වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ කරවනැල්ල ශාඛාව පසුගියදා සුබ මොහොතින් නව ලිපිනයක ප්‍රතිස්ථාපනය කෙරිණි.
පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සංවිධාන කෙරුණු එම උත්සවය ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් සහ සංවර්ධන බැංකුකරණ) නිලන්ත මෙනේරිපිටියගේ, සහකාර මහා කළමනාකරු (සබරගමුව පළාත) දුමින්ද දයාවංශ, කරවනැල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩබ්.ඩී. ගයාන් සුරේන්ද්‍ර, මෙහෙයුම් කළමනාකරු (සබරගමුව පළාත) නුවන් සම්පත්, ප්‍රධාන කළමනාකරු (රත්නපුර අධිශ්‍රේණිය ශාඛාව) චමින්ද රණසිංහ, ප්‍රාදේශීය කළමනාකරු (අවිස්සාවේල්ල) රසික ප්‍රේමතිලක, ප්‍රාදේශීය කළමනාකරු (කෑගල්ල) තිලාන් රාජකරුණා, ප්‍රාදේශීය කළමනාකාරිනී (රත්නපුර) දීප්ති ගිරිහාගම සහ කළමනාකරු (කරවනැල්ල ශාඛාව) දර්ශන සිටිසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.











