• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දේශප්‍රේමී ගල් පිළිම සහ බොල් පිළිම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 26, 2022
in Exclusive, Gurudawa
Reading Time: 9 mins read
A A
දේශප්‍රේමී ගල් පිළිම සහ බොල් පිළිම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ප්‍රකට සාහිත්‍යවේදියකු වන, රාජපක්ෂවරුන්ගේ දේශප්‍රේමයේ න්‍යායාචාර්යවරයකුද වූ ගුණදාස අමරසේකර කලකට ඉහත ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ යනුවෙන් පොතක් ලීවේය. ගුණදාස අමරසේකරට අනුව දේශප්‍රේමයේ ගල් පිළිම සහ බොල් පිළිම කවුද කියා දන්නේ ඔහුම විතරය. හැබැයි දේශප්‍රේමීන්ගේ ඉතිහාසය බලන විට හිටියේ එක් ගල් පිළිමයක් පමණි. ඔහු ගාමණී ජයසූරියය. ඔහු 1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් උතුරු-නැඟෙනහිර ඒකාබද්ධ කිරීමට එරෙහි විය. ගිවිසුමට එරෙහි වන අයට එළියට යන්න දොර විවෘත කරල තියෙන්නේ යැයි එවක ජනාධිපති ජේ.ආර්. ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කීවේය. ගාමණී ජයසූරිය තම හෘද සාක්ෂියට එරෙහිව ගිවිසුම පිළිගැනීමට සූදානම් නොවීය.

1987 නොවැම්බර් 10 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නැඟී සිටියේය. එවක නියෝජ්‍ය කතානායක නෝමන් වෛද්‍යරත්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් කතා කිරීමට සිටින නිසා ඔහුට ආණ්ඩු පක්ෂයෙන් වෙලාව දිය නොහැකි යැයි කීවේය. එවක විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක ඔහුට කතා කරන්න තමාගේ වේලාව දෙන ලෙස කීවේය. නියෝජ්‍ය කතානායකවරයා එය කළ නොහැකි යැයි කීවේය. මේ විවාදය මැද ගාමණී ජයසූරිය ආණ්ඩුවෙන් සහ මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන ලිපිය යැව්වේය. ඔහු එදින පාර්ලිමේන්තුවේ කරන්න ආ කතාව පසු කලක පුවත්පතක පළ විය. මේ, ඔහු නොකළ කතාවේ උපුටා ගත් කොටසකි.

‘මොන යම් හෝ රජයක් මෙරට සුළුතරයට වැඩි බලතල දීමට සූදානම් වූ විට අපගේ එක්සත් ජාතික පක්ෂය එයට එරෙහි විය. හොඳම නිදසුන 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමය. එය අහෝසි කරන්න සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයේ විරෝධතාව නිසාය. මේ ප්‍රතිපත්තියෙන් බැහැරව යෑම අපි අපේ හෘද සාක්ෂියට ද්‍රෝහි වීමකි. අපට නිදහස දිනා දුන් ජාතියේ මුතුන් මිත්තන්ගේ කැපකිරීම් අපට අමතක කළ නොහැකිය. මොවුන් තමන්ට පෙර රට ඉදිරියෙන් තියා කටයුතු කළා පමණක් නොව ඒ සඳහා සිය ජීවිතවලින්ද වන්දි ගෙව්වේය.’
ගාමණී ජයසූරිය

මේ සැබෑ දේශප්‍රේමියෙකි. ගුණදාස අමරසේකරට අනුව බොල් පිළිමයක් නොව ගල් පිළිමයකි.

‘එතකොට අද අමරසේකරලා අඹපු ආණ්ඩුවේ ඉන්නේ මොන පිළිමද…’

ගුණදාස අමරසේකරට අනුව අද ලංකාවේ ඉන්නා දේශප්‍රේමී ගල් පිළිමය විමල් වීරවංශය. මේ විමල් වීරවංශ 2019 මැයි 21 එවකට ජනාධිපති මෛත්‍රිපාලට ලිපියක් ලීවේය. ඔහු ඒ ලිපියේ කීවේ ඇමෙරිකානු හමුදා සහිත යුද නැවක් ත්‍රිකුණාමල වරායේ පිටත නවතා ඇති බවත්, එය ඉතා භයානක කුමන්ත්‍රණයක් බවත්ය.

ඇමෙරිකාවේ හමුදාව 6,500ක් සහිත යුද නැව ත්‍රිකුණාමලය ඉදිරියේ. අන්තිම ගිවිසුම අස්සන් කරන්න විදේශ ඇමැති ඇමෙරිකාවේ. ගිවිසුම්ගත සැණින් භටයින් ලංකා භූමියේ. ජනාධිපතිතුමනි, මේ ඇමෙරිකානු මැදිහත් වීම නතර කරන්න.
‘විමල් වීරවංශ – 21.05.2019’

විමල්ලාගේ මෙම ලියුම්වල ප්‍රතිඵලයක් ලෙස විමල්ලාට ආණ්ඩුවක් ලැබුණි. ඒ ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයක් යන්නට මත්තෙන් ත්‍රිකුණාමලයට ඇමෙරිකානු හමුදා ගොඩබැසීය. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ ඇමෙරිකානු ඉන්දු පැසිෆික් කමාන්ඩ් වෙබ් අඩවියේ පළවූ පුවතක්ය.

ලංකාවේ හමුදාපතිට ඇමෙරිකාවේ සංචාරය තහනම් කර තිබියදීත් ඇමෙරිකානු හමුදා ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා හමුදා සමග ඒකාබද්ධ පුහුණු මෙහෙයුම් දියත් කෙරෙයි.
‘ඇමෙරිකානු ඉන්දු පැසිෆික් කමාන්ඩ් වෙබ්අඩවිය – 11.03.2020‘

‘කෝ එතකොට විමල්ගේ දේශප්‍රේමී ගල් පිළිමය..’

මෛත්‍රී – රනිල් ආණ්ඩු කාලයේ ඇමෙරිකාවේ මෙරට හමුදාපතිට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කොට තිබියදී ඇමෙරිකානු හමුදා ත්‍රිකුණාමල වරායට ආවා නම් මොනවායින් මොනවා වෙයිද..?’

අද විමල් ඒ ගැන සද්ද නැත.

ගුණදාස අමරසේකරලාගේ ඊළඟ ගල් පිළිමය පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිලය.

ඔහු 2016 ඉන්දියාවට මෙසේ කීවේය.

‘ආණ්ඩුව කැමැති වුණත් නැතත් මේ ආණ්ඩුව බලයට අරන් එන්න ඉන්දියාව දරපු මහන්සියට තෑගි දෙන්න අද ආණ්ඩුවට සිදුවෙලා තියෙනවා. අද ගිලන් රථ ලෙසට ඉන්දියාවෙන් අපිට දෙන්නේ ට්‍රෝජන් අශ්වයෙක්. මේකේ තිත්ත ඇත්ත තමයි ලංකාවේ ඓතිහාසික හතුරා ඉන්දියාවයි…’
‘උදය ගම්මන්පිල – 2016,’

මෙහෙව් ගම්මන්පිල ඉන්දියාව ලංකාවට ණයට ඩීසල් නැවක් එවද්දී එම නැව පිළිගන්න ගොස් කිව්වේ මෙවැනි කතාවකි.

‘අපිට මේ අවස්ථාවේ ණයට ඉන්ධන සැපැයීමෙන් උදව් කරන්න කියල අපි ඉල්ලීමක් කළා විදේශ රටවලින්. එලෙස උදව්වට ආපු රටක් තමයි ඉන්දියාව. ඉංග්‍රීසි කියමනක් තියෙනවා විපතේදී ඉන්නා මිතුරන් තමයි සැබෑ මිතුරන් කියලා. ඒ නිසා ඉන්දියාව අපේ සැබෑ මිතුරෙක් බව ඔප්පු කරලා තියෙනවා.
‘උදය ගම්මන්පිල- 2022’

මෛත්‍රී – රනිල් ආණ්ඩු කාලයේ ඉන්දියාව ලංකාවට උදව් කරද්දී ඓතිහාසික සතුරෙක් ලෙස ගම්මන්පිලට පෙනුණු ඉන්දියාව අද රාජපක්‍ෂ ආණ්ඩුවට උදව් කරද්දී සැබෑ මිතුරෙක් ලෙස පෙනීම අරුම පුදුමය.

එයිටත් වඩා ලොකුම විහිළුව මෝඩි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පවරා ගන්න එනවා යැයි 2017 මැයි පළමු වෙනිදා ගෝල්ෆේස් පිටියේ මරහඬ දුන්න විමල් වීරවංශ අද ඔහුගේ දේශප්‍රේමී සටන් සගයා වූ උදය ගම්මන්පිල ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට පවරා දෙන විට සද්දෙ වහගෙන සිටීමය.

‘හතරවැනිදා එනවා ඉන්දීය අගමැති මෝඩි. එන්නේ වෙසක් බලන්න, තොරන් බලන්න නෙවෙයි. කියන්නේ එහෙම තමයි. එන්නේ රට පාවලා දෙන ගිවිසුම් අස්සන් කරන්න. රනිලයා යනවා ඉන්දියාවට. තෙල් ටැංකි විතරක් නෙවේ. ත්‍රිකුණාමල නගරයම බාර දෙනවා ඉන්දියාවට…’
‘විමල් වීරවංශ – 01.05.2017’

‘ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දෙන්න ආණ්ඩුව ගන්න යන තීරණය රට පාවාදීමක්.’
‘විමල් වීරවංශ – 22.09.2018’

මෛත්‍රී – රනිල් ආණ්ඩු කාලයේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ගන්න ලංකාවට ආවේ ඉන්දීය අගමැති මෝඩිය. හැබැයි එවකට ජනාධිපති මෛත්‍රි එයට එරෙහි විය. මෙදා ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමල තෙල් ටැංකි බලන්න ඇවිත් තෙල් ටැංකි ඉදිරිපිට ඡයාරූපයක් අරගෙන ගියේය. ගම්මන්පිල ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දණින් ගොස් තෙල් ටැංකි පවරා දෙන්න ගිවිසුම් ගැහුවේය. විමල්ගෙන් සද්ද නැත.

ඊළඟට කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිගේ වඳ සැත්කම්ය. මේ ගැන විමල් වීරවංශ අපූරු කතාවක් කීවේය.

‘මේ වෛද්‍ය සාෆිගේ ගර්භාෂ යුද්ධයේ ගොදුරු බවට පත්වී ඇති මවුවරුන්ට සාධාරණය ඉටු කරන්න මේ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමට භාජනය කර ඇති මව්වරුන් 300ක් තමන්ට කරපු සැත්කම්වලින් පසු දරු ඵල අහිමි වූ බව පවසනවා. මෙය මේ රටේ ඉපදීමට සිටින රත්තරන් දරු පැටවුන් මරා දැමීමක්…’
‘විමල් වීරවංශ – 02.06.2019’

පසුගියදා විමල්ගේ ආණ්ඩුව යටතේ අධිකරණය සාෆිට එරෙහි චෝදනාවලින් ඔහුව නිදොස්කොට නිදහස් කරන ලදී. හිඟ වැටුප් සමග ඔහුව යළි සේවයේ පිහිටුවන්නත් යෝජනා කොට තිබේ.

2019 මැයි 15දා පාස්කු ප්‍රහාරයට පසු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දේශප්‍රේමී ගල් පිළිම දෙකම එක්වී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කීවේ වහබ් අන්තවාදයේ පියවරු ලෙස සලකන රිෂාඩ්, සාලි, හිස්බුල්ලා තමන් ගොඩනඟන පාලනයකට වද්දාගතහොත් තමන් එම ආණ්ඩුවෙන් ඉවත් වන බවය.

‘වහබ්වාදී අන්තවාදයට එරෙහිව ඍජුව හිටගෙන රිෂාඩ්, සාලි, හිස්බුල්ලා වැනි මෙරට වහබ්වාදී අන්තවාදයේ පියවරු තමන් ගොඩනඟන පාලනයකට වද්දා නොගත යුතුයි. ඒ ඍජු මතය අපි අද ජාතිය ඉදිරියේ තබනවා. එහෙම නැතුව ඡන්ද කුට්ටියක් බලාගෙන ජනතාවත් එක්ක හැංගි මුත්තන් කෙළින්න ආණ්ඩුවට හෝ විපක්‍ෂයට සදාචාරාත්මක අයිතියක් නැහැ…’
‘විමල් වීරවංශ – උදය ගම්මන්පිල – 14.05.2019

මෙහෙම කියපු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පහුගිය ජනාධිපතිවරණයේදී හිස්බුල්ලා ගෝඨාභයට ඡන්ද අරන් දෙද්දී සද්දෙ වහගෙන සිටියහ. ඒ වගේම රිෂාඩ්ගේ සහ හකීම්ගේ පක්‍ෂයේ මන්ත්‍රීවරු ගෝඨාගේ ආණ්ඩුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අය-වැයට සහාය පළ කරද්දී අහක බලාගෙන සිටියහ. ලොකුම හිනාව උදය ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගයේදී රිෂාඩ් සහ හකීම්ගේ මන්ත්‍රීවරු ගම්මන්පිලට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමය.

එදා 2015 මෛත්‍රි – රනිල් ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොන්දේසි මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න යද්දී ආරක්‍ෂක අංශ දුර්වල කොට ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන්න යනවා කී විමල් සහ උදය අද ගෝඨාගේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න යද්දී ඉන්නේ වැල්ලේ ඔළුව හංගාගත් පැස්බරුන් මෙන්ය.

ලංකාවේ 1956 විප්ලවයෙන් ආරම්භ වූ දේශප්‍රේමී දේශපාලනයක් තිබුණි. ඒ දේශප්‍රේමී දේශපාලනයේ අවසන් පතාක යෝධයා ගාමණී ජයසූරියය. මේ ඒ දේශප්‍රේමී දේශපාලනයේ අවසන් හෝරාවය. දේශප්‍රේමය දේශප්‍රේමයෙන්ම විනාශ කරන්නේ විමල්ලා, උදයලා වැනි බොල් දේශප්‍රේමී චරිතය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කිරලා මැනලා කියන්න බැරි ගැහැනු ගතිගුණ…

Next Post

BOC කරවනැල්ල ශාඛාව නව නිවහනකට…

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.