සිදුවීම, මියගිය ආත්මයන් නිවෙස තුළට කාන්දුවී ගුප්ත ශබ්ද ඇසීම, දුර්ගන්ධය හැමීම ආදියත්, කබරයන්, නාගයන් නිවෙසට නිතිපතා පැමණීම, අකුණු වැදීම, පදිංචියෙන් තොරව දිගු කලක් නිවෙස පාළුවීම ආදියෙන් අනියම් වාස්තු දෝෂ හටගනී.

ඒ ඒ සුබ දිශාවන්ට අනුගතව ආගමික වතාවත් කිරීම, විෂබීජ නාශක සුවඳ ධූපයක් දිනපතා ඇල්ලීම, ප්‍රබල නිවාස ආරක්ෂක යන්ත්‍ර 8ක් නිදන් කිරීම, ලක්ෂ්මී දෙවඟනට පූජා තැබීම, මධ්‍ය ස්තෝත්‍ර ජපකිරීම හැකි නම් නියම (කෘත්‍රිම නොවන) වාලම්පුරියක් මධ්‍ය ලක්ෂ්‍යයේ තබා වතාවත් කිරීම, වහා ගයාත්‍රී මන්ත්‍රය උදේ සවස කියැවීම ආදී සත් ක්‍රියාවන් නිසා වාස්තු විද්‍යාවෙන් හටගන්නා දෝෂ අවම වේ. උපක්‍රමශීලීව නිවෙසේ වාස්තු දෝෂ අවම කරගත යුතුය. විශේෂයෙන්ම අත්තිවාරම් දැමීමේ සිට ගෙවදීම දක්වා ගෙහිමියාගේ ජන්ම නැකතට ඉතා සුව සීහුම් ඇති නැකැත් යොදාගැනීම වාස්තුව දක්වන අනිවාර්ය කරුණ වේ. නිවෙසක දෝෂ පරීක්ෂා කිරීමේදී ගෙහිමියන්ගේ ජන්ම පත්‍ර මෙන්ම ඉඩමේ හැඩතල රටාව, පරිසරය, නිවාස හිමියන්ගේ එදිනෙදා හැසිරීම් රටාව, මාඉම්වැටවල් පිළිබඳවත්, ගේට්ටුව පිහිටි ආකාරයත්, නිවෙසට විවිධ පැතිවලින් යාකරන ලද කාමර ආදියත් පිරික්සිය යුතුව ඇත. එහිදී ඇතිවන මූලික වර්ගීකරණයේදී සුඛ ධනාත්මක පැත්ත වෙනස් විය හැකිය. මේ සුබ වර්ගීකරණයට බාහිරව කාමර එකතු කිරීමේදී මධ්‍ය ලක්ෂ්‍යය වෙනස්ව වෙනත් අශුභ වර්ගීකරණයක්ද සෑදිය හැකිය.

තමාගේ අදහස අනුව හිතුමතේට ප්‍රධාන වූ මුල් ගෙයට කොටස් එකතු කිරීම් කළ යුත්තේ සුබ වාස්තුවට එකඟවය. නොඑසේ නම් වාස්තු දෝෂ ඇති වී හොඳට තිබූ නිවෙසක් නරක් වේවි. මුළු මිනිස් සිරුරම දරා සිටින්නේ ඇටසැකිල්ල මතය. නිවෙසක්ද රැඳී ඇත්තේ ශක්තිමත් නිවැරැදි වාස්තු මත පිහිටි අත්තිවාරම මතය. මේ අනුව විමසා බලන විටදී නිවැරැදි වාස්තුවට එකඟ වාසනාවන්ත නිවෙසක් ඉදිකර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔබ බුද්ධිමත්ව ක්‍රියා කිරීම අනිවාර්ය වන්නේය.
පල තුනේ හෝ හතරේ වහල ගැසීමේදී මුදුන් යට ලීයේ කෙළවරට තවත් පරාලයක් ගැසීම නිසා සොහොන් පරාලය සෑදේ. මෙය බලවත් දෝෂයකි. මුදුන් යටලියේ කෙළවරට කිසිම පරාලයක් ගැසීම සුදුසු නොවේ. මේ එක් කරුණකි. මුදුන් යටලීමට කුරුපා 2-4 වැනි ඉරට්ටේ ගණනක් ගත යුතුය. කුරුපා 1ක් හෝ කැණිමඬල නිවාසවලට අශුභය. උළුවහු උඩ කුරුපා තැබීම අශුභය. ප්‍රධාන දොරටුවට එල්ල වන බාහිර දෝෂ 18ක් වාස්තුවේ දක්වයි. තවද ඉඩමේ පිහිටීමේ රටාව අනුව නිවෙසක් ඉදිකර ගැනීමට ප්‍රායෝගිකව ක්‍රියාකළ යුතු වන්නේය. අවශ්‍ය වනුයේ බුද්ධිමත්ව අත්දැකීම් හරහා වාස්තු උපදේශනය අනුගමනය කර භූමියේ ස්වභාවික පිහිටීම අනුව ප්‍රායෝගිකව වාස්තුවට අනුව නිසි පරිදි යහප්ත නිවෙසක් ඉදිකර ගැනීමය.

ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ගෝඨාගෙන් අලුත් කමිටුවක්! මහින්දටත් එන්න කියයි! සතියකට වරක් රැස්වෙයි!

Next Post

මහ රෑ දොළහට වෙහෙර විහාරවලට එන යන රුවැත්තියන් කවුද?

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.