• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සුනිල් මාධව ගැන කෙටි සටහනක්!

February 24, 2022
in News
Reading Time: 3 mins read
A A
සුනිල් මාධව ගැන කෙටි සටහනක්!
Share on WhatsAppShare on Facebook

අසූවේ දශකයේ මෙරට සිටි අභීතම පුවත්පත් කලාවේදියා වූ දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන්(77) 23වන බදාදා රාත්‍රී තලංගම කොස්වත්ත රෝහලේදී දැයෙන් සමුගත්තේය.

මා දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස 1984 ජනවාරි පැමිණි විට දිවයින සමාරම්භකයෙකු වූ සුනිල් මාධව පාලන අධිකාරිය සමඟ ‘ගෝරියක්’ දාගෙන නික්ම ගොසිනි.

ඔහු යළි 1985 අවසානයේ යළි දිවයින කතෘ මණ්ඩලයට එක් විය.

දිවයින පුවත්පතේ ලියුම්කරු සේවය කල වසර ගණනාවක් තුළ සුනිල් අයියා සිටියේ මා වාඩිව සිටි මේසයේ සමීපතව පිහිටි දකුණු පස මේසයේ ය. වම් පස මේසයේ සිටියේ විමල් වීරසේකරය. ඉදිරිපස මේසයේ සිටියේ දයා ලංකාපුර සහ ගයරික පේරුසිංහය.

සුනිල් මාධව සමග එදා සිට අද දක්වාම දශක තුනකට අදික කාලයක් මා ඔහු සමග සමීපව ඇසුරු කලේය. සත්‍යය, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔහු කල සේවය සදානුස්මරණීයයි.

මාධවයන් ජවිපෙ 2වැනි කැරළි සමයේ පෙනී සිටියේ ආණ්ඩු විරෝධී මතය නියෝජනය කල තරුණ පරපුර වෙනුවෙනි.

සුනිල් මාධව ප්‍රේමතිලක යනු කෘතහස්ත සාහිත්‍යධරයෙකු වන මීමන ප්‍රේමතිලක ගේ දෙටු පුත්‍රයාය. වසර 1943 උපන් කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලත් සුනිල් මාධව මෙරට ජන හදවත් තුළ ලැගුම්ගත් සොදුරු කවියෙකි. අදීන මාධ්‍යවේදියෙකි. සිළුමිණ පුවත්පතට 1963 ඔහු එක්වන විට එහි ප්‍රධාන කතුවරයා වූයේ මීමන ප්‍රේමතිලකය. ප්‍රවෘත්ති කලාව පිළිබදව ඩිප්ලෝමාවක් බටහිර ජර්මනියේ හැදෑරූ ඔහු වසර 19ක් ලේක්හවුස් ආයතනයේ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකු වශයෙන් දිවයින ඉරිදා සංග්‍රහයේ සමාරම්භක කර්තෘ මණ්ඩලයට එක්විය. වරෙක එහි විශේෂාංග කතුවරයා විය.මාධවයන් සංස්කරණය කල දිවයින සිකුරාදා පුවත්පතේ 8වැනි පිටුවේ ඔහු විසින් ලියනලද සත්‍යවාදියෙකු ගේ දිනපොත විටෙක වෙඩි උණ්ඩයක් සේ හිත් පසාරු කරගෙන යයි. ලක්මිණ, ලක්දිව, හිරු සහ ලක්ජන, ලක්දන පුවත්පත්වල කතුවරයා වූ සුනිල් මාධවයන් ආධුනිකයන්ට නොපැකිලිව අත දුන්නේය. ඔහු ගේ මඟපෙන්වීමෙන් ප්‍රගතිශීලි පුවත්පත් කලාවට අත්පොත් තැබූ පරපුරක ගමන් සඟයෝ බොහෝය.

මීමන ප්‍රේමතිලක විසින් 1965 වසරේ ලියූ “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය“ නම් සිය ජීවිත කතාව කෘතියේ මෙසේ සඳහන් වෙයි.

“කිලිටි කලිසමක් සහ කෝට් එකක් හැඳ, ඉතා බාල ටයි පටියක් කරේ පැත්තකට යන ලෙස අවුල්ව බැඳ, කැන්වස් සපත්තු දෙකක් දෙපය ලාගත් මහාචාර්ය බරුවා දේශනය ආරම්භ කළේය. දිය ඇල්ලක් ඇද හැලෙන්නාක් මෙන් ඔහු අභිධර්මය ඇතුළත් කතාවක් පැවැත්වීය. ඇඳුමෙන් මිනිහකුගේ මොලය මැනිය නොහැකි ය. බාහිර පෙනීමෙන් මිනිහකුගේ දක්ෂතා මැනිය නොහැකි ය.බණී මාධව බරුවා ගැන මා කෙතරම් පැහැදුනේ ද කිවහොත් මගේ විවාහයෙන් පිරිමි දරුවකු ලදහොත් මේ වියතා සිහිවීමට ඔහුගේ නමින් කොටසක් ඒ උපදින දරුවාට තබන බවට මම අදිටන් කර ගතිමි. මා සිතූ පරිදිම 1944 මැයි 22 වැනිදා ශල්‍යකර්මයකින් පසු ඇඩ්ලින්ගේ කුසින් බිහි වූයේ පිරිමි දරුවෙකි. පෑ ගණනක් යන තුරු ඔහුට පණ නො ආවේය. ඔහුට පණ දීම සඳහා අම්ල වායුව නහයට සම්බන්ධ කරන ලදී’.

මීමන ඉතා දුකින්, හඬමින්, වැළපෙමින් ද සොයිසා සූතිකාගාරයේ ගේට්ටුව අසල සිටියේය. ඔහුට සුබ ආරංචියක් ලැබිණ. ඒ දරුවා නම්, අමාරුවෙන් මෙලොව එළිය දුටු සුනිල් මාධව ප්‍රේමතිලක ය.

-ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

විමල්-වාසු-ගම්මන්පිල ඇතුලු කැරලිකාර පක්ෂ 11ක් ඊයෙ රෑ මෛත්‍රිපාලගේ ගෙදර පැය 3ක සාකච්ජාවක!

Next Post

ලයිට් කැපිල්ලට එරෙහි සජබ ටෝච් විරෝධයේ වීඩියෝව එළියට! (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.